අලුත් ගෙදර ජයසේන හෙවත් ගම්මු කතා කරන විදියට නම් නැටුං මහත්තෙයා තොවිල් පවිල් කරන්නට ගියේ සල්ලි බලාගෙනම නොව ඒ ගැන තියෙන ඇම්ම නිසාය.
තුන්වේල අවුරුද්දම කන්නට කුඹුරු වැඩ කරන අක්කර තුනක රබර් කිරි කැපෙන නැටුං මහත්තෙයාට අඩු පාඩුවක් කියා දෙයක් නැති ගානය.
නැටුං මහත්තයාගේ බිරින්දෑ ග්‍රේස් පෙරේරා වුණත් ඒ නම භාවිත කළේ ඉස්කෝලේ යන කෙල්ල සන්දියේ විතරය. ගමේ කවුරුත් කියන්නේ සුදු හාමිනේ කියන නමය. නැටුං මහත්තෙයාගේත් සුදු හාමිනේගේත් එකම දුව චන්දිමා ආණ්ඩුවේ ලිපිකාරිනියකි.
සියෙනෑ කෝරලෙන් ඇවිත් නැටුං මහත්තෙයා සුදු හාමිනේගේ ගෙදර බින්න බැස්සත් උන්දෑ බිරින්දෑ කියන දේ අහන බිරිඳට අඩංගු ස්වාමි පුරුෂයෙක් නොවේ. අවුරුදු ගණනාවක පටන් මේ දෙන්නා දෙමහල්ලෝ විරසකව සිටින්නේ නැටුං මහත්තයා
වෙතින් නිතරම තුන්වැනි සිල්පදේ බිඳෙන හන්දාය.
සුදු හාමිනේ ඒ ගැන වචනයක්වත් කතා කළොත් නැටුං මහත්තෙයා ගුටි පූජාව දෙන්නේ මල් කබරයාට තලන ගානටය. වැරදිකාරයාගෙන්ම ගුටි බඩක් කන්නට බැරි හන්දාම පහු පහු වෙද්දී සුදුහාමිනේ ඒ ගැන කටක් ඇර කතා කළේ නැත.
මේ සේරම සෙල්ලං අවහරයක් වුණේ නැටුං මහත්තෙයා අංසබාගෙන් ඔත්‍පොළ වුණාට පස්සෙදිය. ලෙඩා දුකා වෙලා ඇඳට වැටුණු තමුන්ගේ සැමියා ගැන සුදු හාමිනේ තැකීමක් කළේම නැත. කෙළින් කටින් ඉන්නා කාලයේ මඟුල් හතේ ගියා මදිවාට පෝය හේවිසියට තලන්නැනෙ මටත් තැලුවානං දැන් විඳෝපිය කියා කටින් නොකීවත් සුදු හාමිනේ හිතෙන් හිතා ගත්තාය.
ඒත් ඔය කවුරු කවුරුත් කියන වෙද මහත්තුරු ළඟට නැටුං මහත්තෙයාව දක්කාගෙන ගියේ ළෙන්ගතුකමකට නොව රට්ටුන්ගෙන් නරක නාමයක් අහන්නට අකැමැති නිසාය. කොහොමත් නැටුං මහත්තයා ගමේ උදවියගේ හිත දිනා ගත්තෙකි.
වෙද ගෙදරින් බෙහෙත් ගෙනාවත් ඒවා වෙලාවට කලාවට දෙන්නවත් ලෙඩාට සාත්තු සප්පායම් කරන්නටත් සුදු හාමිනේ උනන්දු වුණේම නැත. ඒ නිසාම ලෙඩ ඇඳට වැටී මාසයක් ගත වෙද්දී නැටුං මහත්තෙයා යළිත් නොඑන්නම යන්නට ගියේය.

