Showing posts with label අපේ යුධ ඉතිහාසයේ මතක සටහන්. Show all posts
Showing posts with label අපේ යුධ ඉතිහාසයේ මතක සටහන්. Show all posts

Monday, November 18, 2013

WE SALUTE OUR HEROES....

කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය....

බස් රථය වේගයෙවන් ඉදිරියට යමින් පවතී. හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර, තවත් සෙනග නගින්නට විය. ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි....

සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය.... බස් රථය ඉදිරියට ඇදෙන්නට විය. ටික වේලාවකින් තරුණිය ගස්සා තරුණයාට රැවුවාය. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය.

තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !

''තමුසේ මහ වනචරයෙක්! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා. තමුසේට අක්කලා නංගිලා නැද්ද. කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ.... ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං''

බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය

Saturday, November 9, 2013

මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා


ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදයෙන් දශක තුනකට අධික කාලයක් ශී‍්‍ර ලංකාවාසීන් විඳි සියලු මානසික සහ කායික පීඩාවන් දුරකරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එහි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු ප‍්‍රධානීන් සියලුම දෙනාත් මේ වන විට වළපල්ලට ගොස් අපාගත ගත වී සිටිති.

දරුවන් තාරපාරේ ලයිට් කණුවල සහ ගස්වල ගසමින් මරා දමමින්, නිදි පැදුරේ සිටි අහිංසක ජනතාව කපා කොටා වෙඩි තබා මරා දමමින් මහ සංඝරත්නය සහ ආගමික බැතිමතුන් කපා කොටා වෙඩි තබා මරා දමමින්, ශී‍්‍ර ලාංකික ජන සමාජයම දුකට පත් කරමින්, ශී‍්‍ර ලංකා ආර්ථිකයට රුපියල් මිලියන ගණනින් පාඩු සිදුකළ මහා පාපකර්මය පඩිසන් දෙමින් කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු ප‍්‍රධානීන් මුලතිව් නන්දිකඩාල් කලපුවේ මියගොස් සිටියේ බල්ලන් බළලුන් ලෙසිනි.

ශී‍්‍ර ලංකා භූමියෙන් හතරෙන් එකක් පමණ සිය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් අත්පත් කරගෙන සිංහල වැසියන් ගම්වලින් පළවා හැර උතුරු-නැගෙනහිර ඊනියා සිහින ඊළාම් රාජ්‍යයන් ප‍්‍රකාශයට පත් කර වසර 30 ක් තිස්සේ ගෙනගිය ඒකාධිපති පැසිස්ට්වාදී මිනීමරු

වඩමාරච්චි වීරයා - ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව

“මේකඅපේ ජීවිතේ අවසාන මෙහෙයුමයි"

බි‍්‍රගේඩියර් විමලරත්න දෙස හැරුණු ජෙනරාල් කොබ්බෑකඩුව මහතා කීවේය. ඉදිරියට එන්නට තිබෙන මෙහෙයුම පිළිබඳව 1992 අගෝස්තු 8 වෙනිදා කොබ්බෑකඩුව මහතා කීවේ එසේය.

"ෆයිනල් කවුන්ට් ඩවුන්" ලෙස නම්කර තිබූ මේ මෙහෙයුම ඇරඹීමට සියල්ල සූදානම් වී පැවැතිණි.

හෙට අනිද්දා ම දියත් වන මේ සටන මාතෘභූමිය කොටි ත‍්‍රස්තයන්ගෙන් මුදාගෙන ම අවසන් වන බවට මේ නිලධාරියාට විශ්වාසයක් තිබුණි.
"අපි දැන් යමු නේද මට මීටින් එකකුත් තියෙනවා යැයි" ඊළඟට කී ජෙනරාල් වරයා, ඩිපෙන්ඩර් රථයට නැගිණි. රියදුරු අසුනට නැගී බි‍්‍රගේඩියර් විමලරත්න මහතා වාහනය ධාවනය කරන්නට විය. සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා කී රැස්වීමට යාමට වෙලාව ළඟාවෙමින් තිබූ බැවින් විමලරත්න මහතා වාහනය අතුරු පාරකට දැම්මේ "මේ පාර ළඟයි. මේකෙන් යමුයි" කියමිණි.

Tuesday, April 16, 2013

සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි

"සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්. ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ. කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "......

Monday, April 15, 2013

කොටි මවිත කරමින් දිය මතුපිට ඇවිද යමින් කල මහා මෙහෙයුම

-----*කොටි මවිත කරමින් දිය මතුපිට ඇවිද යමින් කල මහා මෙහෙයුම.*-----

"දිගටම ෆයර් කරගෙන යන්න, ඔක්කොම කවර් වෙලා ෆයර් කරන්න. මෙහෙයුමේ යෙදී සිටි අපේ හමුදා නායකයා කෑගසමින්, වෙඩි තබයි. සර් අපි කොච්චර ගහුවත් වැඩක් නෑ සර්, ටෙරෙ හැංගිලා ඉන්නෙ, මෙහෙම ගැහුවට කවදාවත් උන්ගෙ බංකරේ අල්ලන්න වෙන්නෙ නැහැ. "

..................................... ................... .......................
කොටි බංකරය පිහිටා තිබුනේ 100m ක් පමණ පලළ ගඟකින් එහා පසය.

සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි

"සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්. ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ. කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "......
ඒ ඇසුනේ හමුධා නිලධාරීන් පිරිසක් කොටි සම්ප්රේෂණ කුලුන ගැන කතා කරන හඬයි.
............................................
ගුවන් හමුදාව සඳහා නිවැරදි භූමි තොරතුරු ලබා දීමට පැවරුනේ දිග දුර මෙහෙයුන් බලකායේ අටේ කණ්ඩායමකටයි.

Saturday, June 23, 2012

ලාංකීය හදවත් එක්කරමින් ලොවම මවිත කල උතුම් යුධ නාමය

ඒ ලාංකීය ඉතිහාසය දෙපලු කරමින් රුදුරු ත්රස්තවාද ඉහලටම නැගී සිටි කාලයයි. යුද්ධයක් කර පලපුරුද්දක් නොමැති ශ්රීලාංකිකයන් මරණ බියෙන් සිටි අවදියක දැය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට පහල වූ වීර සෙම්පතියා ගැනයි මේ.
.....................................
බයෙන් ඇලලී ගිය යුධ වාතාවරණයක, ලාංකික තරුණ සිත දැඩි කිරීමට දැරූ උතසාහයේ ප්රතිපලය අප අද බුක්තිවිඳින්නෙමු, ශ්රී ලාංකිය හමුධාවට දරුවන් දීමට අකමැති වූ දෙමව් පියන් සෙම්පති නාමය පිලිබ්ඳ දැඩි විශ්වාසය තබා දේශය වෙනුවෙන් තම දරුවන් ලබා දුන්නාහ.

'ළමයිනේ අපිට හුගක් ලොකු වැඩක් බාර වෙල තියෙන්නෙ,

ක්ලේමෝ බෝම්බ වැලක් ඇගවටා තබාගෙන දේශය වෙනුවෙන් දිවි දුන් නිලන්ත පුෂ්ප කුමාර


"නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි support team1 එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක. හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....."

වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්‍රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව දෙසිනුත් දරනු ලෙස ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන්නට වුණි. මුහුදු කොටි නායක සුසේ ඇතුලු අනෙකෙකුත් නායකයන් රැසක් සමග විශාල කොටි පිරිසක් මෙම සටනට පැමිණ තිබුණහ. මරාගෙන මැරෙන කොටි පමණක් නොව, පුපුරන්ද්‍රව්‍ය සහිත රතද යොදාගෙන තිබුණි, ඔවුන්ගේ ඉලක්කය වූයේ ආරක්ශක හමුදා අවි ගබඩාවයි.

තම බිලිදිය මෙලොව එලිය දකින්නටත් පෙර දේශය වෙනුවෙන් දිවි දුන් ලලිත් ඡයසිංහ

සර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල high secure 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා targets ගමු.
ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය.
................................

Sunday, June 10, 2012

කමාන්ඩෝ සෙබළුන්ට සවියක් වූ 'ස්නෝවි'


වන්නියේ අම්පකාමම් හි කඳවුරක විශේෂ පුහුණුව ලැබූ කොවුලන් නමැති කොටි නායකයා ඇතුළු හය දෙනකුගේ කණ්ඩායමක් 2008 මාර්තු 12 දා වැලිඔය හමුදා පාලන ප‍්‍රදේශයට ඇතුළු වූයේ යුද හමුදා දිගු දුර මෙහෙයුම් එ්කකයේ සෙබළුන් මෙන් කාලයක් සැඟවී සිට වැලිඔය රජයේ පාලන ප‍්‍රදේශයේ හමුදා වාහන වෙත ක්ලේමෝ ප‍්‍රහාර එල්ල කිරීම හා හමුදා අනුඛණ්ඩ වලට පහර දීමටය. මෙයට පෙර වැලිඔය බළසේනා මූලස්ථානය ඉදිරිපිට සිවිල් බස් රථයක බෝම්බයක් පුපුරවා හැරියේද මෙම කොවුලන් ය.

මාර්තු 14 දා කොවුලන් ඇතුළු කණ්ඩායම හමුදා සෙබළුන්ට වෙඩි තැබුවේ තම කණ්ඩායම දැක ඇති බවට සැක පහළ වූ බැවිනි. ප‍්‍රහාර එල්ල කොට කිලෝ මීටර් 2ක් පමණ ඔවුන් ඈතට යද්දී ඔවුන්ව හඹා ගිය සෙබළුන් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කළෙන් එක් ත‍්‍රස්තයකු මියගිය අතර ක්ලේමෝ, පුද්ගල නාශක බෝම්බ, පණිවුඩ හුවමාරු ආදී භාණ්ඩ රැසක් ද වැලිඔය ප‍්‍රහාර සඳහා ඇඳ ගත් සිතියමක් ද සෙබළුන් විසින් සොයාගන්නා ලදී. ඉතිරි වූවන් සොයමින් මෙහෙයුම් ඇරඹූ අතර වහාම වව්නියාවෙන් නිල සුනඛයන් ගෙන්වා කොටි ගිය මාර්ගය සෙවීමට හමුද ප‍්‍රධානීහු කටයුතු කළහ.