Sunday, November 17, 2013

Drag Me To Hell (2009)


කතාව මෙහෙමයි, ක්‍රිස්ටිනා බ්‍රවුන් කියන්නේ බැංකුවක වැඩ කරන ණය දීම පිළිබද නිලධාරිනියක්. 
මෙයා තමන්ගේ ජීවිතය ගැන ලොකුවට වද වෙන කෙනෙක්. 
මෙයාට පෙම්වතා එක්ක තියන සම්බන්ධය ගැනත් ඒ හැටි විශ්වාසයක් නැහැ. 
වෘතිය ජීවිතයේත් ලොකු කඩයිමක් පහු කරන්න හැකි වේද නොවේද කියන තරගයක ඉන්නේ… 
වැඩ කරන තැන ප්‍රධානියාගෙනුත් කිසිම බුරුලකට ඉඩක් නැහැ. මේ අතර ඇය ළඟට එනවා වයසක කාන්තාවක් තමන්ගේ ගෙදර බේරා ගන්න ණයක් ඉල්ලාගෙන. 
නමුත් ඒ ණය දෙන්න ක්‍රිස්ටිනා ප්‍රතික්ෂේප කරනවා. බැංකු වලින් එහෙම ණය දෙන්න නැහැ නෙව. නමුත් මේ වයසක නෝනා ශාප කරන්නේ ක්‍රිස්ටිනාට…. එතනින් එහා කතාව බාර ඔයාලට….
2009 වසරදි ඇමරිකාවෙ නිපද වු මෙම චිත්‍රපටිය
දැනට පවතින හොදම හොල්මන් චිත්‍රපට අතර ඉහළ ස්ථානයක් ලබාගෙන තියෙනවා.









Lord of Darkness (2012) (සත්‍ය කතාවක් ඇසුරෙනි)

මේ නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ ස්කොට්ලන්තයේ සිදුවුන සත්‍ය සිදුවීමක්.

එක්තරා ප්‍රදේශයක කාලයක පටන් මිනිසුන් හිටි හැටියේ අතුරුදහන් වීමට පටන් ගන්නවා. ඔවුන්ගේ සිරුර පසුව සොයගන්න විට ශරීරයේ සියලුම අංග උපාංග වෙන වෙනම ඉවත් කර ඇති අයුරු දැක ගන්න ලබෙනවා.
 මැක්ඩොනල්ඩ් හැමිස් කියන්නෙ ප්‍රසිද්ධ පුවත්පත් ආයතනක සේවය කරන ප්‍රවෘත්ති සම්පාදකයෙක්. ඉතින් හැමිස් මෙම සිදුවීම් වල අභිරහස හොයන්න පටන්ගන්නවා. වින්ඩි කියන්නෙ ඔහුගේ පෙම්වතිය. ඒ අතරතුර වින්ඩිගේ සහෝදරිය වන චාර්ලට් නැමැති තරුණියද අතුරුදහන් වෙනව. ඇය හැමිස්ගේද හොඳම යාලුවෙක්.
 චාර්ලට්ගේ අතුරුදහන් වීම ඔස්සේ යන හැමිස් මෙහි ඇති සුල මුල ටික ටික අනාවරණය කරගන්නවා. නගරයේ පොලිස් නිලධාරියෙක් වන විල් මුන්රෝ හැමිස්ට උදව් කරන්න පෙළඹෙනවා. ඒ ඇයි කියල ඔයාලට කතාව බැලුවම තේරේවි. ඒ අතරම මීට අවුරුදු 500 කට එහා සිදුවන සිදුවීමක් ගැනද මෙහි සදහන් වෙනවා. 
ඇත්තටම ඒ මොකක්ද?හැමිස්ට, වින්ඩිට, සහ චර්ලට්ට අත්වන ඉරණම කුමක් වෙයිද? හැමිස්ට මේ අභිරහස විසඳගන්න ලැබෙයිද? අවුරුදු 500කට එහා වැලලුන අතීතයක් මොවුන් පසුපස එන්නෙ ඇයි?
ප්‍රශ්න ගොඩයි නේද? ඉතින් ඒක දැන ගන්න ඔයාලට මේක බලලම වෙනවා..

No comments:

Post a Comment