මීටර 60 ක් ගැඹුරට පවතින බවයි. මේ ලවණ මිශ්ර ජලයට යටින් දූපත් කිහිපයකින් යුතු තවත් විශ්මිත ගංගාවක් ඔහු දැක තිබේ. මේ ගංගාවේ ඉවුරු දෙපස දිරාපත් වූ කොළ රොඩු සහ අතු ඉති කැබලි තිබෙන බවත් එය කිසිදා අමතක නොවන සොදුරු දර්ශනයක් බවත් ඔහු පවසයි.
පතුලේ ගලාබස්නා මේ ගංගාව හයිඩ්රජන් සල්ෆයිඩ් ද්රාවණයකින් සමන්විත බව පැවසේ. බොලොෂ්චින් පවසන්නේ මේ දර්ශනය මිනිස් ඇසකින් දැකිය යුතු අතිශය විශ්මිත දර්ශනයක් බවයි.