මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසේ 26 වැනිදා රුසියාවේදී.
The Cabin in the Woods වගේ ෆිල්ම් වල වැඩ කරපු Anthony Leonardi තමයි මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ.
හරි මං කතාවත් ටිකක් කියන්නම්. ඔන්න ලස්සණ පවුලක් ඉන්නවා.අම්මා වින්ඩි,තාත්තා ඩැනියෙල්. එයා පාස්ටර්වරයෙක් හැටියට තමයි කටයුතු කරන්නේ.ළමයි තුන්දෙනයි.රෙබේකා සහ මේරි තමයි කෙල්ලෝ දෙන්නා.බඩපිස්සා තමයි ක්‍රිස්ටෝපර්. එයාලට ස්ටල් කියන කුඩා නගරයට යන්න වෙනවා.
රෙබෙකා ලස්සනයි. ඉතින් එයාට ඒ නගරෙම ඉන්න නෝහා කියන්න කොල්ලව සෙට් වෙනවා.එයාගෙත් මේකට සම්බන්දයක් තියෙනවා.කොහොම හරි එතැනදී තමයි මේ යක්ෂයෝ භූතයෝ මෙයාලට හමු වෙන්නේ.
මෙහේ තියෙනවා ගේට්ටුවක් එහෙමත් නැත්නම් දොරක්.එකෙන් එක පැත්තක ඉන්නේ
මේ යක්ෂ ආත්මයන් වලට මනුෂ්‍ය ශරීරයකට ඇතුළු වෙන්නම ඕනේ.ඊට පස්සේ මොකද වෙන්නේ..මේ යක්ෂයන් ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්න...
The Originals
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න.
රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක. කතාවට අලුත් චරිතයක් එනවා. හැබැයි The Vampire Diaries බලපු අයටනම් එයා අලුත් කෙනෙක් නෙවේ. ඒක බලපු නැති අයට මම පොඩ්ඩක් එයා ගැන කියන්නම්. එයත් ක්ලවුස් වගේම හයිබ්‍රිඩ් කෙනෙක්.
එත් එයාට ක්ලවුස්ට තරම බලයක් නැහැ. මොකද ක්ලවුස් තමා එයාවත් හයිබ්‍රිඩ් කෙනෙක් කරේ. එත් පස්සේ එයා ක්ලවුස්ට ද්‍රෝහී උනා. ඒ නිසා ක්ලවුස් ඔහුට වෛර කරනවා. ඒ නිසා ඔහු ක්ලවුස්ගෙන් පැනලා ගියා. එත් ක්ලවුස් එයාගෙන් පළිගන්න ඕන නිසා ඔහුගේ අම්මව මරුවා. දැන් ඔහු ආයෙත් ඇවිත් ඒ පලිය ක්ලවුස්ගෙන් කොහොම හරි ගන්න හිතාගෙන. අපි බලමු එහෙනම් ඔහුට ක්ලවුස්ගෙන් පලිගන්න පුළුවන් වෙයිද ??කොහොමද ඒකට උතසාහ කරන්නේ කියලා…
Percy Jackson : Sea of Monsters (2013)
මුල්ම තිරගත කිරීම උනේ පසුගිය අගෝස්තු 7 වෙනිදා. ඒ වගේම මෙහි පිරිවැය උනේ ඩොලර් මිලියන 90ක් පහුගිය නොවැම්බර් 7 වෙනිදා වෙනකොට ලොව වටා අදායම ඩොලර් මිලියන 197ක් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි IMDb අගය විදිහට වාර්තා වෙන්නේ 6.3ක්.
මෙහි අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ Thor Freudenthal විසින් කලින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කල Chris Columbus වෙනුවට තමා මේ අධ්‍යක්ෂකවරයා යොදාගෙන තිබෙන්නේ. ඒ වගේ රංගනයෙන් Logan Lerman, Alexandra Daddario, Brandon T. Jackson වගේ නළු නිලියන් දායක වෙනවා.
