Thursday, May 31, 2012

මැතිව්ස් පන්දු යැවීමට සූදානම් !

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර අද (1 වැනිදා) හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන විස්සයි-20 කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම් බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.

බියකරු අගාධයේ ප්‍රියකරු සත්තු

ක්ෂාන්තිකර සාගරයේ මරියානා 14 දුපතට නැගෙනහිරින් පිහිටි මරියානා අගාධයේ අරුම පුදුම ජිවීහු සිටිති. මහා සයුරේ ගැඹුරුම ස්ථානය ලෙස මේ අගාධය සැලැකේ. සාගර පෘෂ්ඨයේ තැටියක කෙළවරක් තවත් තැටියකට යටවීමේ භූවිද්‍යා ක්‍රියාවලිය නිසා සාගරය එතරම් ගැඹුරුවී ඇත. මරියානා අගාධය මීටර් 11033ක් හෙවත් අඩි 36201ක් ගැඹුරුය. දිග කිලෝමීටර් 2542කි. පළල කිලෝමීටර් 69කි.

Sunday, May 27, 2012

අයි. පී. එල්. ක‍්‍රිකට් ශුරතාව කොල්කටා නයිට් රයිඩර්ස්ට


චෙන්නායිහි ඊයේ (27) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී මන්වින්දර් බිස්ලා (89) සහ ජැක් කලිස් (69) ගේ විශිෂ්ඨ පිතිහරඹය නිසා කොල්කටා නයිට් රයිඩර්ස් පිල  චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුුලූ 5 කින් පරාජය කරමින් ශුරතාව දිනාගත්තේය.

Tuesday, May 15, 2012

ජයසූරියට කැනඩාවෙන් පොල්ලක්


කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැති කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය ඇතුළු අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් රැුසක්ම තරගාවලියේ පොරොන්දු මුදල් ලැබෙන තෙක් තවමත් බලා සිටින බව වාර්තා වේ.
මෙම තරගාවලියට අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ නමගිය

Monday, May 14, 2012

දිල්හාර ප‍්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් පිල ඉදිරියේදී සහභාගි වීමට නියමිත පාකිස්තානු සහ ඉන්දීය, ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තරගාවලිවලට සහභාගි වීම සඳහා කණ්ඩායම් තේරීම සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් සංචිතයට වේග පන්දු යවන ක‍්‍රීඩක දිල්හාර ප‍්‍රනාන්දු ඇතුළත් කර තිබේ.
දිගින් දිගටම ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ දිල්හාර ආසාර්ථක වීම නිසා පසුගිය වසරේ

2012.5.15 දවසේ පින්තුර

සිංහලේ රාජ උරුමයේ අවසානය

දෙවැනි රාජසිංහගේ එකම පුත් දෙවැනි විමලධර්මසූරියගේද එකම පුතා වූයේද වීරපරාක‍්‍රම නරේන්ද්‍රිසිංහයි. මේ කුමරු රාජකීය පරම්පරාවකට සම්බන්‍ධ නොවූ දෝලියකට දාව රජුට ජාතක වූ දරුවෙකි. ඔහු හැදී වැඩුණේ රජ මාලිගාව තුළ නොව උඩිස්පත්තුවේ පොද්දල්ගොඩ ප‍්‍රදේශයේ ගල් ගුහාවක් තුළ රහසිගතවය. එබැවින් ඔහු හැඳින්වූයේ ‘‘කඩතුරා ගල්ලෑනේ කුමාරය’’ යන හුරතල් නාමයෙනි. දෙවැනි විමලධර්මසූරිය රජු 1706 ජූනි 06 දින හදිසියේම මියගියෙන් රජකමට සුදුස්සෙකු තෝරා ගැනීම පිළිබඳව මතභේදයක් රාජ සභාවේ පැණ නැගුණි. දෙනුවර ප‍්‍රධානීන්ගේ මතය වූයේ

