Thursday, July 12, 2012

2012 අවසානයේ විනාශයක්ද? යහපතක්ද?



ඊජිප්තුවරුන් සහ මායාවරුන් 2012 වසර අවසානය පිළිබඳව ප‍්‍රකාශිත අනාවැකියෙන් පවසන්නේ කුමක්ද? ඔවුන් පවසන පරිදි 2012 අවසානයේදී ලෝකය විනාශ වේද? කෙසේ වුවද ඔවුන් කියා සිටිනුයේ මේ අප වාසය කරන පෘථිවිය අති බිහිසුණු ව්‍යසනයක් බලාපොරොත්තුවෙන් සිටින බවකි. ඔවුන් එසේ පවසන්නේ පෘථිවි චුම්බක ක්‍ෂේත‍්‍රය ක්‍ෂණයකින් කණපිට පෙරලෙන බවකි. එවිට සුවිශේෂී වූ භූමි කම්පාවන් සහ වේගවත් රළ පහරවල් අප සියල්ලන්ගේම ශිෂ්ඨාචාරයන් වෙනස් කරනු ඇති බවය. ඒ අනුව යුරෝපීය සහ උතුරු අමෙරිකානු රටවල් කිලෝමීටර් දහස් ගණනින් උතුරු දෙසට ඇදී ගොස් අවසානයේ නතර වනුයේ උත්තර ධ‍්‍රැවයේය. සිදුවිය හැකි සෑම සිදුවීමක්ම පෘථිවිය මත වෙසෙන පූර්ණ ගහණය ශූන්‍ය කිරීම සඳහා හේතු වේ.
මෙම අනාවැකි ප‍්‍රකාශ වූයේ ඊජිප්තුවරුන්ගෙන් සහ මායාවරුන්ගෙනි. මොවුන් පැවත එන්නේයැයි සැලකෙණුයේ දක්‍ෂිණ ධ‍්‍රැව පතුළේ දැනට වැළලී ඇති අත්ලන්තිස් පුරාවෘත්තයන් ගෙනි. ඔවුන් පවසා සිටිනුයේ සැබෑ ජ්‍යොතිෂ්‍යමය කරුණු විකාශනය වුණේ අත්ලන්තිස් වරුන්ගෙන් බවට ය.

ක‍්‍රි.පූ. 9792 දී දෙරණ සිසාරා ගියේ යැයි සැළකෙන මහා ජලකඳ පිළිබඳව හරියටම අනාවැකි කියූ අය ඔවුන් විය. ඒ හොඳින් දැන සිටි ඔවුන් බුරුතු පිටින් දස දහස් ගණන් බෝට්ටු තනා ඒ මත නැගී උතුරු අමෙරිකාවටත් ඊජිප්තුවටත් පැන ගොස් ඇත.

2012 දී සිදුවිය හැකි එවන් අනතුරක් ගැන කරුණු විග‍්‍රහ කරන කතුවරුන් මෙම භයානක පණිවුඩය ගෙන එනුයේ 2012 වසර අවසාන විට ශිෂ්ඨාචාරයනට විය හැකි වැදගත් වන්නා වූ බොහෝ කරුණු අධ්‍යයනය කරමිනි. මේ භයානක පණිවුඩය ඔවුන් එළි දක්වනුයේ අහසේ තරු සංග‍්‍රහයන්ගේ හැසිරීම් රටාවද අධ්‍යයනය කරමිනි. ක‍්‍රි.පූ. 9792 දී එකී ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ අහසේ දිස්වූ සිකුරු ඔරියන්ට් සහ වෙනත් තාරකා ස්ථානගත වූ පරිදිම 2012 දීද  අහසේ ඒ අන්දමින් ස්ථානගත වන බවට ඔවුහු ඉඟි පළ කරති. එපමණක් නොව තවත් බොහෝ දේද ඇත.
වසර දහස් ගණනක ඉතිහාස ගත කරුණු අධ්‍යයනය කර ඇති ඔවුන් කියා  සිටිනුයේ ඒ පැරණි ඥාන සම්භාරය දැවැන්ත දුර්ග මාර්ගයක සැඟව ඇති බව කිසිවකු නොදන්නා බවයි. ඔවුන් පවසන පරිදි එදා සිදුවූ මහා ඛේදවාචකයට අදාළ තොරතුරු සහ සුන්බුන් වලින් එහි රහස් කුටි පිරී ඇත. එකල විසූ ප‍්‍රතිවාදී ඩෙලූවියන් ජාතියේත් ඊජිප්තුවරුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා ඒවා එහි තැන්පත් කර තබා ඇත. ඒ ගැන දැනුවත්ව සිටින ජෙරිල් සහ රැටින්ක්ස් එම දුර්ග මාර්ගය සොයා  ගැනීමේ උත්සාහයක නිරතවී සිටී. එම තොරතුරු නිසි කළ ලැබෙනු ඇතැයි ඔවුහු දැඩිව විශ්වාස කරති.

ඉතා ප‍්‍රසිද්ධ ග‍්‍රන්ථ රාශියක් එලි දක්වා ඇති පැටි‍්‍රක් ජෙරිල්ගේ ‘ද ඔරියන්ට් ප්‍රොපසි’ නම් වූ ග‍්‍රන්ථයෙන් මෙය සවිස්තර කරයි. ඔහු කියා සිටිනුයේ මායාවරුන්ගේ වට්ටෝරු එකතුවේ හිරු මතු පිට පවත්වා ලපවල රහස් අඩංගු වන බවය. මේ පිළිබඳව නවීන තාරකා විද්‍යාඥයින් කිසිවක් නොදන්නා බවද ඔහු සඳහන් කරයි. ඔහු පවසන පරිදි යම් අවස්ථාවක හිරු චුම්බකත්වය තීරණාත්මක අවස්ථාවකට එළඹෙන විටෙක දැඩි කුණාටු තත්ත්වයක් හිරු මතු පිටට බලපෑම් කරනු ලබන්නේ ය. එවිට කිසිම සමාවක් නොමැතිව මහා ව්‍යසනය සිදුවනු ඇත. මේ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන කරුණු අති භයංකාරය. එබැවින් තවදුරටත් මේ පිළිබඳ සාකච්ඡා නොකර සිටීම හොඳ යයි සිතමි.
මිලියන ගණනින් ජනගහනය අනතුරුවලට භාජනය වුවත් යම් ප‍්‍රමාණයක මිනිස් ජීවීන්හට ජීවත්වීමේ වාසනාව හිමිවනු ඇති බවට සංඛ්‍යා පවතින බවත් ඔහු කියයි. ඒ කවුරුන් විය හැකිද? මේ ලිපිය කියවන සෑම පුද්ගලයකුම අනිවාර්යයෙන්ම සිතනු ඇත. තමාද මේ ලැයිස්තුවට ඇතුළත්ව ඇද්ද යන්න. එකී වාසනාව හිමිකර ගැනීම සඳහා අප දරා ඇති උත්සාහය කිමෙක්ද යන්න සිහිපත් කරනු මැනවි.

