ඒ, එක්දහස් නවසිය විසි ගණන්වල මූලාරම්භයයි.
අධිරාජ්‍ය විරෝධීව ඉන්දියාව පුරා නැඟී ආ සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවිය යුතු යැයි ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියකු මෙන් ම, අවිහිංසාවාදයේ පියා වන මහත්මා ගාන්ධි නිවේදනය කළේ ය.
ඒ බොම්බායේ ඇතිවූ බිහිසුණු කැරැල්ලකට පසු ය. එහෙත්, ජනතා නැඟිටීම් මුළුමනින් ම සමනය කිරීමට ගාන්ධිට හැකියාවක් නොවිණි.
1922 පෙබරවාරි මස 01 දින වන විට ආරක්ෂක නිලධාරීන් හා මහජනයා අතර ගැටුම් උත්සන්නවී දෙපාර්ශ්වයේම සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
මහත්මා ගාන්ධි අත්අඩංගුවට පත්වූ අතර, නඩු විභාගය මිනිත්තු 100 ක් පමණ පැවතියේය.
පසුව එය “මිනිත්තු සියයේ නඩු විභාගය”ලෙස ද ජන ව්‍යවහාරයට එකතු විය. ගාන්ධිට සිරදඬුවම් නියම විය. හෙතෙම පූනේයි හි යෙර්වදා සිරගෙදර සිරගතව සිටියදී
කපු කටින ලද කටින යන්ත්‍රය ඉකුත් සතියේ ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි විය.
“අපි අපේක්ෂා කළේ අ.ඩො 96,000-1,16 000 ක් වැනි ඉලක්කයක් ගන්නයි. ඒත් ඇත්තට ම හිතුවට වඩා ඉල්ලුම බොහොම ඉහළට ගියා” වෙන්දේසියේ සංවිධායකවරයකු වන රිචර්ඩ් වෙස්ට්වුර්ඩ් වෙන්දේසි නිවෙසේ සිට පවසා තිබිණි.
කටින යන්ත්‍රය අ.ඩො 1,80 000 කට වෙන්දේසි වීම ඔවුන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන්නක් පමණක් නොව, නිදහස් ඉන්දියාවේ වීරයකු ලෙස ගාන්ධිට ඇති ගෞරවය විදහාපාන්නක් ද බව පැහැදිලි ය. තමන්ගේ ඇඳුම් තමන් විසින් ම කපුකැටීමෙන් වියා ගත් මහත්මා ගාන්ධි පසු කලෙක තමන් සිරමැදුරේදී භාවිත කළ මේ කපුකටින යන්ත්‍රය අමෙරිකානු මෙතෝදිස්ත මිෂනාරී පූජක ආචාර්ය ෆ්ලෝයිඩ් ඒ පෆර් ට පරිත්‍යාග කර ඇත. ඒ 1935 වසරේදී ය.
අතේ ගෙනයාහැකි මේ කටින යන්ත්‍රයට හින්දි භාෂාවෙන් කියනු ලබන්නේ “චර්කා“යනුවෙනි.
අතේ ගෙන යා හැකි යතුරු ලියන දෙකක ප්‍රමාණයෙන් යුතු අකුළාගෙන යාහාකිය. එය අකුළා නැතිව ඇත්නම් ඒ භාවිතයට ගන්නා අවස්ථාවේදීය. එහිදී වක් දණ්ඩක් එහෙට මෙහෙට වැනෙද්දී කැරකෙන රෝද දෙකකින් කටින ඉද්ද ක්‍රියාත්මකව නියමිත කාර්ය ඉටුකෙරෙයි”
1931 දී අමෙරිකානු මාසික ජනප්‍රිය විද්‍යා සඟරාවක සටහන් කර තිබුණේ එසේය.