එදා විල්පත්තු ප‍්‍රහාරයෙන් බේරුණු වන ජීවි සේවකයා කියන කතාව

                                          ජී.එම්.ජී. සෝමපාල

1985 මැයි 14 දින එල්.ටී.ටී.ඊ. සන්නද්ධ ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් පුත්තලම එළුවන්කුලම ප‍්‍රදේශයේදී පැහැරගත් ලංගම බස් රථයකින් අනුරාධපුර ශුද්ධ නගරයට ගොස් එහි උඩ මළුවේ බෝ මළුව සැදැහැවතුන් සියයකට අධික පිරිසකගේ රුධිරයෙන් තෙත් කළ ම්ලේච්ඡ ප‍්‍රහාරයට අදට (14) හරියටම වසර 27 කි. ඇසූදුටුවන්ගේ හදවත් සසල කළ මෙම බිහිසුණු සිදුවීම

මෙක්සිකෝවේ ගගක් යට ගගක්

ජලය යට පිහිටි තවත් ගංගාවක් මෙක්සිකෝවෙන් සොයාගෙන තිබේ. මෙක්සිකෝවේ සෙනොටේ ඇන්ජලිටා නමැති ගල්ගුහාව ඇතුලතින් ගලා බස්නා ගංගාවක කිමිදීම් කළ ඇනටොලි බෙලොෂ්චින් විසින් මේ ගංගාවේ ඡායාරූප ගනු ලැබ ඇත. ඔහු පවසන්නේ මීටර 30 ක් දක්වා මිරිදියේ කිමිදුනු පසු ලවණ මිශ්‍ර ජලය

බුදු දහම එන්නත් කලින් තිස්සමහාරාමයේ හැදු සඳගිරිසෑය

ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතවනාරාමය සහ අභයගිරියත් මගේ නෙතට හසුවෙමින් තිබුණි. මහ සෑරදුන් අතීත ශ්‍රී විභූතියක මහිමය කියා පාමින් නිසලව වැඩ සිටියේ නිහඬ අතීතයක

Saturday, May 12, 2012

2012.5.12 දවසේ පින්තුර

හීනෙන් දුටු පෙම්වතිය සොයා පෙම්වතා මහ රෑ ගෙදර ගිහින්

පෙම්වතිය හීනෙන් දැක පියවි ඇසින් දකින්න සිතක් පහළ වී යක්කු ගස් නගින මහ රෑ ජාමේ නින්දෙන් පිබිදී ඇය සොයා පැමිණි පෙම්වතකුට අලි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. එපුවත මෙසේය.
මහ රෑ පෙම්වතිය සිහිනෙන් දුටු පෙම්වතා මධ්‍යම රාත‍්‍රියේ පෙම්වතියගේ ගමට ගියේ

සිරිපා හිමේදී මිනිසුන් අතරමං කරන බලවේග

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ.
සමන් දෙවි`දුන්ගේ අඩවියේ හාස්කම් අනූනය. නමුදු මේ අඩවියට පිටතින් එන කටකාර තරුණ සහ වැඩිහිටියන් ඇතැම් අවස්ථාවල මේ හාස්කම් ගැන කතාකරන විට හාස්‍යයෙන් ඒ දෙස බලයි. ඇතැමුන් ඒවා විශ්වාස නොකරති. එවැනි අවස්ථාවල

