Saturday, June 23, 2012

ලාංකීය හදවත් එක්කරමින් ලොවම මවිත කල උතුම් යුධ නාමය

ඒ ලාංකීය ඉතිහාසය දෙපලු කරමින් රුදුරු ත්රස්තවාද ඉහලටම නැගී සිටි කාලයයි. යුද්ධයක් කර පලපුරුද්දක් නොමැති ශ්රීලාංකිකයන් මරණ බියෙන් සිටි අවදියක දැය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට පහල වූ වීර සෙම්පතියා ගැනයි මේ.
.....................................
බයෙන් ඇලලී ගිය යුධ වාතාවරණයක, ලාංකික තරුණ සිත දැඩි කිරීමට දැරූ උතසාහයේ ප්රතිපලය අප අද බුක්තිවිඳින්නෙමු, ශ්රී ලාංකිය හමුධාවට දරුවන් දීමට අකමැති වූ දෙමව් පියන් සෙම්පති නාමය පිලිබ්ඳ දැඩි විශ්වාසය තබා දේශය වෙනුවෙන් තම දරුවන් ලබා දුන්නාහ.

'ළමයිනේ අපිට හුගක් ලොකු වැඩක් බාර වෙල තියෙන්නෙ,

ඔයාලගෙ මතු පරපුර වෙනුවෙන් අපිට දැන් ලොකු දෙයක් කරන්න වෙල තියනව, අපි මේ සටන ඉක්මනට ඉවර කරල නිදහස් වෙන්න ඔනි ළමයිනෙ, ' ඔහු තම හමුදා භටයන්ට කතා කලෙ 'ළමය' යන නමිනි. ඔහු කෙතරම් ලක්වාසීන්ගේ සිත දිනාගත්තේද යන්න කිවහොත්, ත්රිවිධ හමුධාවම ඔහු ගැන දැඩි විශ්වාසය තබා සිටියේය,

කිසියම් බරපතළ මෙහෙයුමක් සැලසුම් කළ විට ඒ සඳහා යොදවන සෙබළුන් හා නිලධාරීන් රැස්කර මෙහෙයුම දියත් කරන ආකාරය පිළිබඳව දේශනයක් කිරීමද එතුමාගේ සිරිතක් විය. දේශනය අවසන් කර "මම මේ කී දෙයට වඩා වැඩි දෙයක් අද මෙතන සිටින අලුතෙන්ම හමුදාවට බැඳුණු ළමයෙක් වුණත් ඉදිරිපත් කළොත් ඒක මම පිළිගන්නවා. ඒ නිසා බය නැතුව තමන්ගේ අදහස කියන්න" යන මේ ප්රකාශය සියලු දෙනා දිරිමත් වීමට මෙන්ම තම නායකයා අගය කිරීමටද හේතුවක් විය. කිසියම් මෙහෙයුමක් භාරව සිටි නිලධාරියෙක් එහි බැරෑරුම්කම සෙන්පතිතුමන්ට කී විට "කරගෙන යන්න, වගකීම මම භාරගන්නවා" යනුවෙන් පැවැසූ බව අපි දනිමු. මේ කරුණු හේතුකොට ගෙන තදබල විශ්වාසයක් මෙන්ම ගෞරවයක්ද පාබල හමුදාවේ පමණක් නොව අනෙකුත් හමුදාවන්වල සාමාජිකයන් තුළද ඇති විය. "සටන දිනා අපි කොබ්බෑකඩුව නාමය රැකිය යුතුයි" යනුවෙන් සෙබළුන් සිතන තරමට එතුමා ඔවුන්ගේ සිත්දිනා ගත්තේය.

1992 අගෝස්තු 08 වැනිදා උතුරේ අරාලි තුඩුවේදී සතුරු උගුලකට හසුකරගෙන මරා දමන තුරු සෙන්පති කොබ්බෑකඩුව ක්රියා කළේ "මම යුද සෙබළෙක්මි" යන හැඟීමෙනි.

දිනක් නැගෙනහිර පළාතේ මෙහෙයුම් පරීක්ෂා කිරීමට ගිය රාජ්ය ආරක්ෂක ඇමැති රන්ජන් විඡේරත්න මහතා හමුවීමට නොපැමිණීම නිසා ඒ ගැන ප්රශ්න කිරීමට කොබ්බෑකඩුව මහතා කොළඹට කැඳවන ලදී. එහිදී ඇසු ප්රශ්නයට දුන් උත්තරය වූයේ "මම නැගෙනහිරට ගියේ යුද මෙහෙයුම් කරන්නට මිස දේශපාලකයන් පිළිගන්න නොවේ. ඒක මම හරියට කරනවා" යනුවෙනි. එහිදී ඇමැති එකවරම කීවේ "හොඳයි ඩෙන්සිල් යන්න. ඒ වැඩේ හරියට කරන්න" යනුවෙනි.

