Showing posts with label FILMS. Show all posts
Showing posts with label FILMS. Show all posts

Saturday, November 23, 2013

Hammer of the Gods (2013)


 මතකද මීට මසකට වගේ ඉස්සර ඉවර වුන Vikings ටෙලි කතා මාලාව? මම හිතනව බැලුව උදවියට Viking වරුන් පිළිබදව මේ වෙනකොය යම් දැනුමක් ඇති කියල. 
අතිශූර රැග්නා නම් නායකයා සමග යුද වැඩෙමින් එංගලන්ත ආක්‍රමණ ගණනාවකට සහබාගී වෙලා තියන අපිට ඔන්නෙ අයෙත් රැග්නා නොවුනත් තවත් වයිකිංග් කුමරෙකු සමග රණ බිමට යන්නට අවස්ථාව උදා වෙල තියනව ඔන්න.
මුලින්ම මේකෙ ඉන්නව අපි දන්න හදුනන කිහිප දෙනෙක්ම. 
Clive Standen ඔහු තමයි Vikings ටෙලි කතා මාලාවේ රැග්නාගේ සහෝදරයාගේ භූමිකාවට පණ දුන්නෙ, අපි හැමෝම දන්න විදිහට නම් “රෝලෝ”. Ivan Kaye ඔහු තමයි Vikings කතා මාලවෙ නොතම්බ්‍රියාවෙ රජු ලෙස රගපාන්නෙ. 
Elliot Cowan ඔහුත් මේ ටිකේ ඔබගේ ආලින්දයට ගොඩ වදිනව Da Vinci’s Demons තුලින් ලොරෙන්සෝ මෙඩිචි ලෙස. ප්‍රධානම චරිතය වෙන්නෙ Charlie Bewley. ඔහු පිසාච මිනිස්

Friday, November 22, 2013

Battle: Los Angeles (2011)

2011 අගෝස්තු 11 වැනිදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරය ආසන්නව මුහුදට අහසින් යමක් වැටෙනවා.
ඒක පිටසක්වලට අයත් යානාවක් බව ආරක්ෂක අංශ තහවුරු කරගන්නව. එම පිටසක්වල ජීවින් මිනිසුන්ට ඔවුන්ගේ අවි වලින් පහර දෙමින් මුළු නගරයම විනාශ කරනවා. 
පිටසක්වල ජිවින්ට විශාල ගුවන් හමුදා බලයකුත් තියෙනවා. ඉතින් මේ අතර ඇමරිකානු මැරීන් සෙබළු පිරිසකට අයත් වන රාජකාරිය තමයි ඒ එක ප්‍රදේශයක ඉන්න සාමාන්‍ය වැසියන් ඉවත් කරගැනීම සහ ඔවුනට මුණ ගැසෙන මිනිසුන් නොවන ඕනෑම දෙයක් විනාශ කිරීම. 
කොටින්ම කියතොත්

Monday, November 18, 2013

Under the Bed (2012)


තම මවගේ වියෝ වීමෙන් අවුරුදු දෙකක් ගෙවිල ගියාට පස්සෙ ‘නීල්’ තම ‘ෆ්ලොරීඩාවල’ නැන්දනියගේ නිවසේ ඉඳල තම නිවසට නැවත පැමිණෙනව. 

නමුත් මොහු දිහා සමහරෙක් බලන්නෙ වපර ඇසින්, මොකද ඔවුන් තාමත් හිතාගෙන ඉන්නෙ ඔහුගේ අම්මගෙ මරණයට මොහුගේ සම්භන්දයක් ඇතියි කියල. 
‘නීල්’ මේ කියන කතා ගනන් ගන්නෙ නෑ. ඒත් ඔහුගේ මල්ලි ‘පෝලි’ මේ අවස්ථා වලදි ඔහු වෙනුවෙන් පෙනී සිටිනව. ඉතින් ‘නීල්’ ආපහු නිවසට එද්දි තාත්ත අළුත් කුඩම්ම කෙනෙකුත් කැන්දගෙන ඇවිල්ල.