මේ විස්තර ලොව හමුවේ කියාපාන ජෙරිල් පැටි‍්‍රක්ටද නොනැසී ජීවත්වන්නට අවශ්‍යයි. ඔහුට පමණක් නොව මටත් අවශ්‍යයි. ඔබ අප සැමටත් අවශ්‍යයි. ඒ සඳහා ජෙරිල් නම් බොහෝ දේ කරනු ලබයි.
නොනැසී ජීවත්වන්නට අවශ්‍යතාව ඇති ජෙරිල් පැටි‍්‍රක් ජීවත් වනුයේ පළතුරු සහ එළවළු ආහාරයට ගනිමිනි. ඒ නිසාම ඔහු බොහෝ කලක් ජීවත් වීමට අපේක්‍ෂිතයි. නොනැසී ජීවත්වන්නට අපේක්‍ෂිත ජෙරිල් මේ ගැන කොතරම් කම්පනයට පත් වුවද ඔහු උත්සාහය නම් අත් හරින්නේ නැත.

මෙම විෂයට අදාළ කරුණු සාකච්ඡාවට බඳුන් කරද්දී අපට කිසිසේත්ම අමතක කළ නොහැකි චරිතයක් ඇත. ඒ අන් කිසිවකු නොව කි‍්‍ර.ව 603 දී මෙක්සිකෝවේදී උපත ලබා කි‍්‍ර.ව. 683 දී මිය යන තුරුම වසර 52 ක්ම මෙක්සිකෝව පාලනය කළ සාකල් වෝටන් නම් වූ මහා ගණිතඥ ඉංජිනේරු පඩිවරයාය.

නියමිත වකවානු සහිතව ලෝකයේ පැවැත්ම පිළිබඳ අනාවැකි ඔහු ලිවීය. ඔහු ගල් ටැම්වල ඒවා සටහන් කොට සුරක්‍ෂිත ලෙස තැන්පත් කරනු ලැබීවේ ඔහු විසින්ම ඔහුගේ මරණින් මතු තම දේහය තැන්පත් කිරීම සඳහා තැනූ විශ්මිත විශේෂිත පිරමිඩයක පතුළේය. පසු  කලකදී කැනීම් සිදුකරන අවස්ථාවක මෙම පිරමිඩයද හමුවිය. එය ඉදිකර තිබුණේ මෙක්සිකෝවේ චියෝපස් වලය. එය හඳුන්වනු ලැබුවේ ‘පැලන්’ කියු නමිනි. එය ශබ්ෂණය තුළ බොහෝ දෙනෙකුට කාලය පිළිබඳ තොරතුරු රැුසක් ලැබී ඒවා ගැන පර්යේෂණ හා විශ්ලේෂණ රාශියක් සිදු කොට ඇත. ඒ අනුව ඔවුන් සනාථ කරගනු ලැබුවේ සොභාවික නොවන කාල චක‍්‍රයක් මිනිසා අනුගමනය කිරීම නිසා මිනිස් සිත් සතන් වලට බලපෑමක් සිදුව ඇති බවකි. ඔවුන්ගේ පර්යේෂණයන්ට අනුව තවදුරටත් සනාථ කර ගෙන ඇත්තේ සොභාවික කාල චක‍්‍රය යනු වසරකට මාස 13 ක් ද මසකට දින 28 ක්ද වන කාල චක‍්‍රයන් පැවතිය යුතු බවය. අවිචාරමත් කාල චක‍්‍රයක්  අනුගමනය කරමින් සිටින ලෝකයාට සාධක සහිතව කරුණු ඔප්පු කරමින් මෙය පිළිගැනීමට උත්සාහ කළද සියලූ රටවල් අභිබවා යමින් කුඩා රාජ්‍යයක් වන වකිතානුව එයට එරෙහි විය ගෝලීයකරණය වීමේ හේතුවෙන්  මෙම යෝජනාව අසරණ වුවත් එය පිළිගත් රටවල් කිහිපයක් මෙය අනුගමනය කරනු ලබයි. එක්සත් ජාතින්ගේ සම්මේලනයේ නොවිසඳා ඇති ප‍්‍රශ්න අතුරෙන් එකකි මෙය.

මෑතදී මිය ගිය මෙත්සිකන් ජාතික ජෝස් ආගියුලස්ගේ ගවේෂණ තුළින් ද පාකල් වෝටන් පෙන්වා දුන් ග‍්‍රහ තොරතුරු මැනවින් පැහැදිලිව ලොවට හෙළි කරන ලදී. ඒ අනුව අප දැනට ගත කරනුයේ කළියුගයේ අවසානයේ ය. වසර 5125 කින් එය යුත්තය ඉතිහාසයේ අනුවර්නී බව පෙන්වීමට ඔහු මෙම වසර 5125 බක්ටුන 13 කින් සමන්විත බව ඔප්පු කළේය. තවදුරටත් ඔහු පෙන්වා දුන්නේ එකී බක්ටුන 13 රූප ජනක උප ක්‍ෂේත‍්‍රයන් 13 ක් වශයෙන් සක්වලෙහි සමකාලීනව සිදුවන රශ්මි 13 හි චක‍්‍ර ලෙසටය.

ඔහු දන්නා තොරතුරු අනුව කලියුගයේ ආරම්භය කි‍්‍ර.පූ. 3113 දීය. 2012 වන විට එයට වසර 5125 පිරේ එක් බක්ටූනයනට වසර 394 න් හෝ දින 144,000 කි. මෙම බක්ටුන කාලයක් තුළදී සිදු වූ විවිධ කාරණා ඉතා සක්‍ෂිප්ත කොට මෙසේ සඳහන් කරමු.

0-1 වැනි බක්ටූනය - තාරකා වැපිරුණු බක්ටුනය - ගල් යුගයේ ආරම්භය. කි‍්‍ර.පූ. 3113 කි‍්‍ර.පු. 2718

1-2 වැනි බක්ටුන ය - පිරමිඩයේ බක්ටුනය - කෘෂි කර්මාන්තය

2-3 වැනි බක්ටුනය - රෝදයේ බක්ටුනය - රථ සහ රෝද  භාවිතය චීන වංශ කතා

3-4 වැනි බක්ටුනය - පූජනීය කන්දේ බක්ටුනය - රාජධානි බිහිවීම ආක‍්‍රමණ නිසා ශිෂ්ටාචාර විනාශවීම

4-5 වැනි බක්ටුනය - ෂං නිවසේ බක්ටුනය - ඉන්දීය වේද ශිෂ්ටාචාර බිහිවීම

5-6 වැනි බක්ටුනය - රාජකීය මුද්‍රාවේ බක්ටුනය - ලෝක යුද අවි අශ්ව රථ භාවිතය

6-7 වැනි බක්ටුනය - මානසික දියුණුවේ බක්ටුනය - මායන් කැලැන්ඩර් ක‍්‍රමයේ ආරම්භය බුදුන් වහන්සේ පහළ වීම. ක‍්‍රි.පූ.747-ක‍්‍රි.පූ.353

