තම මවගේ වියෝ වීමෙන් අවුරුදු දෙකක් ගෙවිල ගියාට පස්සෙ ‘නීල්’ තම ‘ෆ්ලොරීඩාවල’ නැන්දනියගේ නිවසේ ඉඳල තම නිවසට නැවත පැමිණෙනව.
නමුත් මොහු දිහා සමහරෙක් බලන්නෙ වපර ඇසින්, මොකද ඔවුන් තාමත් හිතාගෙන ඉන්නෙ ඔහුගේ අම්මගෙ මරණයට මොහුගේ සම්භන්දයක් ඇතියි කියල.
‘නීල්’ මේ කියන කතා ගනන් ගන්නෙ නෑ. ඒත් ඔහුගේ මල්ලි ‘පෝලි’ මේ අවස්ථා වලදි ඔහු වෙනුවෙන් පෙනී සිටිනව. ඉතින් ‘නීල්’ ආපහු නිවසට එද්දි තාත්ත අළුත් කුඩම්ම කෙනෙකුත් කැන්දගෙන ඇවිල්ල.
ඇය ‘නීල්’ ටයි ඔහුගේ මල්ලි ‘පෝලි’ ටයි හරිම ආදරෙයි. ඒත් ‘නීල්’ ඇය ගැන එතරම් පැහැදීමකින් නෙවෙයි ඉන්නෙ. කොහොම නමුත් මේ ඉන්න අතරතුර
මෙම නිවසේ ඔහුගේ අම්මගෙ මරණයට හේතු උන, ‘නීල්’ ගේ කාමරයේ ඇඳ යට
අද්භූත සිදුවීම ගැන නීල් හොයන්න පටන් ගන්නව.
මේකට ඔහුගේ මල්ලිත් ඔහුට උදවු වෙනව………. ඉතින් ඔවුන්ට මේ ඇඳ යට සිද්ධ වෙන දේ හොයා ගන්න පුලුවන් වෙයිද? ඇත්තටම මොකක්ද ඇඳ යට තියෙන්නෙ? ඔවුන්ට මේ සිද්ධියෙදි මොන වගේ දේවල් වලට මුහුණ පාන්න වෙයිද? ඔය මම කිව්වෙ කතාවෙන් ටිකක් එහෙනම් බලලම ඉන්නකො………
Friday the 13th (2009)
මේ චිත්රපටය නිකුත් වන්නේ 2009 වසරේ හොදම චිත්රපටය හොරර් චිත්රපටය ලෙසයි.
චිත්රපටය ගැන කියනවා නම් 1980 ජුනි 13 ක්රිස්ටල් ලේක් කියලා ප්රදේශයක කඳවුරක එහි සිටි සියලුම දෙනා ඝාතනයට පත් වෙනවා “නෑනා” නම් ගැහෑනියක් අතින් ඒ ඇයගේ පුතා “ජේසන්ව” මිය යන්න හේතුවෙන්. එත් මේ කඳවුරේ “ස්ටේෆ්නි” කියලා නිලාදාරිනියක් අතින් ජේසන්ගේ මව ඝාතනයට පත්වෙනවා.
ඒ ජේසන්ට හැමොගෙන්ම පලිගන්නා ලෙස ඉල්ලසිටිමින්. අවුරුදු 30 පසු “විට්නි” කියලා ගෑනු ලමයෙක් එයාගේ යළුවන් සමග නිවාඩුවක් ගතකරන්න ක්රිස්ටල් ලේක් කියන ප්රදේශයට එනවා ඉතින් ඔවුන් ජේසන් අතින් ඝාතනයට පත්වෙනවා. නමුත් ජේසන් තම මවලෙස සිතා විට්නිව නොමරා ඔහු ලග තබා ගන්නවා.
මේ අතර විට්නිගේ සහොදරයා (ක්ලේයි) සති හයකට පසු විට්නිව සොයාගෙන මේ ප්රදේශයට එනවා. ඔහුට විට්නිව සොයාගැනීමට හැකිවෙයිද ? ඔහුට මොන වගේ දේවල්වලට මුණදෙන්න වෙයිද ? ජේසන්ට මේ සටනින් මියයයිද ? මෙය ලොවපුරා Horro Movie රසිකයන් නොබලපු චිත්ර පටයක්..
No comments:
Post a Comment