ඔහු විසින් නායකත්වය දෙන ලද ඓතිහාසික වඩමාරච්චි සටන එවකට සිටි රාජ්ය නායකයාගේ දුර්වලතාවය මත අතර මඟ නතර නොකළේනම් එදා ඊළාම් යුද්ධය අවසන් වීමට හොඳටම ඉඩකඩ තිබුණි. නමුත් ජාතියේ අවාසනාවට එය සිදු නොවීය. ඉන් කොබ්බෑකඩුව රණවිරුවා යම් සිත්තැව්ලකට පත්වූවත් රටේ ඒකීය භාවය උදෙසා ඔහු විසින් 'බලවේගය' අලිමංකඩ බේරා ගැනීමේ සටන ආදිය ක්රියාත්මක කරන ලදී. ඔහුගේ අවසාන ඉලක්කය වූයේ මෙම යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ෆයිනල් කවුන්ට් ඩවුන් ක්රියාන්විතය ඇරඹීමයි.

ඔහු ගැන තව ලිවීමට ඇති කරුනු අති විශාලයි මිතුරනේ, ශ්රී ලාංකීය ඉතිහාසය වෙනස් කරමින් නැගී සිටි ඒ අති දැවැන්ත සෙම්පතියාගේ වියෝව අද්ටත් අභිරහසකි.

ඩෙන්සිල් කොබෑකඩුව හිටියනන් මේ යුද්දෙ ඉවර වෙන්නෙ මීට අවුරුදු 10කට විතර කලින් කියා මිනිසුන් කියනු මා අසා ඇත. කොහේද අපේම එවුන් ඒ මනුස්සයව මරා ගත්තනෙ.
වසර 30ක පමණ ලාංකීය දැවන්ත යුධ ඉතිහාසයේ ධරුනුම යුගයේ ලක්මවට පහල වුනු කොබ්බෑකඩුව විරුවානන්, 1992 අගෝස්තු 08 වැනි දින කුරිරු ත්රස්තවාදීන්ගේ බෝම්බයකට හමු වුයේ ශ්රී ලාංකිකයන්ගේ යුධ ජයග්රහන බලාපොරොත්තුව සිහිනයක් කරමිනි.
.........................................
කොබ්බෑකඩුව මරනෙයේ තවම්ත් හෙලි නොවුනි අහිරස්...
බරපතළ තුවාල ලබා සිටි කොබ්බෑකඩුව මහතාව හෙලිකොප්ටරයක් මගින් කොළඹට ගෙන ඒමටද කටයුතු යොදා ඇතැයි වාර්තා විය.
එහෙත් එම වෛද්යවරු ඇතුළු කණ්ඩායම විශ්මයට පත්වූයේ කොබ්බෑකඩුව මහතා රැගත් හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහල අහසේ කීප විටක්ම කැරකී ඉවතට යැමයි.

මෙහිදී නැඟුණ ප්රශ්නය වූයේ හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහල් භූමියට ගොඩ බෑමට ක්රියා නොකළේ මන්ද යන්නයි.
කොබ්බෑකඩුව කොමිසම හමුවේ නැඟුණු ප්රශ්නවලට අද වන තෙක් ප්රතිචාර ලැබී නැත.

1. කොබ්බෑකඩුව මහතා ගෙන ආ හෙලිකොප්ටරය ජයවර්ධනපුර රෝහලට ගොඩ නොබෑවේ මන්ද?

2. කොබ්බෑකඩුව ඇතුළු කණ්ඩායම අරාලි තුඩුවට එන බව කොටි දැන ගත්තේ කෙසේද?

3. විපතට පත් ජීප් රියේ ඇන්ජිම ගලවා වෙනත් වාහනයකට සවි කළේ මන්ද?
........................
කෙතෙක් කීවත් ඔහු දැන් අප දමාගොස් හමාරය, දේශයේ අභිමානවත් විරුවානෙනි, ඔබ එදා අපවෙනුවෙන් පුද කල ජීවිතය සදාතනිකයි විරුවානනේ. අපට දැනෙන්නෙ ඔබ තවමත් අප අතර සිටී යන්නයි. ඔබ අප හදවතේ සදා අමරණීයයි.
විරුවානෙනි, ඔබ රැකදුන් මගේ දෙශය, ඔබේ ආත්මය අප සැමදා රැක ගන්නෙමු.
****සෙම්පතිතුමනි, හැකිනම් නැවත ඉපදෙන්න මේ පිං බිමේ, ඔබට දැනෙයි ඔබේ ලක්පුතුන් කෙතරම් අභිමානවත් ජාතියක්ද කියා******
...........................
අප ඔබට සදා ණය ගැතියි කොබ්බෑකඩුවානනේ!