Showing posts with label මරණින් මතු. Show all posts
Showing posts with label මරණින් මතු. Show all posts

Wednesday, November 13, 2013

ගෙවල යකෙකු ලෙස ඉපදී බිරිඳගේ ‍ලේ බොන සැමියා


අලුත් ගෙදර ජයසේන හෙවත් ගම්මු කතා කරන විදියට නම් නැටුං මහත්තෙයා තොවිල් පවිල් කරන්නට ගියේ සල්ලි බලාගෙනම නොව ඒ ගැන තියෙන ඇම්ම නිසාය. 
තුන්වේල අවුරුද්දම කන්නට කුඹුරු වැඩ කරන අක්කර තුනක රබර් කිරි කැපෙන නැටුං මහත්තෙයාට අඩු පාඩුවක් කියා දෙයක් නැති ගානය.
නැටුං මහත්තයාගේ බිරින්දෑ ග්‍රේස් පෙරේරා වුණත් ඒ නම භාවිත කළේ ඉස්කෝ‍ලේ යන කෙල්ල සන්දියේ විතරය. ගමේ කවුරුත් කියන්නේ සුදු හාමිනේ කියන නමය. නැටුං මහත්තෙයාගේත් සුදු හාමිනේගේත් එකම දුව චන්දිමා ආණ්ඩුවේ ලිපිකාරිනියකි.
සියෙනෑ කෝරලෙන් ඇවිත් නැටුං මහත්තෙයා සුදු හාමිනේගේ ගෙදර බින්න බැස්සත් උන්දෑ බිරින්දෑ කියන දේ අහන බිරිඳට අඩංගු ස්වාමි පුරුෂයෙක් නොවේ. අවුරුදු ගණනාවක පටන් මේ දෙන්නා දෙමහල්ලෝ විරසකව සිටින්නේ නැටුං මහත්තයා

Tuesday, November 12, 2013

මරණාසන්න අත්දැකීම්

මරණාසන්න මොහොතකදී අපේ සිත අපේ කයෙන් නික්ම යාමක් වැනි හැඟීමක් ඇති විය හැකිය. නමුත් මරණාසන්න අත්දැකීමක් (Near Death Experience) යනු ශරීරයෙන් පරිබාහිර අත්දැකීමක් (Out of Body Experience) නොවේ.

මරණාසන්න තත්ත්වයට පත්ව නැවත සුවය ලැබූ අය එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් විවිධ අයුරින් විස්තර කරති. එබඳු රෝගීන් සිය ගණනක් පරීක්ෂා කර බලා ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා රැස්කරගත් තොරතුරු පදනම් කර ගනිමින් විවිධ පර්යේෂකයන් විසින් නොයෙකුත් ආකාරයේ මරණාසන්න අත්දැකීම් මාලාවක් ලැයිස්තු ගත කර තිබේ. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ 1980 වසරේදී කෙනත් රින්ග් (Keneth Ring) නම් පර්යේෂකයා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද මරණාසන්න අත්දැකීම්