සිරිපා අඩවියේ නෑසූ කතා


සමනල අඩවිය වූ කළී මිනිස් වාසයෙන් තොර කදු ශිඛරවලින් හෙබි මහ වනයකි. සමනල අඩවිය පාමුල පිහිටි ගම්වල වැසියෝ මේ අඩවියට ‘‘හිමේ’’ යැයි කියති.  අනුහස්, හාස්කම් මෙන්ම අදෘශ්‍යමාන බලවේග බලගතුව ඇති ගුප්ත ප‍්‍රදේශයක් ලෙස පැරැණ්නෝ මේ අඩවිය හදුන්වති. අද මෙන් එළිපෙහෙළි නොවූ රූස්ස ගස්වලින් සෙවන ලැබූ අතීත සමනල අඩවියේ මහපොළොවට අව්වක් වැටුණා නම් ඒ මහ ගල්තලාවක්ය. එසේත් නැත්නම් ගස් කොළන් නොවැඩෙන දියසීරාව ඇති බිම්කඩක්ය.
සමනල අඩවියේ සිරිපා කන්ද පිහිටා ඇති අතර

Thursday, May 10, 2012

වෝනර්ගේ (109*) වේගවත් ශතකය ඩෙකෑන්ට 10 වැනි පරාජය ගෙනෙයි


 ඬේවිඞ් වෝනර් පන්දු 54 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 109 ක් රැස් කරමින් 17 වැනි  ඕවරයේදී දිල්ලි පිල ජයග‍්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියානු ආරම්භ පිතිකරු ඬේවිඞ් වෝනර්ගේ (නොදැවී 109) වේගවත් ශතකය නිසා

Wednesday, May 9, 2012

චීනයෙන් හමුවූ වසර 1500ක් පැරණි බුදු පිළිම


වසර 1500ක් පැරණියැයි විශ්වාස කරන බුදු පිළිම 3000 ක් සොයාගත් බව චීන පුරාවිද්‍යාඥයෝ පිරිසක් පවසති. උතුරු චීනයේ හෙබෙයි ප‍්‍රාන්තයේ හන්දාන් නමැති ප‍්‍රදේශයේදී මේවා සොයාගෙන ඇත. පසුගිය ජනවාරි මාසයේ ආරම්භ කැරුණු කැණීමකින් මේවා හමුවී ඇත.
සමාජ විද්‍යාව පිළිබඳව චීන ඇකඩමියේ පුරාවිද්‍යාඥයින් කණ්ඩායම වාර්තා කරන්නේ මෙම බෞද්ධ පිළිම නැගෙනහිර වෙයි හා දකුණු කුයි රාජධානි පැවති කාලයටත් වඩා අතීතයකට අයත් බවයි. කි‍්‍රස්තු වර්ෂ 534-577 කාලයේ සාදන ලද බද්ධ පර්යංක ධ්‍යාන මුද්‍රාව

Saturday, May 5, 2012

දේශප්‍රේමිනි, රට වෙනුවෙන් පෙරට එන්න

චැනල් 4 හි වල ලංකාවට එරෙහි වීඩියෝව Bafta TV Awards 2012: Current Affairs යන සම්මානය දිනීම වලකමු.
 

  Stop 'CHANNEL 4: SRI LANKAN'S KILLING FIELDS (Channel 4) video winning ' Bafta TV Awards 2012 : Current Affairs' award!

Friday, May 4, 2012

සුභ වෙසක් මංගල්‍යයක් වේවා...........

කිරිපිටි බද්ද ඉහළට


කිරිපිටි-සිමෙන්ති-ගෑස් මිල ඉහළට

ගෑස් 350කින්: කිරිපිටි කිලෝවක් 163කින්: සිමෙන්ති 70කින් වැඩිවේ
පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන සේ මිල වැඩි කළා - ඇමැති ජොන්ස්ටන් 

කිරිපිටි, සිමෙන්ති සහ ගෑස් මිල ගණන් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් ඉහළ දමා ඇත. කිරිපිටි කිලෝග්‍රෑම් එකක පැකට්ටුව

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව මාලිංග ප්‍රතික්ෂේප කරයි

වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත පිරිනමන කොන්ත්‍රාත්තුව අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග විසින් ප්‍රතික්ෂේප කොට තිබේ. එයට හේතුව වන්නේ වාර්ෂිකව එම කොන්ත්‍රාත්තුව ඔස්සේ ලැබෙන මුදල්