තාත්තා මළාට පස්සේ චන්දිමා අම්මා ගැන එහෙමට හොයා බැලුවේ නැත. එහෙම හොයා බලන්නට තරම් වුවමනාවක් තිබුණේද නැත. රස්සාව කරන තැන මිතුරියකගේ මාර්ගයෙන් දැන හඳුනාගත් රජරට පැත්තේ ඉලංදාරියකුත් එක්ක දෙන්නා කැමැත්තෙන් කසාද බැන්දේ නැටුං මහත්තෙයාගේ තුන් මාසෙ දානෙ දෙනවාත් එක්කමය. අම්මාටත් නොකියා කසාද බැන්ද චන්දිමා ඉන් පස්සේ කැන්දාගෙන ඇවිත් ගෙදර බින්න බැස්සුවාය.
දෝණියන්දෑ එහෙම කළත් සුදු හාමිනේ ඒකට ඤං පඤං ගෑවේ නැත. උඹට හොඳනං මයෙ මොකෝ කියා හිතලා නොකර සද්දෙන්ම උන්නේ කොහොම ආවත් බෑනා හිතට ඇල්ලූ හන්දාමය. මේ බෑනත් ඒ කියන්නේ සාගරත් නැන්දම්මාගේ හිත දිනා ගත්තේය.
මේ විදිහට තවත් මාසයක් විතර ගත වෙද්දී සුදු හාමිනේ උන්හිටි තැන ඇද වැටෙන්නට පටන් ගත්තාය. පුදුමය නම් වැටෙන වැටෙන වාරයක් පාසා ඔළුවම පැළෙන එකය. සමහර වෙලාවට සුදු හාමිනේ වැටුණු තැනින් නැගිටින්නේ දුවන කෝච්චියට ඔළුව තිබ්බා වගේ ලේ පෙරාගෙනය.

අම්මා මේ විදිහට ඇදවැටෙන්නේ ස්නායු රෝගයක් හන්දා වෙන්නැති කියා සැකේට චන්දිමා සුදු හාමිනේව පෙන්නුවේ ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට. ඒත් විශේෂඥ වෛද්‍යවරු කියන්නේ බොහොම කරුණු කාරණා දන්න උදවිය නිසා ලෙඩේ කියන්නත් කලින් අරවා මේවා බලාගෙන එන්ඩ කියලා ෆාමසියෙන් ගන්න බේත් තුණ්ඩුත් ලියලා දුන්නා. ඒ ලියලා දුන්නු බේත් ගත්තත් සුදු හාමිනේගේ උඩුකුරුංඤං ගැහිල්ල නැවතුනේම නෑ.
අම්මාගේ මේ සනීප නොවන අසනීපය ගැන චන්දිමා කිව්වේ සමීපතම මිතුරියට.ඒ කියන්නේ යශෝධාට. යශෝධලා දැනට ඉන්න ගෙදර මුල් අයිතිකාරයාට ආචාර්ය උපාධියක් තිබුණු හන්දාද කොහෝද යශෝධාත් ටිකක් විතර පණ්ඩිතයි. ඒ හින්දාම මේ තරම් කාලෙකට චන්දිමා නොහිතපු පැත්තක් යශෝධා පෙන්නලා දුන්නා.
‘දැන් බලන්න චානි ඔයාලගේ අම්මයි තාත්තයි දෙන්නා කාලයක්ම විරසක වෙලා හිටියනේ’
‘ඒක නං ඇත්ත තමයි යශෝ අදටත් අම්මට තාත්තාව වහ කදුරු ගාණයි ’
‘ඒකනේ එහෙම ඉඳලා තාත්තා මැරුණා. ඒ ළඟට ඔයා මැරි කළා. ඊළඟට ඔයයි සාගරයි ඒ ගෙදර පදිංචි වුණා. ඔය දෙන්නා ඉන්නේ ෆුල් ලව් එකේ. මේවා අම්මාට පේනවා. එතකොට චානි ඔයාගේ අම්මාගේ හිතට අප්සෙට්. ඔන්න ඕකට තමයි මෙයා ලිංගික මාත්සර්යය කියන්නේ. ඒක හැදුණු කෙනා එක එක දේවල් කරලා තමුන් ගැන අවධානය යොමු කර ගන්නවා. තමුන්ට මොන තරම් රිදුණත් ගණන් ගන්නේ නෑ… ’
‘හානේ මං ඔය වගක් යන්තම් වත් හිතුවේ නෑ යශෝ…. දැන් මොකද කරන්නේ?’
‘ස්නායු සම්බන්ධව නමෛයි මොළේ සම්බන්ධ ඉස්පෙෂලිස්ට් කෙනෙක් ළඟට එක්කගෙන ගිහින් පෙන්නලා බලන්ඩ…’
මේ විදිහට අම්මාගේ අසනීපය ගැන යශෝධාගේ විග්‍රහය ඉස්මුදුනින් පිළිගත්තු චන්දිමා එදා ගෙදර එද්දීත් අම්මා පඩිපෙළ ළඟ වැටිලා ඔළුව පලාගෙන.