7-8 වැනි බක්ටුනය - අභිෂේකශ‍්‍රස්ට් බක්ටුනය - රෝම අධිරාජ්‍යය මහා ඇලෙක්සැන්ඩර් චීන මහා ප‍්‍රකාරය ජේසු තුමන් පහළවීම. කි‍්‍ර.පූ. 353 කි‍්‍ර.ව. 41

8-9 වැනි බක්ටුනය - කළු ස්වාමින්ව බක්ටුනය - රෝම අධිරාජ්‍යය බිඳ වැටීම කි‍්‍රස්තු දහම පිබිදීම

9-10 වැනි බක්ටුනය - මායාවරුන්ගේ බක්ටුනය මායන් සංස්කෘති බිහිවීම පාකල් බෝටන් පහළවීම ඉස්ලාමීය හින්දු බොදු දහම් ව්‍යාප්තිය (ඉස්ලාම් දහම බිහිවූයේ මින් වසර 1433 කට පෙරය.) කි‍්‍ර.ව. 435-830

10-11 වැනි බක්ටුනය - ශුද්ධ යුද්ධයේ බක්ටුනය - මෙත්සිකානු ශිෂ්ටාචාර බිඳ වැටීම, ඉස්ලාම් ධර්මය ව්‍යසනය, කි‍්‍රස්තියානු ශිෂ්ටාචාර සහ ගැටුම්, මුද්‍රණ ශිල්පය.

11-12 වැනි බක්ටුනය - සැඟවුණු බීජයේ බක්ටුනය - කි‍්‍රස්තු සංස්කෘතියේ උච්චම හා බෙදීම් ප‍්‍රතිසංස්කරණ

12-13 වැනි බක්ටුනය - පදාර්ථයන්ගේ පරිණාම බක්ටුනය - විද්‍යාව, භෞතික විද්‍යා, චිං අධිරාජ්‍ය නිව්ටන් වාදය, බැරොන් සංගීතය, කර්මාන්ත, විප්ලව, ප‍්‍රංශ - අමෙරිකානු විප්ලවය, රෝමකරණය, යුරෝපාකරණය, අධිරාජ්‍යවාදය, විදුලිය, රුසියානු විප්ලවය, ලෝක යුද්ධ, හිරෝෂිමා පරමාණු අභ්‍යාවකාෂ තාක්‍ෂණය අභිසරණයේ අනුවර්තී බව පෘථිවි පුනර්වර්ධනය

මේ අවසාන බක්ටුනය තුළ සිදුවී ඇති මහා විපර්යාසය සහ දැනට ලොව පුරා සිදුවෙමින් තිබෙන මහා අපරාධ, බල අරගල විපත් සලකා බලන විට සිදුවීමට තව ඉතිරිව ඇත්තේ මහා විනාශයක් මිස අන් කවරක්ද එය සක්සුදක් සේ පැහැදිලිය. විද්‍යාවෙ සහ තාක්‍ෂණය දියුණු වන ප‍්‍රමාණයට වඩා වැඩි වේගයකින් විනාශය අප කරා ළඟා වේ. අප සියලූ දෙනාම ටයිම් බෝම්බ පැළඳගෙන සිටින බවක් අපට කිසි විටෙක නොතේරේ. ජංගම දුරකතනයේ ප‍්‍රමාණය එදා ගඩොල් කැටයක ප‍්‍රමාණය විය. ඉන් පසු එය සබන් කැබැල්ලක ප‍්‍රමාණය විය. දැන් එහි ඝනකම කාඞ් බෝඞ් කෑල්ලක ප‍්‍රමාණයය. මුලදී එහි වූයේ සිම් එකකි. ඉන්පසු දෙකකි. දැන් 3 කි. මුළු ලොවම අප අතේ ය. අපට කළ නොහැකි කිසිවක් නැත.

අවබෝධය තුළින් අපට වෙනස් විය හැකි ද යන්න මොහොතකට අපි සිතා බලමු. අධර්මයෙන් ජීවත් වන අපට එම අධර්මිෂ්ඨකම් නිමා කළොත් අපේ ජීවිතෙන් වැඩක් ඇතිවේද කියා. ඒ ගැන සිතන විටත් බයයි. එය නම් සෑහෙන්න අමාරු වැඩක්.
අපගේ හෘද සාක්‍ෂිය සාක්‍ෂි දරාවි 2012 අවසානයේදී විය හැකි යැයි සිතන ව්‍යසනය අපට කෙසේ බලපෑ යුතු ද කියා. යහපත් අයට නම් බියවීමට කිසිම හේතුවක් නැත.

මේ ආශ්චර්යමත් සිදුවීම් මාලාවට තිබුණා වූ හේතුව කුමක් ද යන්න අපට කිසි අවබෝධයක් නොමැත. පමා නොවී දැන්වන් අපි වහ වහා බොදු පිළිවෙත් තුළට පිවිසෙමු. ඒ සඳහා අවශ්‍ය පසුබිම අප සතුය. තණ්හාවෙන් කෑදරකමින් අප ගොඩගසන කිසිවක් අප ගෙනයන්නේ නැත. පාපයෙන් මිදෙමු. යහපත් දේම කරමු. වෛරයෙන් මිදෙමු. බෙදා හදාගෙන ජීවත්වෙමු. අනුන්ගේ දුකේදී පිහිට වෙමු. මෙලොව හැර යන අප ගෙන යා යුත්තේ කුමක්ද? අපට ගෙන යාමට ඉතිරි වන්නේ අපේ හිත පමණි. ඒ සිත තුළ තැන්පත් කරගත්තා වූ හොඳ නරක ලබන්නාවූ ඊළඟ භවයට විපාක ලබා දෙනු ඇත. යම් විනාශයන් සිදු වන්නේ නම් බිය නොවී එයට මුහුණ දීමට හැකි ආධ්‍යාත්මීය තත්ත්වයන් ඇති කර ගැනීමට වහාම පුහුණු වෙමු.

බොහෝ ජාතීන් හටත් බොහෝ මිනිසුන් හටත් සැමවිට සිදුවනුයේ තමා කැමති දේට වඩා අකමැති දේය. තමා කැමති දේ සත්‍ය වශයෙන් ඉටු කර ගැනීම සඳහා යම් කි‍්‍රයාවලියක් පවතින්නේ නම් එය පවතින්නේ මනස හා සම්බන්ධවය. ආධ්‍යාත්මීය තාවය සම්බන්ධ වනුයේ මනස සමගය. එබැවින් දැහැමි බව තුළින් මනසට පිවිසෙමු.

Follow

Monday, July 2, 2012

මැරෙන්න පණ බයේ සිටි මරුසිරා


එල්ලූම් ගහට ගිය මිනිසකුගේ මිනිය ගොඩගෙන අධිකරණ වෛද්‍යවරයකු විසින් නැවත පරීක්‍ෂණයකට ලක් කෙරුණු අවස්ථාවක් එල්ලූම් ගහේ ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ එක් වතාවක් පමණි. ඒ මරුසිරාගේ මළ සිරුරය.

