මේක මෙහි මුල්ම නිපැයුම සිදු උනේ 1988 වසරේදී Child’s Play නමින් පසුව Child’s Play II(1990), Child’s Play III(1991), Bride of Chucky (1998) සහ Seeds of Chucky (2004) දී මේ වගේ චකි සහ එයාගේ නෑයෝ මිනිස් ලොව භීතියට පත් කරපු චිත්රපට අප වෙතට පැමිණියා.
මේ සැරේ මේ ඇවිත් තියෙන්නේ චකි කියන බෝනික්කාගේ ශාපයක් ගැන.
ඒක පවුලක් ඉන්නවා ඒ පවුලේ ඉන්නේ දුවලා දෙදෙනෙක් සහ එයාගේ අම්මා. මෙයාලගෙන් එක දුවෙක් අබාධිතයි එයාව බලාගෙන අම්ම ගෙදරට වෙලා ඉන්න අතර අනෙක් දුව විවාහ වෙලා වෙනම ජිවත් වෙනවා. ඉතින් මේ අබාධිත තත්වය නිසා තමන්ගේ ඉගෙනීමත් හරි ආකාරව කරගන්න බැරි උන මේ දියණිය ගෙදරටම වෙලයි ඉන්නේ. මෙහෙම ඉන්නකොට මේ ගෙදරට ඒක ලොකු පාර්සලයක් ලැබෙනවා. හැබැයි මේ පාර්සලය එව්වේ කවුද
කොහෙන් ආවද කියලා හිතා ගන්න බැහැ.
පස්සේ මේ පාර්සලය ඇරලා බැලුවහම ඉන්නේ ලොකු බෝනික්කෙක්. මේ අම්මයි දුවයි හිතන්නේ කවුරු හරි මේක විහිලුවට කල දෙයක් කියලා. බෝනික්කෙක්ගෙන් මේ දෙන්නටම ප්රයෝජනයක් නැති නිසා මේ අම්මා කරන්නේ ඒ බෝනික්කව කුණු බක්කියට දාන එක. එත් එදා රෑ මහා අමුතු සිදු වීමක් වෙනවා. නිකා කියන මේ අබාධිත දියණිය ඒක ශබ්දයක් නිසා එයාගේ කාමරෙන් එලියට ඇවිත් බලනවා. එතකොට දකින්න ලැබෙන්නේ මොකද්ද කියලා දන්නවද????
Rise of the Zombie (2013)
කතාව ගැන කියනවා නම් නීල් කියලා පුද්ගලයෙක් ඉන්නවා ඔහුගේ විනෝදාංශය කෑලෑ වලට ගිහිල්ලා ජායාරූප ලබාගන්න එක.
මොහු එහෙම සති ගනන් කැලෑවල් වල ඉන්නවා මේකට ඔහුගේ පෙම්වතිය කැමති නෑ.
එක දවසක් ඔවුන් අතර රංඩුවක් ඇතිවෙනවා. ඊට පස්සේ නීල් ආපහු කැලේකට යනවා ඒත් මෙහෙ දවස් කීපයක් ඉන්න කොට මොහුගේ අතේ ලොකු තුවාලයක් එනවා.
ඊට පස්සේ ඒක ටික ටික වැඩිවෙනවා. පස්සේ ඔහු පිල්ලියක් බවටම පත්වෙනවා. පස්සේ ඔහුගේ පෙම්වතියයි ඔහුගේ හොදම යාලුවයි මොහුව හොයන්න පටන් ගන්නවා ඔවුන් මොහුව හොයාගන්න මොහු හිටිය නගරෙට යනවා.
මෙතන ඉදන් කතාව ඔයාලට බාරයි..
No comments:
Post a Comment