ඇය ‘නීල්’ ටයි ඔහුගේ මල්ලි ‘පෝලි’ ටයි හරිම ආදරෙයි. ඒත් ‘නීල්’ ඇය ගැන එතරම් පැහැදීමකින් නෙවෙයි ඉන්නෙ. කොහොම නමුත් මේ ඉන්න අතරතුර

Sunday, November 17, 2013

The Strangers (2008)


අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Bryan Bertino කියන අධ්‍යක්ෂකයා විසින්. මේක තමයි ඔහුගේ පළවෙනි චිත්‍රපටි අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙත්.


මේ ‍ෆිල්ම් එක නිපදවල තියෙන්නෙ ඇමරිකාවෙ සිදුවුන සත්‍ය සිදුවීම් මුල් කරගෙන.
ඒ වගේම මේ සිද්දියේදි සමහරක් සාහසික ක්‍රියා ගැන තාමත් සම්පූර්ණයෙන්ම අනාවරණය කර ගෙන නැහැ කියල තමයි වාර්ථා වෙන්නෙ. 2005 වර්ශයේ තමයි මෙම සිදුවීම වාර්ථා වෙලා තියෙන්නෙ.
මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ Liv Tyler (Armageddon, Robot & Frank, The Incredible Hulk) සමග Scott Speedman (Underworld, Underworld: Evolution, The Vow) විසින්. මෙහිදී Liv Tyler ‘Kristen’ ලෙසත් Scott Speedman ‘James’ ලෙසත් චරිත නිරූපණය කරනු ලබනවා.
කතාව ගැන ටිකක් කියන්නම් Kristen සහ James යාලුවෙකුගෙ විවාහ මංගල්‍යයකට

Drag Me To Hell (2009)


කතාව මෙහෙමයි, ක්‍රිස්ටිනා බ්‍රවුන් කියන්නේ බැංකුවක වැඩ කරන ණය දීම පිළිබද නිලධාරිනියක්. 
මෙයා තමන්ගේ ජීවිතය ගැන ලොකුවට වද වෙන කෙනෙක්. 
මෙයාට පෙම්වතා එක්ක තියන සම්බන්ධය ගැනත් ඒ හැටි විශ්වාසයක් නැහැ. 
වෘතිය ජීවිතයේත් ලොකු කඩයිමක් පහු කරන්න හැකි වේද නොවේද කියන තරගයක ඉන්නේ… 
වැඩ කරන තැන ප්‍රධානියාගෙනුත් කිසිම බුරුලකට ඉඩක් නැහැ. මේ අතර ඇය ළඟට එනවා වයසක කාන්තාවක් තමන්ගේ ගෙදර බේරා ගන්න ණයක් ඉල්ලාගෙන. 
නමුත් ඒ ණය දෙන්න ක්‍රිස්ටිනා ප්‍රතික්ෂේප කරනවා. බැංකු වලින් එහෙම ණය දෙන්න නැහැ නෙව. නමුත් මේ වයසක නෝනා ශාප කරන්නේ ක්‍රිස්ටිනාට…. එතනින් එහා කතාව බාර ඔයාලට….
2009 වසරදි ඇමරිකාවෙ නිපද වු මෙම චිත්‍රපටිය

Curse of Chucky (2013)


මේක මෙහි මුල්ම නිපැයුම සිදු උනේ 1988 වසරේදී Child’s Play නමින් පසුව Child’s Play II(1990), Child’s Play III(1991), Bride of Chucky (1998) සහ Seeds of Chucky (2004) දී මේ වගේ චකි සහ එයාගේ නෑයෝ මිනිස් ලොව භීතියට පත් කරපු චිත්‍රපට අප වෙතට පැමිණියා. 
මේ සැරේ මේ ඇවිත් තියෙන්නේ චකි කියන බෝනික්කාගේ ශාපයක් ගැන.
ඒක පවුලක් ඉන්නවා ඒ පවුලේ ඉන්නේ දුවලා දෙදෙනෙක් සහ එයාගේ අම්මා. මෙයාලගෙන් එක දුවෙක් අබාධිතයි එයාව බලාගෙන අම්ම ගෙදරට වෙලා ඉන්න අතර අනෙක් දුව විවාහ වෙලා වෙනම ජිවත් වෙනවා. ඉතින් මේ අබාධිත තත්වය නිසා තමන්ගේ ඉගෙනීමත් හරි ආකාරව කරගන්න බැරි උන මේ දියණිය ගෙදරටම වෙලයි ඉන්නේ. මෙහෙම ඉන්නකොට මේ ගෙදරට ඒක ලොකු පාර්සලයක් ලැබෙනවා. හැබැයි මේ පාර්සලය එව්වේ කවුද