කෙසේ වෙතත් ඉකුත් සතියේ පැවති වෙන්දේසියේදී ප්‍රමුඛත්වය ලැබී තිබුණේ දුරකථන ඇමතුම් හා අන්තර්ජාල ලංසු තැබීම් කෙරෙහිය. ගාන්ධිගේ කටින යන්ත්‍රය අවසාන වශයෙන් දිනාගෙන තිබුණේ ද දුරකථන මාධ්‍ය තුළින් ලංසු තැබූ පුද්ගලයෙකි. “දුරකථන ඇමතුම් හා අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ගේම කැමති මාධ්‍යයක් මගින් සම්බන්ධවීම ඇත්තටම ආශ්වාද ජනකයි”වෙන්දේසිකරුවන් පවසයි.
ගාන්ධි තුමන් තම සිරගත ජීවිතය තුළ කපුකැටීම සිදුකරන ලද්දේ තම ඇඳුම් අවශ්‍යතාව සපුරා ගැනීමට පමණක් නොවේ.
“අපිට මොකටද සුද්දගෙ බඩු මුට්ටු පාවිච්චි කරන්නේ. ඇයි අපට අපේම බඩු මුට්ටු දේශීය වශයෙන් නිෂ්පාදනය කරගන්න බැරි. මොකද අපේ රටට සුද්දො එන්න ඉස්සරලා දේශීය කර්මාන්ත තිබුණේ නැතුවයැ” හෙතෙම නිදහස් සටනට පණ පෙවූ මූලාරම්භයේ සිටම ජාතිකාභිමානය, ස්වදේශිකත්වය, දේශීය නිෂ්පාදන දිරි ගැන්වීම සිදු කළේය.
රටක් ලෙස නැඟී සිටීමට නම් පරජාතික චින්තනය මුලිනුපුටා දැමිය යුතු බව ඔහු ඇදහුවේය. වචනයට වඩා ක්‍රියාවට මුල් තැන දෙමින් ඉන්දීය ජනතාවට තමාද ආදර්ශයක් විය යුතු හෙයින් ඔහු තම ඇඳුම් තමාම නිර්මාණය කරගැනීමට කටයුතු කළේය.
අනෙක් අතට සිරගෙදර තුළ ගෙවී ගිය ඒකාකාරී ජීවිතයේ කාලය ගෙවාදැමීමට හා මානසික ශක්තිය වර්ධනය කර ගැනීමේ භාවනායෝගී කටයුත්තක එක් ආකෘතියක් ලෙස ඔහු කපුකටින ලද බව සඳහන් ය. වෙනත් අයුරකින් කිවහොත් කපුකැටීමේ කාර්ය තුළ මනස ඒකාග්‍රතාවක තබා ගැනීමට ඔහුට හැකිවූ බව පසු කලෙක ඔහුම පවසා තිබිණි.
ගුජරාටි භාෂාවෙන් ලියවී ඇති පිටු දෙකක ලියවිල්ලට අනුව ගාන්ධිගේ සැමරුම් උපාංග 50 ක් පමණ ඉතිරිව පැවතී තිබේ. එයින් ඉකුත් මාසයේ ඔහුගේ ලේ පැල්ලමක් ද සහිත සෙරෙප්පු දෙක වෙන්දේසි කරනු ලැබිණි. එය පවුම් 55,000ට අලෙවි වී තිබිණි. එහිද අපේක්ෂා ව වී තිබුණේද පවුම් 30,000 – 40,000 ක පමණ ඉලක්කයක් වුව ද එහිදී ද එකී ඉලක්කය අතික්‍රමණය කළ බැව් වෙන්දේසිකරුවන්ගේ අදහස විය.
1920 දී ගාන්ධිතුමන්ට කරන ලද සුළු ශල්‍ය කර්මයකින් පසු, ගාන්ධිතුමන් විසින් මිතුරකුට තම සෙරෙප්පු ජෝඩුව ලබාදී තිබේ. වැටුණු ලේ බිංදුවකින් සටහන්වුණු ලේ පැල්ලම සෙරෙප්පුවේ ඉතිරී වී පැවති අතර, එය අන්වීක්ෂයකින් පසුව තහවුරු කරගෙන තිබේ.