‘මදනයා ඉහට ගහපුවාම ඔහොම තමා’
චන්දිමා එහෙම කියාගෙන ගෙට ගොඩ වුණා. ඒක ඇහිලා සාගරගේ ඇස් දෙක නළලෙනුත් උඩට ගියා.
‘මොකක්ද ඔයා ඒ කියාපු කතාව?’ සාගර ඇසුවා ගේ ඇතුළට යන ගමන්.
‘වෙන මොකුත් ලෙඩක් නමෛයි සාගර අපේ අම්මාට තියෙන්නේ ලිංගික මාත්සර්යෙ?’
‘මොකක්’
‘අර අර තියෙන්නේ ලෙඩක්…. ලිංගික මාත්සර්යෙ’
චන්දිමා කොහොමත් ඕනෑවට වැඩියෙන් පැහිලා කියලා දන්න හන්දා සාගර ඒ වෙලාවේ කට වහගෙන හිටියත් රෑ කෑම වෙලාවෙදී මේ ගැන කතා කළා.
‘ස්නායු දුර්වලකම හරි එහෙම නැත්නම් අර ඔයා කියාපු එක හරි තිබුණා කියලා හැමදාම මෙහෙම බලා හිටියොත් අනිවාර්යයෙන් මේ මනුස්සයා නහිනවා. මේ ඔයාගේ අම්මා වුණත් මට අහක බලාගෙන ඉන්න බැහැ. අපි දැන් දොස්තරලා පස්සේ ගියානේ ඇතිවෙන කල්’
‘හරි එහෙම නං දැන් කොන්දොස්තරලා පස්සේ යං කියලද සාගර කියන්නේ?’
‘මේ කතාව මම කිව්වාම මගෙ යාළුවෙක් දේවාලයක් ගැන කිව්වා. කොහොමටත් මං හිතාගෙන හිටියේ හෙට ඒ දේවාලෙට අම්මාව එක්කගෙන යන්නයි’ සාගර මෙහෙම කියද්දී චන්දිමා කතා කළේ අවඥාවෙන්.
‘කොහොමත් සාගර ඔයාලගේ ඔෆිස් එකේ ඉන්නේ තවමත් ගල් යුගයේ ජීවත් වෙන කට්ටියනේ’
චන්දිමා එහෙම හෑල්ලුවෙන් කිව්වත් සාගර ඒ කතාව ගාණකට ගත්තේ නෑ’
‘ඔයා හඳට ගිය යුගේ හිටියත් කමක් නෑ. මං කියන දේත් කරලා බලමු. හෙට නිවාඩු දවසේ අපි අම්මව දේවාලෙට එක්කාගෙන යමු. හරියන නොයන එක වෙනම වැඩක්. මේක දැකලම මට දැන් මෙහෙ ඉඳිල්ලත් එපා වෙලා තියෙන්නේ.’