කලින් චිත්‍රපටය ගැන කියනවා නම් මේ කතාව දිවගියේ රෝම දෙවිවරු වන සියුස්, පොසයිඩන් සහ හේඩිස් කියන දෙවිවරු මනුස්ස ලෝකෙට ඇවිත් කරපු හපන්කන් වල ප්‍රථිපල විදිහට හැදුන අර්ධ දෙවි අර්ධ මනුෂ්‍ය මගේ භාෂාවෙන් කියනවා නම් අර්ධලෝහිතයන්ගේ වික්‍රමයක් ගැනයි. ඒ වෙලාවේ උනේ අකුණු ඇතිකරන උපරණය ඔලිම්පස් වලින් කෙනෙක් හොරකම් කරලා එය නැවත ඔලිම්පස් වලට භාර දීමක්. ඒ වික්‍රමය කලේ පොසයිඩන්ගේ පුත්‍රයා වන පර්සි ජැක්සන් විසින්. මේ වතාවෙත් පර්සි ජැක්සන් තවත් වැඩකට හවුල් වෙන්නයි යන්නේ. ඉතින් මෙදා පොටේ වෙන්න යන්නේ තවත් දෙයක්.
මේ අර්ධලෝහිත එහෙම නැත්නම් අර්ධ දෙවි අර්ධ මිනිස් කොට්ඨාශයට මනුස්ස ලෝකේ එහෙම ජිවත් වෙන්න අපහසු තත්වයක් තියෙන්නේ. ඔවුන් තමන්ගේම කියල කඳවුරක් පවත්වාගෙන යනවා මේ වගේ අනතුරු වලින් බේරෙන්න. මේක තමා මේ කස්ටිය එකතු වෙලා ඉන්න තැන. එක එක දෙවිවරු මනුස්ස ලෝකෙට ආපු ගමන් ඉතුරු කරලා ගිය දේවල් තමා ඔන්න මෙහෙම කඳවුරු බැඳගෙන අරක්ෂා වෙන්නේ. කලින් එහෙමත් නැතිනම් මෙයාල කුඩා දරුවන් අවදියේදී මේ කඳවුර දෙසට ගමන් කරපු අර්ධලෝහිත දරුවන් හතර දෙනෙක් ඉන්නවා එයාලා තමයි ග්‍රෝවර්, ඇනබෙත්, තාලියා සහ ලූක්. මෙයාල මෙසේ ගමන් කරනකොට මගදී ප්‍රහාරයක් සිද්ධ වෙනවා එක ඇහැක් සහිත යෝධ මිනිසුන්ගෙන්. එහිදී ඒක අර්ධලෝහිත දරුවෙක් මිය යනවා. ඇය නමින් තාලියා එහෙමත් නැති නම් ඔලිම්පස් හි අධිපති සියුස්ගේ මනුස්ස ලෝක සංචාරයේ අතුරු ප්‍රතිපලයක්. ඉතින් සියුස් කොහොම උනත් මගේ දුවනේ කියලා මේ මියගිය තාලියා ගසක් බවට පත් කරනවා. ඒ මෙම කඳවුර වටා ආරක්ෂිත බාධකයකද සාදමින්. එය පාලනය වෙන්නේ මේ තාලිය මත හදුනා ගස මගින්. මෙසේ අර්ධලෝහිත දරුවන් වෙසෙන කඳවුරට ප්‍රහාරයක් සිද්ධ වෙනවා ඒක දිනකදී. ඒ තවත් අර්ධලෝහිත දරුවෙකුගෙන්. ඔහු මේ තාලියා මත සියුස් විසින් කඳවුර ආරක්ෂා කරන්න නිර්මාණය කල ගසට විෂ කවනවා. එහිදී මේ ගහ කෙමෙන් කෙමෙන් මිය යන්න ගන්නවා.
මෙසේ මිය යන දේවල් බේරාගන්න එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ හිතා ගන්න බැරි තැනක. පුදුම ආරක්ෂාවක් යටතේ. ඉතින් මේ අරුම පුදුම දේ රැගෙන එන්න මේ කඳවුරෙන් දෙදෙනෙක් තෝරා ගන්නවා. ඒ වගේම කඳවුරට පහර දුන්න කෙනාත් මේ අරුම පුදුම දේ හොයනවා.ඒ මේ වගේ ගහකට පණ දෙන්න නම් නෙමෙයි. එහෙනම් ඔන්න ඔයාලම විසඳගන්න..
