Thursday, May 31, 2012

බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු

ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති. මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ. සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත් තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත. මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර් 2542කි. පළල කිලෝමීටර් 69කි.