කෙසේ වෙතත් මූලාරම්භයේදී එය වෙන්දේසි වී නොමැති නමුත්, අවසානයේ ස්ටර්ලිං පවුම් 5000 ට එකඟවී ලබාගැනීමට තමාට මුලදී හැකිවූ බව වෙන්දේසිකරුවකු වන මුලොක් පවසයි.
හෙතෙම ඉකුත් මැයි මාසයේදී එකී සෙරෙප්පු යුගළ පවුම් 55,000ට වෙන්දේසි කළේය.
මීට පෙරාතුව ගාන්ධිගේ අත් අකුරින් ලියැවුණු ලියවිලි,ගාන්ධිට සිරදඬුවම් නියම කරනු ලැබූ නඩු තීන්දුවේ ලියැවිල්ල ආදිය ද ප්‍රසිද්ධියේ වෙන්දේසි කරනු ලැබිණි. ඒ සියල්ල වෙන්දේසිකරුවන් බලාපොරොත්තු තැබූ ඉලක්ක අබිබවා යමින් ඉල්ලුම්කරුවන්ට තරගයක් දී තිබිණි.
එහෙත් ගාන්ධිගේ ඇඳුම් පැලඳුම්,ලියවිලි හා උපකරණ කෙරෙහි ඉන්දියානුවන් දක්වන තරමේ උනන්දුවක් මේවන විට ඔහුගේ ප්‍රතිපත්ති හෝ ඉගැන්වීම් කෙරෙහි නොදක්වන බව පෙනෙන්නට තිබේ. එළඹෙන මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය වෙනුවෙන් තරගවැදීමට නියමිත නරේන්ද්‍ර මෝඩි ජාතිවාදය හා ආගම්වාදය හිස මුදුනින් පිළිගන්නකු බව පෙනෙන්නට තිබේ.
ගාන්ධි හෝ නේරුගේ පරමාදර්ශීය නායකත්වය වෙනුවට ඉන්දීය නිදහස් සටනේ තවත් කැපී පෙනුණු චරිතයක් වුණු සර්දාර් පටෙල්ගේ මඟ අනුගමනය කිරීමට තමන් සූදානම් බව මෝඩි පසුගියදා පවසා තිබිණි.
“සර්දාර් පටෙල් ඉන්දියාවේ පළමු අගමැති නොවීම ගැන හැම ඉන්දියානුවෙක් ම දුක් වෙනවා. ඔහු අගමැති පදවියට පත් වුණා නම් ඉන්දියාවේ ඉරණම සහ පැවැත්ම මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා” යයි ලොව උසම ප්‍රතිමාව පටෙල් වෙනුවෙන් නිර්මාණය කිරීමට මුලපුරමින් හෙතෙම ඉන්දීය මාධ්‍යයට පැවසූ බවට වාර්තා පළවිය.
“මට කවදාවත් සුද්දෙක් වෙන්නත් බැහැ. කළු සුද්දෙක් වෙන්නත් බැහැ. මම ඉන්දියානුවෙක්. මගේ මුළු ආත්මයෙන්ම මම ඉන්දියානුවෙක්. මේ කෝලම්කාර කෝට්,කලිසම්,ටයි බයි ඔක්කොම ගලවල දාල සැහැල්ලු ඇඳුමක් ඇඳගන්න ඕන. ඔව්.
එතකොට හිතත් සැහැල්ලුයි. ගතත් සැහැල්ලුයි. මිනිසකුගේ ජීවිතයේ උත්තම අංගය තමයි චාම් බව. සැහැල්ලු බව.” ඒ ගාන්ධිගේ පිළිවෙත ය. ගාන්ධි තුමන්ගේ ඇඳුම් පැලඳුම් හෝ උපකරණ වෙන්දේසියෙන් හෝ මිලදී ගැනීමෙන් පමණක් ඔහුට ගරුසරු දැක්වීම ප්‍රමාණවත් නොවන බව අවබෝධ කරගත යුතුය.
No comments:
Post a Comment