World War Z (2013)
මේ චිත්‍රපටයේ දොරට වැඩුම සිදුවන්නෙ මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ඒ 2013 ජූනි 2 වැනිදානමුත් නිළ වශයෙන් ඇමරිකාවේදී හා ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ වෙන්නේ ජූනි 21 වැනිද. ලබාගෙන ඇති IMDB අගයි 7.2ක් වෙනව. නිශ්පාදන පිරිවැය සටහන් වෙන්නෙ ඩොලර් මිලියන 190 හැටියට. ආරම්භක සතියේ ආදායම $ 66,411,834 උපයන්න සමත්වෙන මේ චිත්‍රපටය එදා මෙදා තුර සිනමාවේ පිල්ලි හා බැදුන චිත්‍රපට වල වැඩිම ආදායමක් උපයා ඇති චිත්‍රපටය වෙමින් ලොව පුරා $532,224,000 ක Box Office ආදායමක් උපයාගෙන තියනවා. ඒ තමයි ආදයම ගැන කියන්න තියන විස්තරේ.
මේ චිත්‍රපටය පාදක කරගෙන තියෙන්නේ 2006 වර්ශයේ Max Brooks විසින් රචිත World War Z නවකතාව. නිශ්පාදනය සිදුකරල තියෙන්නෙ මෙහි ප්‍රධාන චරිතයට පන පොවන Brad Pitt ගේ lan B Entertainment ආයතනය. බෙදා හැරීම Paramount ආයතනය. අධ්‍යක්ෂණය Marc Forster ගෙන් ඔහු තමයි Quantum of Solace (2008),Machine Gun Preacher වගේ නිර්මාණ කරල තියෙන්නෙත්. 2009 වසරේ ඉදන් විවිධ අවස්ථාවල Matthew Michael Carnahan, Drew Goddard, Damon Lindelof කියන අය පිටපත් රචනයෙන් එක් වෙලා තියනවා. ඒ කියන්නේ මේක හදීසියේ පහල වුන එකක් නෙමෙයි සෑහෙන කාලයක ඉදන් කරපු වැඩ කොටසක ප්‍රතිඵලයක්. තිරයේ අපිට පෙනෙන මුහුණු පැත්තට හැරුනොත් ඒ අය තමයි Brad Pitt, Mireille Enos, James Badge Dale, Matthew Fox වගේ අය හා තවත් රාශියක්. මේ අය ගැන නම් කියන්න ඕනෙ නැහැ නේ.
ලාංකේය සිනමා රසිකයෝ හැමෝම වගේ පිල්ලි එහෙම නැත්නම් සොම්බි ඉන්න චිත්‍රපට බලල ඇති. නමුත් ඒ දැම්ම සොම්බි වගේ නෙමෙයි මේ උදවිය. බොහොම වේගවත්.සද්ධයක් ඇහුන හැටියේම විදුලිය වගේ ඒ වෙත ඇදෙනවා. දුවල බේරෙන්න බැහැ. එක්සපා කෑමකින් ඕනෙම කෙනෙක් පිල්ලියක් කරන්න ඒ අයට පුළුවන්. ඒ වගේම නවත්තන්න එක්කෝ පුච්චලා අලු කරන්න ඕනෙ. නැත්නම් ඔලුවටම වෙඩි තියන්න ඕනෙ. ගැරී ලේන් කියන්නෙ හමුදාව හා සම්බන්ධව රජයේ වැඩ කල බොහොම දක්ෂ හාදයෙක්. නමුත් දැන් ඉතින් පවුල් පන්සල් වෙලා ඒ වැඩ වලින් ඉවත් වෙලා ඉන්නෙ. තමන්ගේ බිරිදයි දුවරු දෙන්නයි එක්ක මෙ අය පිලිඩපියාවේ මාර්ශයක වාහන තද බදයේ ඉන්නකොට තමයි පළමු වෙඩි මුරය නිකුත් වෙන්නේ. පිල්ලි ප්‍රහාරයක්. ලේසි නෑ ඒ අය එක්ක දුවන්නත් බැ. ඒ අස්සේ ලොකු දුවනිය ඇඳුම රෝගයෙන්. කොහොම හරි මේ උදවිය සිදුවීම් කන්දක් මැදින් ගොඩනැගිල්ලකට යාගන්න හැකි වෙනවා.
