Showing posts with label ක්‍රීඩා. Show all posts
Showing posts with label ක්‍රීඩා. Show all posts

Wednesday, November 13, 2013

සචින්ගේ සමුගැනීමේ ටෙස්ට් සටන අද


ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගෙන් පසු ලොව විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකෙන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් අද (14දා) මුම්බායිහිදී සිය ටෙස්ට් දිවියේ අවසන් තරගයට සහභාගී වෙයි. 1989 දී 16 වැනි වියේදී ටෙස්ට් පිටියට පිවිසි සචින් තෙන්ඩුල්කාර් අද බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සිය 200 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරයි. ලොව විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස වාර්තා පිට වාර්තා තැබූ සචින් තෙන්ඩුල්කාර් මේ වන විට ටෙස්ට් තරග 199 දී ශතක 51ක් රැස් කර ලොව වැඩිම ටෙස්ට් ශතක ලාභියා වී සිටියි.
ටෙස්ට් තරග 199 කදී ලකුණු 15847ක් ලබා සිටින සචින් ටෙස්ට් ලකුණු ලෝක වාර්තාවටද හිමිකම් කියයි.සිය ටෙස්ට් දිවියේ උපරිම ලකුණු සංඛ්‍යාව ලෙස නොදැවී ලකුණු 248ක් ලබා ඇති සචින්ට තම දිවියේදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට නොහැකි වීම කැපී පෙනෙයි.ටෙස්ට් තරගවලදී පන්දු යවන්නෙකු ලෙස කඩුලු 46ක් බිඳහෙලා ඇති සචින් රැකගෙන ඇති ටෙස්ට් උඩපන්දු සංඛ්‍යාව 115කි.
40 වැනි වියේ පසුවෙන සචින්ට සිය සමුගැනීමේ ටෙස්ට් තරගය උපන්ගම වන මුම්බායි වෙත ලබාදීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීහු කටයුතු කළහ.ප්‍රේක්ෂකයන් 30,000ක් අසුන්ගත හැකි

Sunday, June 3, 2012

පාකිස්තානය (01-01) විස්සයි-20 තරගාවලිය සම කරයි


සහීඞ් අෆ්රීඩිගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (03) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්වු දෙවනි තරගයෙන්  ලකුණු 23 කින් ජය ගැනිමට පාකිස්තාන පිල සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත  ඕවර 20 තුළදී

Friday, June 1, 2012

පළමු විස්සයි-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්‍ෂ පන්දු යැවිම නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (1) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ආරම්භවු තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 37 ජය අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Thursday, May 31, 2012

මැතිව්ස් පන්දු යැවීමට සූදානම් !

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (1 වැනිදා) හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන විස්සයි-20 කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම් බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.

Sunday, May 27, 2012

අයි. පී. එල්. ක‍්‍රිකට් ශුරතාව කොල්කටා නයිට් රයිඩර්ස්ට


චෙන්නායිහි ඊයේ (27) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී මන්වින්දර් බිස්ලා (89) සහ ජැක් කලිස් (69) ගේ විශිෂ්ඨ පිතිහරඹය නිසා කොල්කටා නයිට් රයිඩර්ස් පිල  චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුුලූ 5 කින් පරාජය කරමින් ශුරතාව දිනාගත්තේය.

Tuesday, May 15, 2012

ජයසූරියට කැනඩාවෙන් පොල්ලක්


කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැති කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය ඇතුළු අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් රැුසක්ම තරගාවලියේ පොරොන්දු මුදල් ලැබෙන තෙක් තවමත් බලා සිටින බව වාර්තා වේ.
මෙම තරගාවලියට අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ නමගිය

Monday, May 14, 2012

දිල්හාර ප‍්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිල ඉදිරියේදී සහභාගි වීමට නියමිත පාකිස්තානු සහ ඉන්දීය, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලිවලට සහභාගි වීම සඳහා කණ්ඩායම් තේරීම සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ඇතුළත් කර තිබේ.
දිගින් දිගටම ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ දිල්හාර ආසාර්ථක වීම නිසා පසුගිය වසරේ

Thursday, May 10, 2012

වෝනර්ගේ (109*) වේගවත් ශතකය ඩෙකෑන්ට 10 වැනි පරාජය ගෙනෙයි


 ඬේවිඞ් වෝනර් පන්දු 54 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස් කරමින් 17 වැනි  ඕවරයේදී දිල්ලි පිල ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියානු ආරම්භ පිතිකරු ඬේවිඞ් වෝනර්ගේ (නොදැවී 109) වේගවත් ශතකය නිසා

Friday, May 4, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව මාලිංග ප්‍රතික්ෂේප කරයි

වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත පිරිනමන කොන්ත්‍රාත්තුව අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. එයට හේතුව වන්නේ වාර්ෂිකව එම කොන්ත්‍රාත්තුව ඔස්සේ ලැබෙන මුදල්