මරු සිරා යනු කවරකුදැයි විස්තර වාසගම් අවශ්‍ය වන්නේ නැත. ”සිරිපාල හා රන් මැණිකා” චිත‍්‍රපටයත් ”මරු සිරා” චිත‍්‍රපටයත් නිර්මාණය වූයේ ඔහු නිසාය. එල්ලූම් ගහට ගිය මිනිසකු වෙනුවෙන් එදා මෙදා තුර මුළු මහත් සමාජය පතුළෙන්ම විරෝධයට අමතරව කම්පනයක් ද ඇවිළී ගියානම් ඒ ඔහු වෙනුවෙන්මය. ගරු ගාම්භීර අධිකරණය තුළ තමා නමින් මරණ වරෙන්තුව ලියැවෙද්දීත් රන් මැණිකා සමග ඈත රජරට වන පෙතේ පෙම් සුව විඳිමින් සිටියේ ඔහුය. තමා එල්ලූම් ගස් යවා මළ පසු ඒ මරණය සිදුවූයේ

Thursday, June 28, 2012

එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව


1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා ඉතිහාසයේ පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත. එල්ලූම් ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේද ඉංගිරියේ කළුඅප්පුය. ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම කළුඅප්පු කළ වරද විය. ගස් හැමතැනම තිබුණද එල්ලූම් ගස් හැමතැනම නැත. දැනට ලංකාවේ එල්ලූම් ගස් තියෙන්නේ දෙකකි. එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනෙක බෝගම්බර බන්ධනාගාරයේය. යාපනය බන්ධනාගාරයේද එල්ලූම් ගසක් තිබුණද පසුකාලයේදි එය ඉවත් කර තිබේ.

ඉංගිරියේ කළුඅප්පු එල්ලා මැරුවේ වැලිකඩදී බෝගම්බරදී හෝ යාපනයේදී හෝ නොව පෑලියගොඩදීය. එයට හේතුව, මුල් කාලේදී එල්ලා මැරීම කරනු ලැබුවේ මිනීමැරුම් සිදුවූ ස්ථානයට ආසන්නම නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයකය. ඉංගිරියේ කළුඅප්පු එල්ලූමගහට ගියේ පෑලියගොඩ ප‍්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පෝරකයකය.
එදා අළුගෝසුවා වශයෙන් කටයුතු කළේ

Saturday, June 23, 2012

ලාංකීය හදවත් එක්කරමින් ලොවම මවිත කල උතුම් යුධ නාමය

ඒ ලාංකීය ඉතිහාසය දෙපලු කරමින් රුදුරු ත්රස්තවාද ඉහලටම නැගී සිටි කාලයයි. යුද්ධයක් කර පලපුරුද්දක් නොමැති ශ්රීලාංකිකයන් මරණ බියෙන් සිටි අවදියක දැය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට පහල වූ වීර සෙම්පතියා ගැනයි මේ.
.....................................
බයෙන් ඇලලී ගිය යුධ වාතාවරණයක, ලාංකික තරුණ සිත දැඩි කිරීමට දැරූ උතසාහයේ ප්රතිපලය අප අද බුක්තිවිඳින්නෙමු, ශ්රී ලාංකිය හමුධාවට දරුවන් දීමට අකමැති වූ දෙමව් පියන් සෙම්පති නාමය පිලිබ්ඳ දැඩි විශ්වාසය තබා දේශය වෙනුවෙන් තම දරුවන් ලබා දුන්නාහ.

'ළමයිනේ අපිට හුගක් ලොකු වැඩක් බාර වෙල තියෙන්නෙ,

ක්ලේමෝ බෝම්බ වැලක් ඇගවටා තබාගෙන දේශය වෙනුවෙන් දිවි දුන් නිලන්ත පුෂ්ප කුමාර


"නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි support team1 එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක. හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....."

වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්‍රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව දෙසිනුත් දරනු ලෙස ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන්නට වුණි. මුහුදු කොටි නායක සුසේ ඇතුලු අනෙකෙකුත් නායකයන් රැසක් සමග විශාල කොටි පිරිසක් මෙම සටනට පැමිණ තිබුණහ. මරාගෙන මැරෙන කොටි පමණක් නොව, පුපුරන්ද්‍රව්‍ය සහිත රතද යොදාගෙන තිබුණි, ඔවුන්ගේ ඉලක්කය වූයේ ආරක්ශක හමුදා අවි ගබඩාවයි.

තම බිලිදිය මෙලොව එලිය දකින්නටත් පෙර දේශය වෙනුවෙන් දිවි දුන් ලලිත් ඡයසිංහ

සර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල high secure 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා targets ගමු.
ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය.
................................

Tuesday, June 19, 2012

නිල්වලා ගඟේ කිඹුල් සංහාරය

පසුගිය කාලයේ මිනිසුන්ට එල්ලවූ තර්ජනය නිසාම දැන් මාතර  නිල්වලා ගග අවට පදිංචිකරුවන් කිඹුලන් මරා දැමීමට පෙළඹී සිටින බව නිතර නිතර නිල්වලා ගෙග් පාවී යන කිඹුල් මළ සිරුරු වලින් පෙනී යයි. වස දමා හෝ වෙඩි තබා කිඹුලන් ඝාතනය කරන බවට සාධක ලැබී ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රසන්ත විමලදාස මහතා කියා සිටියේය.

කිඹුලන් මරා දැමීම දඩුවම් ලැබිය හැකි වරදක් වුව ද ප‍්‍රදේශයේ ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජනයට මුවා වී කිඹුලන් මරා දැමීම දැන් බහුලව සිදුවන බව ද එය වැළැක්වීමට කඩිනමින් කටයුතු කරන බව ද හෙතෙම කීවේය.

ඩයිනෝසර් යුගයේ සිට පරිනාමය වූ කිඹුල් විශේෂ 23 ක් ලෝකයේ දක්නට ලැබෙන අතර මෙරට තෙත් කලාපයේ ගැට කිඹුලා හෙවත් පිට ගැටයා නමින් හඳුන්වන කිඹුල් විශේෂයත් වියළි කලාපයේ හැල කිඹුලා නම් කිඹුල් විශේෂයත් දක්නට ලැබේ. කලින් මෙහි ජීවත් වූ එක් විශේෂයක් වඳවී ගොස් ඇති බවට වාර්තාවේ.

Sunday, June 17, 2012

කටවරදවා ගැනීමෙන් අලුත්ම කැබ්රිය අලකොළආර මැද නවතී

කතරගම දේවියන්ගෙ අඩවියේ හාස්කම් -7 

වනාන්තරයේ ඇති නිහඬ බව බිඳිමින් කැබ් රථයක් පණ ගැන්වෙයි. කුමණ කැලෑව තුළින් නිසංසලව ගලා බස්නා අලකොළහාර ඉදිරියෙනි. අඩි දෙක තුනක වතුර එහි ඇතත් බාධාවක් නැතිව එගොඩ විය හැකිය. රථය ඇතුළේ වනජීවි දෙපාර්තමේන්තුවේ එවකට සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වූ එම්.සී.ජී. රූපසිංහ මහතාය. ඔහු කලක් යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු ලෙස ද ක‍්‍රියා කළේය.

