Monday, April 30, 2012

මියගිය රාජාට පණ දුන් හැටි


”මුළු ප‍්‍රදේශයම ආලෝකවත් වෙලා තිබුණා. මම හිටියේ කොහේද කියලා මට හිතාගන්න බැහැ. නමුත් ඒ සුන්දර ස්ථානයක්. මහා දැවැන්ත ගෝමර සහිත අති අලංකෘත හස්ති රාජයෙක් මගේ ඉදිරිපිටට එනවා. මට කිසිම බයක් හිතුනේ නැහැ. ටික ටික

විසිහතර වසරකට පෙර ඇසළ පෙරහරට අහිමි වූ ‘රාජා’


කාන්තිමත්,ශාන්ති නායක, තිලෝගුරු, සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධයෙහි පහස ලද වාම ශ්‍රී දළදා වහන්සේ උදෙසා වසරක් පාසා සිදු කෙරෙන උත්තරීතර පූජෝපහාරයක් වශයෙන් ඓතිහාසික සෙංකණ්ඩ ශෛල පුර නබෝ ගැබ හේවිසි, හොරණෑ, ගැටබෙර නාදයෙන් ගිගුම් දෙවමින්,

Saturday, April 28, 2012

අයි.පී.එල්. මුදල් නිසා රට අමතක වන සුපිරි තරු

අයි.පී.එල්. හෙවත් ඉන්දියානු පළමු පෙළ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පස්වනවරටත් මේ වන විට පැවැත්වෙමින් තිබේ. අප්‍රේල් මස හතරවැනිදා ආරම්භ වී මැයි මස 27 වනදා දක්වා දින 51 ක් තුළ කණ්ඩායම් නවයක සහභාගිත්වයෙන් ඉතාමත් තරගකාරිත්වයකින් යුතුව පැවැත්වෙන මෙම තරගාවලියට මෙවර තරග 76 ක් ඇතුළත්ය.
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල චරිත සමග ඉන්දියානු තරුණ ක්‍රීඩකයන් තරගවදින අයි.පී.එල්.

රේල්පිල්ලක් බෙල්ල වටේ නැවු යකඩයාගේ අරුම පුදුම කතාව

මට නිකරුනේ අලියෙක් ගැහුවත් මම අලියටත් ගහනවා - යකඩයා
අවුරුදු සියය ඉක්මවා ජීවත්වන මිනිසුන් සොයා ගැනීම අද අප රටේ අපහසු කරුණකි. අවුරුදු 50, 60 වැනි කාලවලදී නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරුව තව අවුරුදු කීපයක් දුක්විද බොහෝ දෙනා කෙටි කාලයකින් අවසන් ගමන් යයි.
මේ අවසාන කාලයේදීත් බොහෝ විට සිය පවුලේ සාමාජිකයන්ගේ උදව්වෙන් ජිවත් වේ. ජීවත් වුවත් මළවුන් වැනිය. මෙවැනි බොහෝ දෙනා අප අපට අද සමාජයේ අනන්තවත් හමුවේ.

ටයිටැනික් නැවේ ඛේදවාචකයට වසර සීයයි

විසිවැනි සියවස මුල් භාගයේ එනම්, මීට වසර 100 කට පෙර 1912 අපේ‍්‍රල් මස 15 වැනි දා අලූයම මගීන් 1514 දෙනකු ඛේදජනක ලෙස මරණයට පත් කර RMS TITANIC අධි සුඛෝපභෝගී නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ දී ගිලී ගියේය. ඒ වන විට ලෝකයේ ”නොගිලෙන නෞකාව” ලෙස විරුදාවලියක් ලැබ තිබූ අති නවීන ටයිටැනික් නැව සිය මංගල චාරිකාවේදීම අනපේක්‍ෂිතව මුහුදුබත් වීම පිළිබඳ පුවත ලෝකවාසීන්ගේ මහත් කම්පනයට හේතු විය. කෙසේ වෙතත් දශක කීපයකට පසු මෙම සිද්ධිය ජනතාවගේ මතකයෙන් කෙමෙන් ගිලිහී ගියේය. 

නෙතට රසඳුනක් වූ දිගාමඩුලු පරිවාර චෛත්‍යය

වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන දීඝවාපී පරිවාර චෛත්‍ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වී ඇත. පරිවාර චෛත්‍ය පිහිටි කඳුමුදුනට නැඟ අවට සිසාරා බලන විට දක්නට ලැබෙන්නේ නෙතට රසඳුනක් බඳු දසුනකි. වැව්, අමුණු, කෙත්වතු, ඝන වනාන්තරය සහ නැගෙනහිර වෙරළ තීරයේ දැක්වෙන අහස - පොළොව යා කළ ක්ෂිජය, බලන්නට වටිනා දැකුමෙකි.

සීගිරියේ සඟවා දැමූ අභිරහස්


සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා.

නොවිසදුණු අබිරහස්


මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex :  මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි. 

ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර යන්න ඌ වලිකාවි.

සිරි දළදා හාමුදුරුවන්ගෙ හාස්කම් - මෙය එක්‌ සත්‍ය කථාවකි


මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි.

එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ "චාමස්‌" මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර "ක්‌වීන්ස්‌" හෝටලයේය.

Friday, April 27, 2012

උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය


ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි දේශගුණයක් සහිත ප‍්‍රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක් නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක ඇති වතුර නම් සැබෑවටම උණුසුම්ය.
කන්නියාවේ උණුවතුර ළිං ලෙස ප‍්‍රචලිත මේ ළිං හත බලන්නට රට රට වලින් පවා සංචාරකයෝ ලංකාවට එති.

වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය


ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි විශේෂ ලක්‍ෂණයකි. අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.