The Uninvited (2009)


මේ චිත්‍රපටය තිරගත උනේ 2009. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Charles Guard, Thomas Guard. 
මේකට රංගනයෙන් Emily Browning, Arielle Kebbel, Elizabeth Banks වගේ දක්ශ නලු නිලි පිරිසක් දායක වෙලා තියනවා. 
මේක IMDBහි 6.2 ක අගයක් ගන්න පුලුවන් වුන චිත්‍රපටයක්. ඔයාලම බලලා තීරණය කරන්න.
දැන් අපි කතාව දෙසට හැරෙමු. මේ කතාව ගොඩ නැගිලා තියෙන්නේ එක තරුණියක් වටා. ඇයගේ නම ANNA. 
මෙයාගෙ අම්මා නැති වෙනවා අනතුරකින්. හැබැයි ඒක අනතුරක්ද. හිතල කරපු දෙයක්ද කියලා දැන ගන්න වෙන්නෙ අන්තිමේට තමා. හොද අවසානයක් තියනවා. 
අන්තිම මිනිත්තු කීපයේ කතාව

Saturday, November 16, 2013

Tristan + Isolde (2006)


මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. අපි කවුරුත් බලලා තියෙන රොබින් හුඩ් – ප්‍රින්ස් ඔෆ් තිව්ස් චිත්‍රපටය කරපු කෙවින් රෙනෝල්ඩ්ස්. 
යුද්ධයට වඩා බලවත් ආදරයක් ගැන කියවෙන මෙම චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරිමට අනුව 7.0/10 අගයක් ලබාගෙන තියෙනවා.
කතාව නම් ගලගෙන යන්නෙ මෙහෙමයි. එංගලන්තයේ පැරණි රජ පවුලක උපන් ට්‍රිස්ටන් කුමරු, තම කුඩා කලදී අයර්ලන්ත සතුරු අක්‍රමණයක් හමුවෙ දෙමාපියන් ඝාතනයට ලක්වෙනවා. 
පසුව සාමන්‍යය මිනිසුන් සමග හැදී වැඩුනු ට්‍රිස්ටන්,තරුණවිය වන විට සටනට උපන් හපන් කම් දක්වනව. අසාධාරණය හමුවේ නැගී සිටින මොහු,අයර්ලන්ත සතුරු හමුදාවක් සමග කරන සටනකදි විෂ පෙවූ කඩුවකට කැපී සිහිසුන් වෙනවා. 
ඔහු මියගියෙ යයි සිතා එදා චාරිත්‍රවලට අනුව

A Tale of Two Sisters (2003)


 “සූ-මී” හා “සූ-යොන්” නම් සොහොයුරියන් දෙපළක් වටා ගෙතුන මේ අපුරු අන්දරය ආරම්භ වෙන්නේ මානසික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින සූ-මීව පියා විසින් නිවසට රැගෙන ඒමත් සමගයි. එහිදි අපිට මුණගැසෙන කුඩම්මාගේ චරිතය නපුරු කුඩම්මා ලෙස වටහාගන්න වැඩිවේලාවක් ගතවන්නේ නෑ.
මෙතෙක් වේලා බොහොම සුන්දර අන්දමින් ගලාගිය මෙම චිත්‍රපටය මෙතැන් පටන් ඉතා අඳුරු මාවතක් ඔස්සේ ගමන් කිරිමට පටන් ගනනවා. 
සොහොයුරියන් දෙදෙනා, පියා සහ කුඩම්මා අතර ඇතිවන හැලහැප්පිම් මගින් මේ පවුල් සංස්ථාව ලොකු රහස් කිපයක්ම එකිනෙකාගෙන් වසන් කරන බව අපට පෙනීයනවා. මේ පවුලට එකිනෙකාගෙන් එල්ලවෙන පිඩනයට අමතරව අත්භුත බලවේග කිපයක්ම මෙම නිවස වටා ක්‍රියාත්මක වෙමින්