රූපසිංහ මහතාගේ කැබ් රථයට අමතරව තවත් වාහන හතරක් ඉදිරියේ ඇත. මේ වාහන හතර අලකොළහාර අසල නවතා තිබුණේ රූපසිංහ මහතාගේ වාහනය ප‍්‍රමාද වූ නිසාවෙනි. පිරිස මේ යන්නේ කතරගම දෙවියන් වැඩ සිටින බවට විශ්වාසකරන කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මහකැබිලිත්ත දේවාලයටයි.

Monday, June 11, 2012

මරණයේ මිටියාවතේ ඇවිදින පාෂාණ

අමෙරිකාවේ රේස් ට්‍රැක් ප්ලාසා ප්‍රදේශයේ පිහිටි මරණයේ මිටියාවතට ඒ නම ලැබී තිබෙන්නේ නෙත ගැටෙන මානයේ මිනිසෙක්, සතෙක් තබා ගහ කොළක්වත් දක්නට නැති නිසාය. 

ගිම්හාන සමයන්හිදී පොළව දස අතට ඉරි තලා යයි. ශීත කාලයන්හිදී ඒ පැළුම්වල අයිස් බැඳේ. මේ අතර මේ හුදෙකලා පොළව මත කිසිවෙකුටත් නොපෙනෙන අබිරහස් ක්‍රමයකට ලොකු කුඩා ගල් පර්වත සහ පාෂාණ කැබලි ඉදිරියට ඇදෙයි.

ඇවිදින පාෂාණ, යාත්‍රා කරන පර්වත හෝ ලිස්සා යන පාෂාණ වැනි යෙදුම් වලින් හැඳින්වෙන මේ සංසිද්ධිය තවම වටහා නොගත් අබිරහසකි. මිටියාවත පුරා පාෂාණ පැමිණි මඟ සලකුණු දිස්වේ. ඒවා හිස් බිම මත ඇදෙන ගොළුබෙල්ලන් මෙනි. බැලූ බැල්මට චලනය වන බවද නොපෙනේ. සමහර විට ඒවා චලනය වන්නේ මිනිස් ඇසට ග්‍රහණය කර ගත නොහැකි ලෙස විය යුතුය.

Sunday, June 10, 2012

කමාන්ඩෝ සෙබළුන්ට සවියක් වූ 'ස්නෝවි'


වන්නියේ අම්පකාමම් හි කඳවුරක විශේෂ පුහුණුව ලැබූ කොවුලන් නමැති කොටි නායකයා ඇතුළු හය දෙනකුගේ කණ්ඩායමක් 2008 මාර්තු 12 දා වැලිඔය හමුදා පාලන ප‍්‍රදේශයට ඇතුළු වූයේ යුද හමුදා දිගු දුර මෙහෙයුම් එ්කකයේ සෙබළුන් මෙන් කාලයක් සැඟවී සිට වැලිඔය රජයේ පාලන ප‍්‍රදේශයේ හමුදා වාහන වෙත ක්ලේමෝ ප‍්‍රහාර එල්ල කිරීම හා හමුදා අනුඛණ්ඩ වලට පහර දීමටය. මෙයට පෙර වැලිඔය බළසේනා මූලස්ථානය ඉදිරිපිට සිවිල් බස් රථයක බෝම්බයක් පුපුරවා හැරියේද මෙම කොවුලන් ය.

මාර්තු 14 දා කොවුලන් ඇතුළු කණ්ඩායම හමුදා සෙබළුන්ට වෙඩි තැබුවේ තම කණ්ඩායම දැක ඇති බවට සැක පහළ වූ බැවිනි. ප‍්‍රහාර එල්ල කොට කිලෝ මීටර් 2ක් පමණ ඔවුන් ඈතට යද්දී ඔවුන්ව හඹා ගිය සෙබළුන් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කළෙන් එක් ත‍්‍රස්තයකු මියගිය අතර ක්ලේමෝ, පුද්ගල නාශක බෝම්බ, පණිවුඩ හුවමාරු ආදී භාණ්ඩ රැසක් ද වැලිඔය ප‍්‍රහාර සඳහා ඇඳ ගත් සිතියමක් ද සෙබළුන් විසින් සොයාගන්නා ලදී. ඉතිරි වූවන් සොයමින් මෙහෙයුම් ඇරඹූ අතර වහාම වව්නියාවෙන් නිල සුනඛයන් ගෙන්වා කොටි ගිය මාර්ගය සෙවීමට හමුද ප‍්‍රධානීහු කටයුතු කළහ.

Thursday, June 7, 2012

රුවන්මැලිසෑ ප‍්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහමාරක් පිරිනැමූ ගැමි සිටු වරයා


එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී සුදුවන් වැලි තලයෙන් යුතු රුවන්වැලි සෑ මළුවේ බණ භාවනාදී පිංකම්හි නිරතවී සිටිති. සුදු වතින් සැරසීගත් බාලිකාවෝ පිරිසක් එම සැදැහැවතුන් වෙත පැමිණ ආධාර එකතු කරමින් සිටිති. ඒ රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාය.

ප‍්‍රසන්න පෙනුමකින් යුතු උත්තුංග දේහධාරී වයෝවෘද්ධ සැදැහැවතෙක් කුඩා පිත්තල වංගෙඩියක් තුළ බුලත් විටක් කොටමින් සිටියේය. ආධාර එකතු කරමින් පැමිණි බාලිකාවෝ ඔහු වෙත පැමිණියහ.
”සීයා.... චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට ආධාරයක් දෙන්න.” බාලිකාවන් අතර සිටි කටකාර එකියක් කීවාය.

”සීයා?... මම කොහොමද බොලාට සීයා වෙන්නෙ?” වයෝවෘද්ධ සැදැහැවතා සිනාමුසු මුහුණින් යුතුව මෘදු ස්වරයෙන් ඇසීය. ඔහුගේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයාගත නොහී දැරියෝ පසුබා නිහඬව බලා සිටියහ.

ඒ දරුවො ඔහේට සීයා කියල කථා කළේ වැඩි ආදරේට නේ අප්පුහාමි. සැදැහැවතා අසලින් වාඩිවී සිටි එම වියේම පසුවන අනෙක් සැදැහැවතා බාලිකාවන් වෙනුවෙන් කථා කළේය.
එහෙමද? එහෙනම් ලියාගනිල්ලා මගෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්. සැදැහැවතා ගත් කටටම කීවෙන් බාලිකාවෝ ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසෙමින් එතැනින් නික්ම ගියහ.

