Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts
Tuesday, November 19, 2013
මහත්මා ගාන්ධිගේ කපු කටින ලද යන්ත්‍රය විකුණයි
ඒ, එක්දහස් නවසිය විසි ගණන්වල මූලාරම්භයයි.
අධිරාජ්‍ය විරෝධීව ඉන්දියාව පුරා නැඟී ආ සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවිය යුතු යැයි ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු මෙන් ම, අවිහිංසාවාදයේ පියා වන මහත්මා ගාන්ධි නිවේදනය කළේ ය.
ඒ බොම්බායේ ඇතිවූ බිහිසුණු කැරැල්ලකට පසු ය. එහෙත්, ජනතා නැඟිටීම් මුළුමනින් ම සමනය කිරීමට ගාන්ධිට හැකියාවක් නොවිණි.
1922 පෙබරවාරි මස 01 දින වන විට ආරක්ෂක නිලධාරීන් හා මහජනයා අතර ගැටුම් උත්සන්නවී දෙපාර්ශ්වයේම සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
මහත්මා ගාන්ධි අත්අඩංගුවට පත්වූ අතර, නඩු විභාගය මිනිත්තු 100 ක් පමණ පැවතියේය.
පසුව එය “මිනිත්තු සියයේ නඩු විභාගය”ලෙස ද ජන ව්‍යවහාරයට එකතු විය. ගාන්ධිට සිරදඬුවම් නියම විය. හෙතෙම පූනේයි හි යෙර්වදා සිරගෙදර සිරගතව සිටියදී
Thursday, June 7, 2012
රුවන්මැලිසෑ ප‍්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහමාරක් පිරිනැමූ ගැමි සිටු වරයා
එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී සුදුවන් වැලි තලයෙන් යුතු රුවන්වැලි සෑ මළුවේ බණ භාවනාදී පිංකම්හි නිරතවී සිටිති. සුදු වතින් සැරසීගත් බාලිකාවෝ පිරිසක් එම සැදැහැවතුන් වෙත පැමිණ ආධාර එකතු කරමින් සිටිති. ඒ රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාය.
ප‍්‍රසන්න පෙනුමකින් යුතු උත්තුංග දේහධාරී වයෝවෘද්ධ සැදැහැවතෙක් කුඩා පිත්තල වංගෙඩියක් තුළ බුලත් විටක් කොටමින් සිටියේය. ආධාර එකතු කරමින් පැමිණි බාලිකාවෝ ඔහු වෙත පැමිණියහ.
”සීයා.... චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට ආධාරයක් දෙන්න.” බාලිකාවන් අතර සිටි කටකාර එකියක් කීවාය.
”සීයා?... මම කොහොමද බොලාට සීයා වෙන්නෙ?” වයෝවෘද්ධ සැදැහැවතා සිනාමුසු මුහුණින් යුතුව මෘදු ස්වරයෙන් ඇසීය. ඔහුගේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයාගත නොහී දැරියෝ පසුබා නිහඬව බලා සිටියහ.
ඒ දරුවො ඔහේට සීයා කියල කථා කළේ වැඩි ආදරේට නේ අප්පුහාමි. සැදැහැවතා අසලින් වාඩිවී සිටි එම වියේම පසුවන අනෙක් සැදැහැවතා බාලිකාවන් වෙනුවෙන් කථා කළේය.
එහෙමද? එහෙනම් ලියාගනිල්ලා මගෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්. සැදැහැවතා ගත් කටටම කීවෙන් බාලිකාවෝ ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසෙමින් එතැනින් නික්ම ගියහ.
Wednesday, May 2, 2012
කොළඹ - නුවර පාරේ උපත
හෙන්රි මාෂල්ගේ දිනපොතට අනුව 1803 ජූනි 24 වැනි දින (සිකුරාදා) පිටාර ගලමින් තිබුණු මහවැලි ගඟ අසල ඇති
Tuesday, May 1, 2012
සිංහලයිනි නැගිටිව්, මේ සිංහනාදයට කන් දෙව්!!!
මතක තියා ගනිල්ලා..
කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවො වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.
ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන් උඹලාගේ
කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවො වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.
ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන් උඹලාගේ
Saturday, April 28, 2012
ටයිටැනික් නැවේ ඛේදවාචකයට වසර සීයයි
විසිවැනි සියවස මුල් භාගයේ එනම්, මීට වසර
100 කට පෙර 1912 අපේ‍්‍රල් මස 15 වැනි දා අලූයම මගීන් 1514 දෙනකු ඛේදජනක
ලෙස මරණයට පත් කර RMS TITANIC අධි සුඛෝපභෝගී නෞකාව උතුරු අත්ලාන්තික්
සාගරයේ දී ගිලී ගියේය. ඒ වන විට ලෝකයේ ”නොගිලෙන නෞකාව” ලෙස විරුදාවලියක්
ලැබ තිබූ අති නවීන ටයිටැනික් නැව සිය මංගල චාරිකාවේදීම අනපේක්‍ෂිතව
මුහුදුබත් වීම පිළිබඳ පුවත ලෝකවාසීන්ගේ මහත් කම්පනයට හේතු විය. කෙසේ වෙතත්
දශක කීපයකට පසු මෙම සිද්ධිය ජනතාවගේ මතකයෙන් කෙමෙන් ගිලිහී ගියේය.
Subscribe to:
Posts (Atom)

