Sunday, June 3, 2012

පාකිස්තානය (01-01) විස්සයි-20 තරගාවලිය සම කරයි


සහීඞ් අෆ්රීඩිගේ තුන් ඉරියව් දස්කම් නිසා ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (03) හම්බන්තොට, සුරියවැව, මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත්වු දෙවනි තරගයෙන්  ලකුණු 23 කින් ජය ගැනිමට පාකිස්තාන පිල සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත  ඕවර 20 තුළදී

කඩුලූ 6 දැවී ලකුණු 122 රැස් කළ අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කර ශ්‍රී ලංකා කණ්ඩායමට  ඕවර 19.2 තුළදී සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 99 පමණි.
පාකිස්තාන පිලට ලකුණු අවශ්‍යම මොහොතේ ක‍්‍රීයාත්මකවු සහීඞ් අෆ්රීඩි පන්දු 33 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 52 ලබා ගත් අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරමින් පන්දු වාර 4 කදී ලකුණු 17 කට කඩුලූ 02 ක් බිද හෙළිමටද සමත් විය. අවසන් තරගයේ වීරයා ලෙස සහීඞ් අෆ්රීඩිද තරගාවලියේ වීරයා ලෙස සොහේල් තන්වීර් සම්මාන දීනා ගත්හ.

මෙම තරගයට ශ්‍රී ලංකා නිත්‍යය නායක මහේල ජයවර්ධන සහ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ක‍්‍රීඩා නොකළ අතර ඒ වෙනුවට චාමර කපුගෙදර සහ ඉසුරු උදාන කණ්ඩායමට කැධවනු ලැබිය. මේම තරගය ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දැරු පළමු තරගය වන අතර ශ්‍රී ලංකාවෙන් බිහි වු දෙවන ලාබාලතම නායකයාද වේ. කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකු ලකුණු 20 සීමාව පසුකර යැමට සමත් නොවිය.

පාකිස්තාන පිල  ඕවර 20 කඩුලූ 6 දැවී 122 ( මොහොමඞ් හෆීස් 24, ෂොයිබ් මලික් 27, සහීඞ් අෆ්රීඩි නොදැවී 52, නුවන් කුලසේකර 13/2, කෞෂල්‍ය ලොකුආරච්චි 31/2)

ශ්‍රී ලංකා පිල  ඕවර 20 කඩුලූ 7 දැවී 132 ( ටී. එම්. ඩිල්ෂාන් 18, චාමර කපුගෙදර 19, ළහිරු තිරිමාන්න 18, සොහේල් තන්වීර් 15/1, මොහොමඞ් සමී 15/3, සහීඞ් අෆ්රීඩි 17/2, යසිර් අර්ෆත් 17/2)