ඊළඟ දවසේ සෙනසුරාදාවකි. සාගර තම බිරින්දෑත්, නැන්දම්මාත්, එක්කර ගෙන ගියේ පත්තිනි දේවාලයකටය. පත්තිනි දේවාලෙකට කීවාට ආරූඪෙන් සාත්තර කියන තැනකටය. මහා පත්තිනි දේවාලය යනුවෙන් රිජිෆෝම් ෂීට් එකක පැස්ටල් කූරකින් ලියා තිබේ. මේ තුන්දෙනා එතැනට යනවිටත් තවත් දහ දොළොස් දෙනෙක් පෝළිමේ සිටියේ සාත්තර අහන්නට තමුන්ගේ වාරය එන තුරුය.
චන්දිමා කියන හැටියට නම් මේ සේරම උදවිය ගල් යුගයේ මිනිස්සු. මොනවා වුණත් සාගර නැන්දම්මාව මෙතැනට කැන්දාගෙන ආවේ උන්දෑ විඳින දුක පෙනි පෙනීම අහක බලාගෙන ඉන්නට බැරි හන්දා මිසෙක මෙතැනින් මේ අලකලංචිය කෙළවර වේ යැයි විශ්වාස කරන නිසාම නොවේ. මේ වෙද්දී සුදු හාමිනේගේ ඔළු කට්ට කොක්කු දෙන්නා එක්ක අහසින් ගිහින් බිමට දෙරි ගැහිච්ච ඉබ්බාගේ කට්ටට සමානය.

තමුන්ගේ වාරය පැමිණි විට දේවාලයට ඇතුළු වුණේ තුන්දෙනාමය. කියන දෙයක් තුන් දෙනාම අසාගත යුතුය. පඬුරු සහිත බුලත් හුරැල්ල භාරගත් මැදිවියේ කපුරාල බෙල්ලත් එක්කම ඔළුව කරකවන්නටත් යටි උගුරෙන් අමුතු හඬක් නංවන්නටත් පටන් ගත් විට චන්දිමාගේ දෙතොලතර පැතිරුණු ඔලොක්කු හිනාව නොපෙනෙන්නට සාගර ඉවත බලා ගත්තේය.
මේකා පණ පිටින් ඉන්නැද්දි නිකං යකා මළාට පස්සේ ගෙවල යකා. මේ කියන්නේ දරුවෝ උඹේ මැරිච්ච වාහෙ ගැනයි තේරුණාද ?’
‘එහෙමයි තේරුණා ’
උඹේ මැරිච්ච වාහේ ගෙවල යකෙක් වෙලා ගේ ඇතුළෙම ඉන්නවා. වැඩිපුරම ඉන්නේ වී පෙට්ටියට උඩින් තියෙන බාල්කේ. එතැන කුරුසෙ හැඩේට යටලී මූට්ටුවක් තියෙනවා. අන්න ඒකේ තමයි ඉන්නේ.’
‘එහෙමයි’

‘එතැන ඉඳගෙන තමයි මේ ගෙවලාය… මූ මහ දරුණු එකා… උඹව දක දොයියං ගස්සන්නේ. වැටෙන වැටෙන වාරයක් ගානේ උඹේ ඔළුව පැලිලා ලේ ගලනවා. එතකොට මේ ගෙවල යකා ලේ බොනවා. එකෙන් තමයි ඌ රැකෙන්නේ… තේරුණාද උඹට?’
‘එහෙමයි තේරුණා’
‘මෙහෙ වරෙන්’ කපුරාල ඒ වතාවේ කතා කළේ චන්දිමාටය. චන්දිමා දෑත් ළයේ තබා වැඳගත්තාය. ගල් යුගයේ කතාව ඉල්ලා අස්කර ගන්නට දැන් චන්දිමා සූදානම්ය. ඊට හේතුව මීට කලින් අම්මා වැටෙන විත්තිය කපුරාල නොදන සිටීමය. නොදන්නා නොඇසූ දෙයක් මෙහෙම කියන්නේ කොහොමද බලයක් නැත්නම්?’

