Thursday, August 10, 2017

වංගෙඩිගල හතර වටේ


කඳු නැගීම කියන්නේ හොඳ ක්‍රීඩාවක්. අවාසනාවකට වගේ අපේ රටේ මෙච්චර කඳු තිබිලත් ඉතාම සුළු පිරිසක් විතරයි මේ ක්‍රීඩාවේ නිරත වෙන්නේ. කඳු නැග්ගට විතරක් මදි.ගහට කොළට සතා සිවපාවාට ආදරය කරන්නත් ඕන. (කොහොමත් කඳු නැගීම වගේ දේවල් කරනනේ එහෙම අය තමයි) කොළඹ බදුල්ල පාරේ යනකොට අපි දන්න සාමාන්‍ය තැන් වගේම ‍ගොඩාක් දෙනෙක් නොදන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා. මේ කියන්නේ ඒ අතරින් එක තැනක් ගැන. මේ කන්දට කියන්නේ වංගෙඩිගල කියලා.