Thursday, May 3, 2012

කතරගම පුදබිමේදී පූජා වට්ටිය අතැති රියදුරා අතරමං වෙයි

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 


කැලණිය පැත්තේ කිතුනු ආගම් භක්තිකයන් පිරිසක් වසරක් පාසාම කතරගම වන්දනාවේ යාම පුරුද්දක් කරගෙන තිබුණි. මීට මාස කිහිපයකට පෙරදී පිරිස කතරගම පිටත්ව ගියේ වෑන් රථයකිනි. පවුල් දෙකක සාමාජිකයෝ එහි වූහ. ඔවුන් කිතුනුවන් වුවත් කතරගම දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇත.
ඉක්මනින් කතරගමට ඇවිත් පූජාව තබා විනෝද වීම පිරිසේ වැඩි දෙනෙකුගේ වුවමනාව විය. කතරගමට පැමිණ නවාතැන්පොළක්ද වෙන්කරගත් පසු

මියගිය තාත්තා කතරගම දේවාලය ගාවට ඇවිත්

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 


කුලියාපිටිය ප‍්‍රදේශයෙන් කතරගම වන්දනාවේ ගිය නඩයකි. පිරිස කිරිවෙහෙර වදිති. එහිවූ තරුණ කළමනාකාර සහකාරවරියක් කිරිවෙහෙර චෛත්‍ය මලූවේ වාඩිවී බෝධිපූජා පොතක් කියවමින් සිටියාය.
ඇය අසලින් සුදෝසුදු කෙස් සහ දිගැති රැවුලක් හිමි වයෝවෘද්ධ තැනැත්තෙක් සුදු වස්ත‍්‍රාභරණයෙන් සැරසී ඇගේ බෝධිපූජා පොත කියවීමට ද සුලූ බාධාවක් කරමින්

දෙමළ බෞද්ධයන්ගෙන් වැඳුම් පිඳුම් ලද වෙල්ගම් වෙහෙර

ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.
කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි

බසයට ගොඩවූ තරුණියට ටිකට් නොදී කොන්දොස්තර ‘අනඟ බැල්ම’ දාලා

කුරුණෑගල සිට හලාවත දක්වා දිවෙන පෞද්ගලික බස් රථයකි.
තරුණිය බස් රථයට නැග්ගේ අතර මගිනි.
ඇය හෙට්ටිපොළ යැයි පවසා කොන්දොස්තර මහතාට මුදල් දුන්නාය.
ඒ වෙනුවෙන් ඇයට ටිකට් පතක් නොලැබිණි.
ඇයට පසුව රථයට ගොඩවූ උදවියට ටිකට්පත් ලැබිණි.
තරුණිය කිහිප වතාවක් තරුණ කොන්දොස්තරවරයා දෙසට දෑස් හෙලූවාය.
තමා කඩවසම් වූ නිසාවෙන් තරුණිය

මැදිවියේ අනංගයා අපූරු පිළිතුරක් දීලා


පිටකොටුව බලා ගාලූ පාරේ ධාවනය කැරුනු බසයකි. අසුන් සියල්ල මගීන්ගෙන් පිරී තිබිණි.
ඉදිරියේ අසුනක වීදුරුව අයිනේ වාඩිවී උන් තරුණිය යම් අපහසුතාවකින් මෙන් එහාට මෙහාට ඇඹරෙයි. ඇය අසල වාඩි වී සිටියේ මැදිවයසේ පිරිමියෙකි.
තරුණිය නොරිස්සුම් ස්වභාවයකින් බොහෝ

