Saturday, March 30, 2013

ගාල්ල මහින්දයේදී උපන් අපේ ජාතික ගීය




ජාතික ගීය රටක පුරවැසියන්ගේ හදවතට පමණක් නොව ලේ මස් ඇට නහර පුරා කා වැදී ඇති ජාතියේ උත්තරීතර වූ සංකේතයයි. පුරා වසර 150 ක් බි‍්‍රතාන්‍ය ජාතික ගීය වූ ,ඨදා ී්ඩැ එයැ ණසබට, ගීයට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නමස්කාර කළ අපි 1948 දී ලැබූ නිදහසත් සමග අපේම ජාතික ගීතයක් නිර්මාණය කර ගැනීම සඳහා ඇප කැප වූයෙමු. 



එහෙත් අද අපේම ජාතික ගීයට නමස්කාර කරන ලාංකිකයන් බොහෝ දෙනෙක් එම දැවැන්ත නිර්මාණය බිහිවීමට අදාළ බොහෝ සුලමුල නොදනිති. ඒ අභිමානවත් මෙන්ම ශෝකාන්තයක් බවට ද පෙරළුණු ඉතිහාස කතාවයි මේ.

භාරත මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා ලංකාවේ කළ සංචාර තුනේදී එතුමාගේ ගීත නාට්‍ය නරඹා ඇති වූ උද්දීපනය නිසා 1936 දී ශාන්ති නිකේතනයට ගොස් සංගීතය හා චිත‍්‍ර හැදෑරූ ජෝර්ජ් විල්ප‍්‍රඞ් අල්විස් සමරකෝන් යළි ලංකාවට ආවේ ‘‘ආනන්ද සමරකෝන්’’ ලෙසිනි. ඉනික්බිති ගුරුවරයකු ලෙස වෘත්තිය අරඹා බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලයෙන් පසුව ආනන්ද සමරකෝන් නම් සංගීත හා චිත‍්‍ර ගුරුවරයා 1938 සිට 40 දශකයේ මුල්භාගය රාජකාරි කලේ මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩක් වූ ගාල්ලේ මහින්ද විද්‍යාලයේය.