Olympus Has Fallen (2013)

ධවල මන්දිරය (White House) යනු ඇමරිකානු ජනාධිපතිගේ නිල නිවසයි. මෙය මිහිපිට ඇති ඉතා සුක්ෂම, ආරක්ෂාකාරීම ගොඩනැගිලි අතරින් එකක් ලෙස නම් කළ හැකියි. 
මෙම චිත්‍රපටයෙන් ඔබට එම ආරක්ෂාව කෙතරම් දුරට ප්‍රබලද යනව වග ගැන නිගමනයකට එලඹිය හැකියි. මොකද මෙම චිත්‍රපටයේ කතාවට මුල් වී ඇත්තේ ධවල මන්දිරයට එල්ල වන දරුණු හා ප්‍රබල ත්‍රස්ත ප්‍රහාරයක්. මෙහි කතාව කෙටියෙන් ගෙනහැර දක්වන්නම්.
චිත්‍රපටය ආරම්භ වන්නේ අයහපත් කාලගුණය ඇති දිනක ජනාධිපති සංචාරයක යෙදෙන දර්ශනයකින්. මෙහිදී රිය අනතුරක් සිදුවී ජනාධිපතිගේ බිරිඳ මිය යනවා. ජනාධිපතිගේ පුද්ගලික ආරක්ෂක මයික් හට එම අනතුර වූ මොහොතේ බේරාගත හැකි වන්නේ ජනාධිපතිවරයා පමණයි. මේ නිසා මයික් සිත් තැවුලෙන් සිටින අතර තම රාජකාරී කටයුතු

Machete Kills (2013)


බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරගෙනයි මම නැවතත් ඔයාලා හමුවෙන්න එන්නේ.ප්‍රසිද්ධ නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ ෆිල්ම් එකේ රඟනවා.

Danny Trejo [Machete (2010)],ඔස්කාර් සම්මානලාභී Mel Gibson [Braveheart (1995)],Demian Bichir [The Heat(2013)],Amber Heard [Drive Angry (2011)],Michelle Rodriguez [Fast & Furious 6 (2013)],Sofía Vergara [The Three Stooges (2012)]..ඔන්න ඔහොමයි ඉන්න සෙට් ඒක.Robert Rodriguez තමයි අධ්‍යක්‍ෂණයෙන් දායක වෙලා තියෙන්නේ, Action | Crime | Thriller ෆිල්ම් එකක්..හරි මම දැන් කතාව පැත්තට හැරෙන්නම්.
 
මැචේටී කියන්නේ මුලින් මෙක්සිකානු පුරවැසිභාවය හිමි ඝාතකයෙක්..නමුත් ඇමරිකාවේ ජනාධිපතිවරයා විසින් ඇමෙරිකා-මෙක්සිකෝ දේශසීමා ප්‍රදේශයේ මාකෝස් මැන්ඩේස් නායකත්වය දරණ

Friday, November 15, 2013

Evil Dead (2013)

(The Red Band Trailer) ලෙසින් 2012 ඔක්තෝබර් 24 වෙනිදා අන්තර්ජාලයට මෙහි පෙරදැක්ම මුදා හරිමින්. 2013 අප්‍රේල් 05 වන දා ඇමෙරිකාවේදී තිරගත විම ඇරඹුණු. 

කවුරුත් දන්නා පරිදි මේ මේහි මුල් සිනමා පටය,1981 වසරේ දි තිරගත වූවක්. මෙම සන්ත්‍රාස චිත්‍රපටය ( horror film ) නොසිතු විරු ලෙසින් අති සාර්ථක වුනා. පසුව මේ ඇසුරින් තව සිනමා නිර්මාණ දෙකක් ද නිකුත් උනා මතක ඇති. මේ එම සිනමා පෙලේ මුල් සිනමා පටය නැවත ප්‍රති නිර්මාණය කිරිමක්.
මෙහි රංගනයේ යේදෙන පිරිස ගැන කිව්වොත් අළුත් නළු නිළි කැලක් තමයි මෙහි රංගනයෙන් දායකත්වය