මේ අතර ගැරීගේ මිතුරෙක් ඔහු හා සම්බන්ධ වෙනව ජංගම දුරකතනයෙන්. ඔහු රජයේ ලොක්කෙක්. ඔහුගෙන් ලැබෙන පුවත ලොවම අනතුරේ කියන එක. මේ අතරේ ඔහු මේ පවුල බේරා ගන්න හෙලිකොප්ටරයක් උදෑසනම එවන්නත් පොරොන්දු වෙනවා. ඔවුන්ට යන්න වෙන්නේ ඇමරිකානු යුධ නැවකට දැන් එය සරනාගත මධ්‍යස්ථානයක්, මෙහෙයුම් මූලස්ථානයක් වගේ ඔක්කොම. ගැරී ගෙන්න ගන්නෙ ආදරේට නෙමෙයි මුල් රෝගියා සොයා යන මෙහෙයුමට. මින් ලොව මුදා ගන්න ක්‍රමයක් හොයන්න. මේ සියළු බාදක මැද ඔහුට කුමක් වේ ද? ලොවට කුමක් වේ ද? මෙය කෙසේ ඇතිවූවක් ද? වගකිව යුත්තෙක් සිටී ද? මේ සදහා ඇති ප්රතිකර්මය කුමක් ද?
The World’s End (2013)
මේ සලරුව නිකුත් උනේ පසුගිය අගෝස්තු 23 වැනිදා.IMDb මීටරේට අනුව 44,970 දෙනෙකුගේ කැමැත්ත අනුව මේ වෙනකොට 7.3 තුනක් ලැබිලා තියෙනවා,Edgar Wright තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. Action | Comedy | Sci-Fi යන වර්ගීකරණයට තමයි දාලා තියෙන්නේ..
හැමෝගෙම පහසුව ගැන හිතලා මම කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්, ගැරී කිංග්,ඔලිවර් චෙම්බලින්(ඕ මෑන්),පීටර් පේජ්,ස්ටීවන් ප්‍රින්ස්,ඇන්ඩ් කිංස්ලි කියන්නේ පොඩිකාලේ එකට පිස්සු කෙලපු සෙට් එකක්,මෙයාලා තරුණ කාලේ රත්රන් හැතැක්මය කියලා පට්ට වැඩක් කරනවා,ඒ කියන්නේ ඔවුන් ජිවත් වන නිව්ටන් හැවින් නගරයේ එක හැතැක්මයක් තුල තියෙන තැබෑරුම් දොළහකට එක රැයක් තුල යනවා…කොහොමද වැඩේ,ඉවර වෙනකොට උදේ වෙනවා.
කොහොම නමුත් දැන් වසර විස්සකට වැඩිය කාලයක් ගත වෙලා,හැමෝම තමන්ගේ වැඩකටයුතු වලට හැඩගැහිලා.හැමෝම කසාද බැදලා.නමුත් ගැරී කිංග් එහෙම නැහැ,තවමත් ඒ කාලේ වගේ ෆන් එකේ ඉන්නවා,අනිත් හැමෝම හොද රැකියා කරනවා.ගැරී කිංග්ට නැවත අදහසක් වෙනවා තරුණ කාලේ කරපු ඒ වැඩේ නැවත කරන්න,ඉතින් කොහොම හරි ගැරී නැවත යාළුවො හොයාගෙන ගිහිල්ලා අමාරුවෙන් වැඩේට කැමති කර ගන්නවා.එයාලා එයාලගේ පැරණි නගරයට නැවත යනවා,පීටර් ගේ සහෝදරි වන සෑම් පස්සේ මෙයාලට එකතු වෙනවා.පුදුමයක අරුමය..
නගරයේ ඉන්න සියළුම වැසියන් රොබෝවරුන් බවට පත් වෙලා,කස්ටියට හිතා ගන්න බැරුව යනවා මේ මොකෝ වෙලා තියෙන්නේ කියලා,කොහොමද මේක වෙන්නේ,මුලින්ම මොවුන් ඇවිල්ලා තියෙන්නේ 1992 දී,පළමුව තොරතුරු එකතු කරලා,පස්සේ එකා දෙන්නා රොබෝලා බවට පත්වෙලා,පස්සේ ඔක්කොම.කරන්නේ මේකයි,DNA සාම්පල් අරගෙන ඉවර වෙලා නව පිටපතක් හදනවා,ඇත්ත මනුස්සයට මොකද වෙන්නේ කියලා ෆිල්ම් එකේ අවසාන හරිය වෙනකම් දැන ගන්න වෙන්නේ නැහැ,ඔවුන් DNA එක දහඩිය,කදුළු බීර බීපු විදුරු වලින් සහ සිපගැනීම් වලින් පවා හොර රහසේම හොරකම් කරනවා,මේ රොබෝවරු අතර ලොකු විශාල කට්ටියත් ඉන්නවා,ඔවුන් ප්‍රචණ්ඩයි..