‘මේ උඹේ අම්මා’ කපුරාල චන්දිමාට කීවේ බරපතළ විදියටය.
‘මෙහෙම ගියොත් තවත් දෙපෝයක් ගතවෙද්දී මුන්දෑත් එලෝ බලා යනවා තේරුණාද? ඊළඟට මේ ගෙවල යකා මේ විදිහට ලේ බොන්නේ කාගෙන්ද දන්නවාද උඹෙන්’
මෙච්චර වෙලා සීරුවෙන් උන්නු චන්දිමා ඒ කතාවත් එක්කම අටවක හඳ වගේ හැකිලුණා. ඇයි ඉතිං එයා හිතාගෙන ඉන්නේ අම්මට තියෙන්නේ ලිංගික මාත්සර්යය කියන මානසික රෝගයක් කියලනේ. ඉතිං අපි දැන් මොකක්ද මේකට කරන්නේ? චන්දිමා කපුරාලගෙන් ඇහුවේ හොඳටම කලබල වෙලා. ඇයි ඉතිං මේ විදියට වැඩ කටයුතු සිද්ධ වෙලා අම්මා මළාට පස්සේ ඒ ටොපිය කන්න වෙන්නේ තමුන්ටනේ.

‘මං දැන් ඇප නූලක් දානවා. ඊට පස්සේ ඔය විදියට මේ දරුවා වැටෙන්නේ නෑ. දවස් විසි එකක් ඇතුළත ඔය ගෙවල යකාට පිදේනියක් දීලා ගෙදරින් එළවලා දාපුවාම උඹලා ඔක්කෝටම හොඳයි. ඒක කරන කල් සාංගීක දාන දහයක් දුන්නත් වැඩක් නෑ. හිතේ වෛරෙන් මැරිච්ච මෝසුවා ’
ඒ මොහොතේම කපුරාල පත්තිනි මායමින් යුතුව ජීවං කළ නූල් හත් පොටක් සුදු හාමිනේගේ ගෙලේ බැන්දේය. මතෛක් වෙලා නිහඬව සන්සුන්ව සිටි ඇය ඒ මොහොතේ කලබල වූවාය. ආරූඪයකින් මෙන් සුදු හාමිනේ දොඩවන්නට වූවාය.

‘මට නූල් බඳින්ඩ එන්ඩ එපා. මාත් හොඳ කට්ටඩියෙක්. ඔය නූල් මට හරියන්නේ නෑ සුදු හාමිනේ. නොසන්සුන් අයුරින් කියවන්නට වූවාය.
‘උඹ කට්ටඩිකං කෙරුවේ යක්කුන්ටයි, පෙරේතයන්ටයි. පත්තිනි මෑණියන්ට තොයිල් කළේ නෑ නොවැ. හරියයිද වරදියිද බලන්ඩ නූල දානකල් හිටපංකෝ’ කපුරාල සුදු හාමිනේගේ කරට නූල දැම්මේ ඒ විදිහට කියන අතරතුරය. අම්මා කතා කළේ තාත්තා කතා කරන විදියටම බව චන්දිමා තේරුම් ගත්තාය.
කොහොම වුණත් නූල කරට වැටුණායින් පසුව සුදු හාමිනේ තැන්පත් වූවාය. යළිත් පුරුදු විදියටම ඔළුව පහත් කරගෙන දේවාලයෙන් පිටතට පැමිණියාය.

එසේ නූල දමා අදට දින පහළොවකි. එදා සිට අද දක්වාම සුදු හාමිනේ වැටුණේ නැත. නොවැටුණු නිසා ඔළුව පැළුනේත් නැත. ඈ දුවත් බෑනාත් සමගින් දේවාලයට පැමිණ සිටින්නේ ගෙවල යකාට පිදේනිය පුද දී මේ මරමංගල්ලෙන් ඔළුව බේරා ගන්නටය. ගල් යුගයේ ජීවත් වන උදවියටත් යමක්කමක් තේරෙන බව සත් පත්තිනි මෑණියෝ චන්දිමාට උගන්වා තිබේ.
No comments:
Post a Comment