Sunday, June 3, 2012

පාකිස්තානය (01-01) විස්සයි-20 තරගාවලිය සම කරයි


සහීඞ් අෆ්රීඩිගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (03) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්වු දෙවනි තරගයෙන්  ලකුණු 23 කින් ජය ගැනිමට පාකිස්තාන පිල සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත  ඕවර 20 තුළදී

Saturday, June 2, 2012

ජේම්ස් බොන්ඩ්ට උපත දුන් මහා සාහිත්‍යකරුවා ඉයන් ෆ්ලෙමිං

ජේම්ස් බොන්ඞ් 007, මෙරට සාහිත්‍ය ලෝකයේත් අමරණීය නාමයකි.....
රහස් පරීක්ෂක කතාවලට පි‍්‍රයකරන පාඨකයන්ගේ මනදොල පුරවන ජේම්ස් බොන්ඞ් උපන්නේ 1908 අවුරුද්දට වසර ගණනාවකට පසුවය. ඔහුගේ තිඹිරි ගෙය වූයේ ඉයන් ප්ලෙමිං නැමති බුද්ධි අංශ නිලධාරියාගේ සිතය.....
ජේම්ස් බොන්ඞ්, අපරාධ ලෝකයේ සුපිරි වීරයකු ලෙස

බොරු රන්මාලයක් පැළඳි ගුරුවරියට රන්මාල කඩන්නාගෙන් දෝස්මුරයක්


රන් මාලයක් වෙනුවට බොරු මාලයක් පළඳා තමා රැවටූ බව දැනගත් රන් මාල සොරකු කෝපයට පත්ව තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනැයි ගුරු මහත්මියක තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පසුගියදා හක්මන, දෙනගම වැව අසලදී පා ගමනින් ගිය මෙම ගුරු මහත්මියගේ ගෙල පැළඳි මාලය කඩා ගෙන ගොස් ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තරුණයෙකි.

මාර නැටිල්ල



Friday, June 1, 2012

මෙහෙමත් හොරැ



Live Video A Girl Train Accident


පළමු විස්සයි-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්‍ෂ පන්දු යැවිම නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (1) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේ ආරම්භවු තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 37 ජය අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Thursday, May 31, 2012

මැතිව්ස් පන්දු යැවීමට සූදානම් !

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (1 වැනිදා) හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන විස්සයි-20 කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම් බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.

බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු

ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති. මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ. සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත් තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත. මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර් 2542කි. පළල කිලෝමීටර් 69කි.

Sunday, May 27, 2012

අයි. පී. එල්. ක‍්‍රිකට් ශුරතාව කොල්කටා නයිට් රයිඩර්ස්ට


චෙන්නායිහි ඊයේ (27) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී මන්වින්දර් බිස්ලා (89) සහ ජැක් කලිස් (69) ගේ විශිෂ්ඨ පිතිහරඹය නිසා කොල්කටා නයිට් රයිඩර්ස් පිල  චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුුලූ 5 කින් පරාජය කරමින් ශුරතාව දිනාගත්තේය.

Tuesday, May 15, 2012

ජයසූරියට කැනඩාවෙන් පොල්ලක්


කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැති කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය ඇතුළු අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් රැුසක්ම තරගාවලියේ පොරොන්දු මුදල් ලැබෙන තෙක් තවමත් බලා සිටින බව වාර්තා වේ.
මෙම තරගාවලියට අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ නමගිය

Monday, May 14, 2012

දිල්හාර ප‍්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිල ඉදිරියේදී සහභාගි වීමට නියමිත පාකිස්තානු සහ ඉන්දීය, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලිවලට සහභාගි වීම සඳහා කණ්ඩායම් තේරීම සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ඇතුළත් කර තිබේ.
දිගින් දිගටම ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ දිල්හාර ආසාර්ථක වීම නිසා පසුගිය වසරේ

2012.5.15 දවසේ පින්තුර

සිංහලේ රාජ උරුමයේ අවසානය

දෙවැනි රාජසිංහගේ එකම පුත් දෙවැනි විමලධර්මසූරියගේද එකම පුතා වූයේද වීරපරාක‍්‍රම නරේන්ද්‍රිසිංහයි. මේ කුමරු රාජකීය පරම්පරාවකට සම්බන්‍ධ නොවූ දෝලියකට දාව රජුට ජාතක වූ දරුවෙකි. ඔහු හැදී වැඩුණේ රජ මාලිගාව තුළ නොව උඩිස්පත්තුවේ පොද්දල්ගොඩ ප‍්‍රදේශයේ ගල් ගුහාවක් තුළ රහසිගතවය. එබැවින් ඔහු හැඳින්වූයේ ‘‘කඩතුරා ගල්ලෑනේ කුමාරය’’ යන හුරතල් නාමයෙනි. දෙවැනි විමලධර්මසූරිය රජු 1706 ජූනි 06 දින හදිසියේම මියගියෙන් රජකමට සුදුස්සෙකු තෝරා ගැනීම පිළිබඳව මතභේදයක් රාජ සභාවේ පැණ නැගුණි. දෙනුවර ප‍්‍රධානීන්ගේ මතය වූයේ

එදා විල්පත්තු ප‍්‍රහාරයෙන් බේරුණු වන ජීවි සේවකයා කියන කතාව

                                          ජී.එම්.ජී. සෝමපාල

1985 මැයි 14 දින එල්.ටී.ටී.ඊ. සන්නද්ධ ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් පුත්තලම එළුවන්කුලම ප‍්‍රදේශයේදී පැහැරගත් ලංගම බස් රථයකින් අනුරාධපුර ශුද්ධ නගරයට ගොස් එහි උඩ මළුවේ බෝ මළුව සැදැහැවතුන් සියයකට අධික පිරිසකගේ රුධිරයෙන් තෙත් කළ ම්ලේච්ඡ ප‍්‍රහාරයට අදට (14) හරියටම වසර 27 කි. ඇසූදුටුවන්ගේ හදවත් සසල කළ මෙම බිහිසුණු සිදුවීම

මෙක්සිකෝවේ ගගක් යට ගගක්

ජලය යට පිහිටි තවත් ගංගාවක් මෙක්සිකෝවෙන් සොයාගෙන තිබේ. මෙක්සිකෝවේ සෙනොටේ ඇන්ජලිටා නමැති ගල්ගුහාව ඇතුලතින් ගලා බස්නා ගංගාවක කිමිදීම් කළ ඇනටොලි බෙලොෂ්චින් විසින් මේ ගංගාවේ ඡායාරූප ගනු ලැබ ඇත. ඔහු පවසන්නේ මීටර 30 ක් දක්වා මිරිදියේ කිමිදුනු පසු ලවණ මිශ්‍ර ජලය

බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය

ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතවනාරාමය සහ අභයගිරියත් මගේ නෙතට හසුවෙමින් තිබුණි. මහ සෑරදුන් අතීත ශ්‍රී විභූතියක මහිමය කියා පාමින් නිසලව වැඩ සිටියේ නිහඬ අතීතයක

Saturday, May 12, 2012

2012.5.12 දවසේ පින්තුර

හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින්

පෙම්වතිය හීනෙන් දැක පියවි ඇසින් දකින්න සිතක් පහළ වී යක්කු ගස් නගින මහ රෑ ජාමේ නින්දෙන් පිබිදී ඇය සොයා පැමිණි පෙම්වතකුට අලි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. එපුවත මෙසේය.
මහ රෑ පෙම්වතිය සිහිනෙන් දුටු පෙම්වතා මධ්‍යම රාත‍්‍රියේ පෙම්වතියගේ ගමට ගියේ

