අමෙරිකාවේ රේස් ට්‍රැක් ප්ලාසා ප්‍රදේශයේ පිහිටි මරණයේ මිටියාවතට ඒ නම ලැබී
තිබෙන්නේ නෙත ගැටෙන මානයේ මිනිසෙක්, සතෙක් තබා ගහ කොළක්වත් දක්නට නැති නිසාය.
ගිම්හාන සමයන්හිදී පොළව දස අතට ඉරි තලා යයි. ශීත කාලයන්හිදී ඒ පැළුම්වල අයිස්
බැඳේ. මේ අතර මේ හුදෙකලා පොළව මත කිසිවෙකුටත් නොපෙනෙන අබිරහස් ක්‍රමයකට ලොකු කුඩා
ගල් පර්වත සහ පාෂාණ කැබලි ඉදිරියට ඇදෙයි.
ඇවිදින පාෂාණ, යාත්‍රා කරන පර්වත හෝ ලිස්සා යන පාෂාණ වැනි යෙදුම් වලින් හැඳින්වෙන
මේ සංසිද්ධිය තවම වටහා නොගත් අබිරහසකි. මිටියාවත පුරා පාෂාණ පැමිණි මඟ සලකුණු
දිස්වේ. ඒවා හිස් බිම මත ඇදෙන ගොළුබෙල්ලන් මෙනි. බැලූ බැල්මට චලනය වන බවද නොපෙනේ.
සමහර විට ඒවා චලනය වන්නේ මිනිස් ඇසට ග්‍රහණය කර ගත නොහැකි ලෙස විය යුතුය.
ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට
නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති. මහා සයුරේ
ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ. සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත්
තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත.
මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර්
2542කි. පළල කිලෝමීටර් 69කි.
ජලය යට පිහිටි තවත් ගංගාවක් මෙක්සිකෝවෙන් සොයාගෙන තිබේ. මෙක්සිකෝවේ සෙනොටේ ඇන්ජලිටා නමැති ගල්ගුහාව ඇතුලතින් ගලා බස්නා ගංගාවක කිමිදීම් කළ ඇනටොලි බෙලොෂ්චින් විසින් මේ ගංගාවේ ඡායාරූප ගනු ලැබ ඇත. ඔහු පවසන්නේ මීටර 30 ක් දක්වා මිරිදියේ කිමිදුනු පසු ලවණ මිශ්‍ර ජලය