Wednesday, May 2, 2012

කැබිලිත්ත දේවාලය අසලදී වලිකුකුළු මස් කෑ ලොක්කාට අතීසාරය

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4


කතරගම දෙවි`දුන් පිළිබදවූ විශ්වාසය පානම්පත්තුවේ ජනතාවගේ හදවත් තුළ පැළපදියම්වී ඇත්තේ විවිධ හාස්කම් හේතුවෙනි. ඒ නිසා කතරගම දෙවි`දුන් උදහස් කරගැනීමට කතරගම දෙවිදුන්ගේ අඩවියේ වෙසෙන කිසිවෙකුත් කැමති නැත.
දශක ගණනාවකට පෙර මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනයි. හේන් වගාව මෙන්ම

කතරගම දේවාලයට කැලෙන් එන පාර පෙන්නු අමුත්තා අතුරුදහන්

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3

රට තුළ ඇතිවූ විවිධ අපල උපද්‍රව වලදී කතරගම දෙවියන් අතහැර වෙනත් දේව අඩවිවලට සිංහල බෞද්ධයන් සංක‍්‍රමණයවීම ඊට හේතුවකි.  සිංහලයන්ගේ පලායාමෙන් පසු කතරගම දෙවියන්ට පුදපූජා පැවැත්වීම හින්දු භක්තික දෙමළ ජනතාව විසින් සිදුකරනු ලැබීම නිසා හින්දු භක්තිකයන්ට වැඩිපුර කතරගම දේවයන්ගේ ඇල්ම බැල්ම ඇතැයි එම මතය දරන්නෝ පෙන්වා දෙති.
කතරගම දෙවියන් යනු මහසෙන් රජු බවට පවතින විශ්වාසය

කොළඹ - නුවර පාරේ උපත

ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජු අල්ලා ගැනීමට කොළඹ සිට මහනුවරට ගිය ඉංග‍්‍රීසි හමුදාවට ඒ සඳහා නියමිත මාර්ගයක් නොතිබූ අතර පේරාදෙණිය දක්වා ගන වනාන්තර මැදින් ගමන් කළ මේජර් ඬේවි ඇතුළු ඉංග‍්‍රීසි හමුදාව එතැන් සිට මහනුවරට ළඟාවූයේ මහවැලි ගංඟාව තරණය කිරීමෙනි.
හෙන්රි මාෂල්ගේ දිනපොතට අනුව 1803 ජූනි 24 වැනි දින (සිකුරාදා) පිටාර ගලමින් තිබුණු මහවැලි ගඟ අසල ඇති

Tuesday, May 1, 2012

මහකැබිලිත්ත දේවාලයේදී දෙවියන් දුන් තෑග්ග

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 


‘‘ අපි ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානයේ තිහක හතළිහක පිරිසකට පුහුණු වැඩසටහනක් ක‍්‍රියාත්මක කළා. එතකොට ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානය භාරව හිටියේ දැන් වනජිවී නියෝජ්‍ය අධ්‍යක්‍ෂ බී.එම්. ධර්මතිලක මහතායි. අඩවි සහකාරවරුන්ට පුහුණුව තිබ්බේ. අවසාන පුහුණුවට

හොරුන්ට මර බිය ගෙනඑන මහකැබිලිත්තේ 'දිවුරුම්ගල'

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1

කතරගම දෙවියන් සම්බන්ධව ඇති හාස්කම් පිළිබදව භක්තිවන්තයන් විසින් විවිධ සිදුවීම් විස්තර කරනු ලබයි. කතරගම දේවාලය මෙන්ම කතරගම දෙවියන් වෙනුවෙන් රටපුරාම විවිධ ස්ථානවල වෙන්වුනු දේවාල පිහිටුවා තිබේ.
වැඩහිටිකන්ද කතරගම දේවාලයේ හිටපු කපුමහතාවු එච්.ඒ.වී. රණසිංහ මහතා කලකට පෙර

සිංහලයිනි නැගිටිව්, මේ සිංහනාදයට කන් දෙව්!!!


මතක තියා ගනිල්ලා..
කවද හරි සුද්දෝ මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවො වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි.
ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් සිංහල භාෂාවට, සිරිත් වලට වෛර කරනවා. උන් උඹලාගේ