සිරිපා හිමේදී මිනිසුන් අතරමං කරන බලවේග

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ.
සමන් දෙවි`දුන්ගේ අඩවියේ හාස්කම් අනූනය. නමුදු මේ අඩවියට පිටතින් එන කටකාර තරුණ සහ වැඩිහිටියන් ඇතැම් අවස්ථාවල මේ හාස්කම් ගැන කතාකරන විට හාස්‍යයෙන් ඒ දෙස බලයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකරති. එවැනි අවස්ථාවල

සිරිපා අඩවියේ නෑසූ කතා


සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි. සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කියති.  අනුහස්, හාස්කම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග බලගතුව ඇති ගුප්ත ප‍්‍රදේශයක් ලෙස පැරැණ්නෝ මේ අඩවිය හදුන්වති. අද මෙන් එළිපෙහෙළි නොවූ රූස්ස ගස්වලින් සෙවන ලැබූ අතීත සමනල අඩවියේ මහපොළොවට අව්වක් වැටුණා නම් ඒ මහ ගල්තලාවක්ය. එසේත් නැත්නම් ගස් කොළන් නොවැඩෙන දියසීරාව ඇති බිම්කඩක්ය.
සමනල අඩවියේ සිරිපා කන්ද පිහිටා ඇති අතර

Thursday, May 10, 2012

වෝනර්ගේ (109*) වේගවත් ශතකය ඩෙකෑන්ට 10 වැනි පරාජය ගෙනෙයි


 ඬේවිඞ් වෝනර් පන්දු 54 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස් කරමින් 17 වැනි  ඕවරයේදී දිල්ලි පිල ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියානු ආරම්භ පිතිකරු ඬේවිඞ් වෝනර්ගේ (නොදැවී 109) වේගවත් ශතකය නිසා

Wednesday, May 9, 2012

චීනයෙන් හමුවූ වසර 1500ක් පැරණි බුදු පිළිම


වසර 1500ක් පැරණියැයි විශ්වාස කරන බුදු පිළිම 3000 ක් සොයාගත් බව චීන පුරාවිද්‍යාඥයෝ පිරිසක් පවසති. උතුරු චීනයේ හෙබෙයි ප‍්‍රාන්තයේ හන්දාන් නමැති ප‍්‍රදේශයේදී මේවා සොයාගෙන ඇත. පසුගිය ජනවාරි මාසයේ ආරම්භ කැරුණු කැණීමකින් මේවා හමුවී ඇත.
සමාජ විද්‍යාව පිළිබඳව චීන ඇකඩමියේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායම වාර්තා කරන්නේ මෙම බෞද්ධ පිළිම නැගෙනහිර වෙයි හා දකුණු කුයි රාජධානි පැවති කාලයටත් වඩා අතීතයකට අයත් බවයි. කි‍්‍රස්තු වර්ෂ 534-577 කාලයේ සාදන ලද බද්ධ පර්යංක ධ්‍යාන මුද්‍රාව

Saturday, May 5, 2012

දේශප්‍රේමිනි, රට වෙනුවෙන් පෙරට එන්න

චැනල් 4 හි වල ලංකාවට එරෙහි වීඩියෝව Bafta TV Awards 2012: Current Affairs යන සම්මානය දිනීම වලකමු.
 

  Stop 'CHANNEL 4: SRI LANKAN'S KILLING FIELDS (Channel 4) video winning ' Bafta TV Awards 2012 : Current Affairs' award!

Friday, May 4, 2012

සුභ වෙසක් මංගල්‍යයක් වේවා...........

කිරිපිටි බද්ද ඉහළට


කිරිපිටි-සිමෙන්ති-ගෑස් මිල ඉහළට

ගෑස් 350කින්: කිරිපිටි කිලෝවක් 163කින්: සිමෙන්ති 70කින් වැඩිවේ
පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන සේ මිල වැඩි කළා - ඇමැති ජොන්ස්ටන් 

කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ගණන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් ඉහළ දමා ඇත. කිරිපිටි කිලෝග්‍රෑම් එකක පැකට්ටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව මාලිංග ප්‍රතික්ෂේප කරයි

වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත පිරිනමන කොන්ත්‍රාත්තුව අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. එයට හේතුව වන්නේ වාර්ෂිකව එම කොන්ත්‍රාත්තුව ඔස්සේ ලැබෙන මුදල්

Thursday, May 3, 2012

කතරගම පුදබිමේදී පූජා වට්ටිය අතැති රියදුරා අතරමං වෙයි

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 


කැලණිය පැත්තේ කිතුනු ආගම් භක්තිකයන් පිරිසක් වසරක් පාසාම කතරගම වන්දනාවේ යාම පුරුද්දක් කරගෙන තිබුණි. මීට මාස කිහිපයකට පෙරදී පිරිස කතරගම පිටත්ව ගියේ වෑන් රථයකිනි. පවුල් දෙකක සාමාජිකයෝ එහි වූහ. ඔවුන් කිතුනුවන් වුවත් කතරගම දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇත.
ඉක්මනින් කතරගමට ඇවිත් පූජාව තබා විනෝද වීම පිරිසේ වැඩි දෙනෙකුගේ වුවමනාව විය. කතරගමට පැමිණ නවාතැන්පොළක්ද වෙන්කරගත් පසු

මියගිය තාත්තා කතරගම දේවාලය ගාවට ඇවිත්

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 


කුලියාපිටිය ප‍්‍රදේශයෙන් කතරගම වන්දනාවේ ගිය නඩයකි. පිරිස කිරිවෙහෙර වදිති. එහිවූ තරුණ කළමනාකාර සහකාරවරියක් කිරිවෙහෙර චෛත්‍ය මලූවේ වාඩිවී බෝධිපූජා පොතක් කියවමින් සිටියාය.
ඇය අසලින් සුදෝසුදු කෙස් සහ දිගැති රැවුලක් හිමි වයෝවෘද්ධ තැනැත්තෙක් සුදු වස්ත‍්‍රාභරණයෙන් සැරසී ඇගේ බෝධිපූජා පොත කියවීමට ද සුලූ බාධාවක් කරමින්

දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර

ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.
කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි

බසයට ගොඩවූ තරුණියට ටිකට් නොදී කොන්දොස්තර ‘අනඟ බැල්ම’ දාලා

කුරුණෑගල සිට හලාවත දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි.
තරුණිය බස් රථයට නැග්ගේ අතර මගිනි.
ඇය හෙට්ටිපොළ යැයි පවසා කොන්දොස්තර මහතාට මුදල් දුන්නාය.
ඒ වෙනුවෙන් ඇයට ටිකට් පතක් නොලැබිණි.
ඇයට පසුව රථයට ගොඩවූ උදවියට ටිකට්පත් ලැබිණි.
තරුණිය කිහිප වතාවක් තරුණ කොන්දොස්තරවරයා දෙසට දෑස් හෙලූවාය.
තමා කඩවසම් වූ නිසාවෙන් තරුණිය