Autopsy (2008) | මිනීමරණ රෝහල…

මේක 2008 ආපු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරේ Adam Gierasch. එයා ගැන් හැමෝම දන්නවනේ. එයා ගොඩක් හොල්මන් චිත්‍රපට වලට ප්‍රසිද්ධ කෙනෙක්. 
ඒ වගේම චිත්‍රපටයට රංගනයෙන් Michael Bowen, Robert Patrick, Jessica Lowndes වගේ සුපිරිම නලු නිලි පිරිසක් දායක වෙලා තියනවා. 
X Files බලපු හැමෝම Robert Patrick ව දන්නවනේ. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ නලුවෝ වැඩිය හොල්මන් චිත්‍රපටවලට දායක වෙන් නැනේ. ඒත් මේකෙ අනෙක් පැත්ත. ඒකට හේතුව මේක හොල්මන් වගේ පෙනුනට හොල්මන්ම නෙවෙයි. 
මේක IMDBහි 4.9 ක් ගත්ත චිත්‍රපටයක්. ඒත් ඇත්තම කියනවනම් මේකට ලැබුන අගය මදි වගේ. ඒ තරම්ම මේක හොද චිත්‍රපටයක්.
හරි දැන් කතාව දිහාට හැරෙමු. මේක පටන් ගන්නෙ

Thursday, November 14, 2013

Nothing Left to Fear (2013)


මේ ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ පසුගිය සැප්තැම්බර් මාසේ 26 වැනිදා රුසියාවේදී.
The Cabin in the Woods වගේ ෆිල්ම් වල වැඩ කරපු Anthony Leonardi තමයි මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ.
හරි මං කතාවත් ටිකක් කියන්නම්. ඔන්න ලස්සණ පවුලක් ඉන්නවා.අම්මා වින්ඩි,තාත්තා ඩැනියෙල්. එයා පාස්ටර්වරයෙක් හැටියට තමයි කටයුතු කරන්නේ.ළමයි තුන්දෙනයි.රෙබේකා සහ මේරි තමයි කෙල්ලෝ දෙන්නා.බඩපිස්සා තමයි ක්‍රිස්ටෝපර්. එයාලට ස්ටල් කියන කුඩා නගරයට යන්න වෙනවා. 
රෙබෙකා ලස්සනයි. ඉතින් එයාට ඒ නගරෙම ඉන්න නෝහා කියන්න කොල්ලව සෙට් වෙනවා.එයාගෙත් මේකට සම්බන්දයක් තියෙනවා.කොහොම හරි එතැනදී තමයි මේ යක්ෂයෝ භූතයෝ මෙයාලට හමු වෙන්නේ.
මෙහේ තියෙනවා ගේට්ටුවක් එහෙමත් නැත්නම් දොරක්.එකෙන් එක පැත්තක ඉන්නේ

Getaway (2013)



බ්‍රෙන්ට් ගේ බිරිඳ වන ලේන් ව කවුදෝ පැහැරගෙන..
එහෙන් ලේන් රදවාගෙන ඒ මාර්ගයෙන් බ්‍රෙන්ට් හරහා සිදු කරන මංකොල්ලයක් මේ කතාවට පදනම් වෙලා තියෙන්නේ. 

බ්‍රෙන්ට් කියන්නේ දනර වසර ගණනාවකට කලි කාර් රේස් පද්ද සුරයෙක්,දැන් ක්‍රීඩාවට සමුදීලා. මේකේ සෙලිනා කියන්නේ හරිම නිදහසේ හිටිය තරුණියක්, එයාට සල්ලි ගොඩක් තියෙනවා,තාත්තා බැංකුවක් ලොක්කෙක්,ඒ උනාට මෙයාට තාක්ෂණය පැත්තෙන් හොද දැනුමක් තියෙනවා, මේක හොරු කණ්ඩායම ප්‍රයෝජනයට ගන්නවා,ඒ වගේම සෙලිනාගේ කාර් එකම තමයි බ්‍රෙන්ට් ට පාවිච්චි කරන්න වෙන්නේ, ඒ මොකද මෙයාලා