Saturday, June 2, 2012

බොරු රන්මාලයක් පැළඳි ගුරුවරියට රන්මාල කඩන්නාගෙන් දෝස්මුරයක්


රන් මාලයක් වෙනුවට බොරු මාලයක් පළඳා තමා රැවටූ බව දැනගත් රන් මාල සොරකු කෝපයට පත්ව තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනැයි ගුරු මහත්මියක තිහගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
පසුගියදා හක්මන, දෙනගම වැව අසලදී පා ගමනින් ගිය මෙම ගුරු මහත්මියගේ ගෙල පැළඳි මාලය කඩා ගෙන ගොස් ඇත්තේ යතුරුපැදියකින් පැමිණි තරුණයෙකි.


මොහොතකට පසුව එම යතුරුපැදියෙන්ම පැමිණි ඔහු මාලය ඇය වෙතට විසිකොට එය රත්තරන් එකක් නොව, ඉමිටේෂන් එකකැයි පවසමින් ඇයට අසභ්‍ය වචනවලින් බැණ වැදුණු බවත්, ඒ වන විට තමන් අසල විශාල පිරිසක් සිටි හෙයින් තමා ඉමහත් ලජ්ජාවට පත්වූ බවත් පැමිණිල්ලේ සඳහන් වෙනවාලූ.