මැදිවියේ අනංගයා අපූරු පිළිතුරක් දීලා


පිටකොටුව බලා ගාලූ පාරේ ධාවනය කැරුනු බසයකි. අසුන් සියල්ල මගීන්ගෙන් පිරී තිබිණි.
ඉදිරියේ අසුනක වීදුරුව අයිනේ වාඩිවී උන් තරුණිය යම් අපහසුතාවකින් මෙන් එහාට මෙහාට ඇඹරෙයි. ඇය අසල වාඩි වී සිටියේ මැදිවයසේ පිරිමියෙකි.
තරුණිය නොරිස්සුම් ස්වභාවයකින් බොහෝ

Wednesday, May 2, 2012

කැබිලිත්ත දේවාලය අසලදී වලිකුකුළු මස් කෑ ලොක්කාට අතීසාරය

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4


කතරගම දෙවි`දුන් පිළිබදවූ විශ්වාසය පානම්පත්තුවේ ජනතාවගේ හදවත් තුළ පැළපදියම්වී ඇත්තේ විවිධ හාස්කම් හේතුවෙනි. ඒ නිසා කතරගම දෙවි`දුන් උදහස් කරගැනීමට කතරගම දෙවිදුන්ගේ අඩවියේ වෙසෙන කිසිවෙකුත් කැමති නැත.
දශක ගණනාවකට පෙර මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනයි. හේන් වගාව මෙන්ම

කතරගම දේවාලයට කැලෙන් එන පාර පෙන්නු අමුත්තා අතුරුදහන්

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3

රට තුළ ඇතිවූ විවිධ අපල උපද්‍රව වලදී කතරගම දෙවියන් අතහැර වෙනත් දේව අඩවිවලට සිංහල බෞද්ධයන් සංක‍්‍රමණයවීම ඊට හේතුවකි.  සිංහලයන්ගේ පලායාමෙන් පසු කතරගම දෙවියන්ට පුදපූජා පැවැත්වීම හින්දු භක්තික දෙමළ ජනතාව විසින් සිදුකරනු ලැබීම නිසා හින්දු භක්තිකයන්ට වැඩිපුර කතරගම දේවයන්ගේ ඇල්ම බැල්ම ඇතැයි එම මතය දරන්නෝ පෙන්වා දෙති.
කතරගම දෙවියන් යනු මහසෙන් රජු බවට පවතින විශ්වාසය

කොළඹ - නුවර පාරේ උපත

ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජු අල්ලා ගැනීමට කොළඹ සිට මහනුවරට ගිය ඉංග‍්‍රීසි හමුදාවට ඒ සඳහා නියමිත මාර්ගයක් නොතිබූ අතර පේරාදෙණිය දක්වා ගන වනාන්තර මැදින් ගමන් කළ මේජර් ඬේවි ඇතුළු ඉංග‍්‍රීසි හමුදාව එතැන් සිට මහනුවරට ළඟාවූයේ මහවැලි ගංඟාව තරණය කිරීමෙනි.
හෙන්රි මාෂල්ගේ දිනපොතට අනුව 1803 ජූනි 24 වැනි දින (සිකුරාදා) පිටාර ගලමින් තිබුණු මහවැලි ගඟ අසල ඇති

Tuesday, May 1, 2012

මහකැබිලිත්ත දේවාලයේදී දෙවියන් දුන් තෑග්ග

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 


‘‘ අපි ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානයේ තිහක හතළිහක පිරිසකට පුහුණු වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා. එතකොට ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානය භාරව හිටියේ දැන් වනජිවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බී.එම්. ධර්මතිලක මහතායි. අඩවි සහකාරවරුන්ට පුහුණුව තිබ්බේ. අවසාන පුහුණුවට

හොරුන්ට මර බිය ගෙනඑන මහකැබිලිත්තේ 'දිවුරුම්ගල'

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1

කතරගම දෙවියන් සම්බන්ධව ඇති හාස්කම් පිළිබදව භක්තිවන්තයන් විසින් විවිධ සිදුවීම් විස්තර කරනු ලබයි. කතරගම දේවාලය මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් රටපුරාම විවිධ ස්ථානවල වෙන්වුනු දේවාල පිහිටුවා තිබේ.
වැඩහිටිකන්ද කතරගම දේවාලයේ හිටපු කපුමහතාවු එච්.ඒ.වී. රණසිංහ මහතා කලකට පෙර

සිංහලයිනි නැගිටිව්, මේ සිංහනාදයට කන් දෙව්!!!


මතක තියා ගනිල්ලා..
කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවො වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.
ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන් උඹලාගේ

Monday, April 30, 2012

මියගිය රාජාට පණ දුන් හැටි


”මුළු ප‍්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්ත ගෝමර සහිත අති අලංකෘත හස්ති රාජයෙක් මගේ ඉදිරිපිටට එනවා. මට කිසිම බයක් හිතුනේ නැහැ. ටික ටික

විසිහතර වසරකට පෙර ඇසළ පෙරහරට අහිමි වූ ‘රාජා’


කාන්තිමත්,ශාන්ති නායක, තිලෝගුරු, සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලද වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා වසරක් පාසා සිදු කෙරෙන උත්තරීතර පූජෝපහාරයක් වශයෙන් ඓතිහාසික සෙංකණ්ඩ ශෛල පුර නබෝ ගැබ හේවිසි, හොරණෑ, ගැටබෙර නාදයෙන් ගිගුම් දෙවමින්,

Saturday, April 28, 2012

අයි.පී.එල්. මුදල් නිසා රට අමතක වන සුපිරි තරු

අයි.පී.එල්. හෙවත් ඉන්දියානු පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පස්වනවරටත් මේ වන විට පැවැත්වෙමින් තිබේ. අප්‍රේල් මස හතරවැනිදා ආරම්භ වී මැයි මස 27 වනදා දක්වා දින 51 ක් තුළ කණ්ඩායම් නවයක සහභාගිත්වයෙන් ඉතාමත් තරගකාරිත්වයකින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලියට මෙවර තරග 76 ක් ඇතුළත්ය.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල චරිත සමග ඉන්දියානු තරුණ ක්‍රීඩකයන් තරගවදින අයි.පී.එල්.

රේල්පිල්ලක් බෙල්ල වටේ නැවු යකඩයාගේ අරුම පුදුම කතාව

මට නිකරුනේ අලියෙක් ගැහුවත් මම අලියටත් ගහනවා - යකඩයා
අවුරුදු සියය ඉක්මවා ජීවත්වන මිනිසුන් සොයා ගැනීම අද අප රටේ අපහසු කරුණකි. අවුරුදු 50, 60 වැනි කාලවලදී නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරුව තව අවුරුදු කීපයක් දුක්විද බොහෝ දෙනා කෙටි කාලයකින් අවසන් ගමන් යයි.
මේ අවසාන කාලයේදීත් බොහෝ විට සිය පවුලේ සාමාජිකයන්ගේ උදව්වෙන් ජිවත් වේ. ජීවත් වුවත් මළවුන් වැනිය. මෙවැනි බොහෝ දෙනා අප අපට අද සමාජයේ අනන්තවත් හමුවේ.