පස්සේ අලුතෙන් එන මිනිස්සුන්ගේ පිටපත හදනවා.මුලින්ම මෙයාලගෙන් ඔලිවර් කොටු වෙනවා,ඊළගට පීටර්…එනිත් අයට මොකද වෙන්නේ?? මේ රොබෝලා කියන්නේ ඇත්තටම කවුද?? ඔවුන් මොන ලෝකෙන්ද ඇවිල්ලා තියෙන්නේ?? ඇත්ත මිනිස්සුන්ට මොනවා වෙලාද?
මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයා ගන්න නම් බලන්න.
Mask of Zorro (1998)
මේක නිකුත් කලේ 1998 අවුරුද්දේ. ඒ වුනාට චිත්‍රපටිය පට්ටෙට හදලා තියෙනවා. ච්ත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Martin Campbell කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි.
රඟපාන නළු නිළියන් මෙහෙමයි. Desperado, Spy Kids 1, 2, 3, 4, Once upon A Time in Mexico, Shrek, Puss in Boots කියන චිත්‍රපටිවල රඟපාපු සහ ලබන වසරේ එන්න තියෙන Expendables 3 චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙන Antonio Banderas තමයි අලෙහැන්ද්රෝගේ චරිතය, එහෙමත් නැත්නම් දෙවන සෝරෝගේ චරිතය රඟපාන්නේ.
එලේනාගේ චරිතය රඟපාන්නේ Sinbad: Legend of The Seven Seas, Rock of Ages, Broken City, Side Effects සහ මේ ඊයෙ පෙරේදා නිකුත්වෙච්ච Red 2 චිත්‍රපටියටත් රංගනයෙන් දායක වෙච්ච Catharine Zeta-Jones. දියේගෝ විදිහට, නැතිනම් මුල්ම සෝරෝ විදිහට The Wolfman චිත්‍රපටියෙන් එහෙම ඔයාල දැක්ක Anthony Hopkins තමයි රඟපාන්නේ. කපිතාන් ලව් විදිහට Matt Letscher සහ රෆායල් විදිහට Stuart Wilson රඟපෑමෙන් දායක වෙනවා. ඉතින් මේ චිත්‍රපටිය IMDb එකේ 6.7 ක අගයක් අරන් තියෙනවා. හරි එහෙනම්… පොඩ්ඩක් කතාවත් කියන්නම්….
කතාව මෙහෙමයි. මෙක්සිකෝවේ තිබුන පාලනයට විරුද්ධව තිබුන මිනිස්සු අරගල කරන කාලයක මිනිස්සුන්ගේ උදව්වට වෙස්වලා ගත්ත මිනිහෙක් ඉන්නවා උදව්වට සෝරෝ කියලා.
ඉතින් කොහොම හරි වංශාධිපති රෆායල්ට ඕන වෙනවා මේ සෝරෝව අල්ලගන්න. ඉතින් කොහොම හරි රෆායල් එයාගේ අරමුන ඉෂ්ඨකරගනිමින් සෝරෝව අල්ලගන්නවා. එතනදි මේ සෝරෝගේ බිරිඳව එතනදි මැරෙනවා.
ඊට පස්සේ සෝරෝව, එහෙමත් නැත්නම් දියේගෝව හිරකරලා එයාගේ පුංචි දුවව, එලේනාව රෆායල් හදාගන්න අරන් යනවා. ඉතින් කාලය ගෙවිලා යනවා. ඉතින් තවත් අලුත් සෝරො කෙනෙක්ගෙ අවශ්‍යතාවය මතුවෙනවා. ඒව මොනවද කියලා ඔයාලම ඩවුන්ලෝඩ් කරන් බලන්න.
Seminole Hard Rock Hotel and Casino - Mapyro
ReplyDeleteThe Hard Rock Hotel and Casino is a casino 상주 출장샵 in South Florida, owned by the Seminole 전라남도 출장샵 Tribe of Florida. It opened on 안산 출장마사지 December 26, 서울특별 출장마사지 2008.Location: 8.1 Rating: 7.9/10 · 양산 출장안마 6,523 votes