Thursday, August 10, 2017

වංගෙඩිගල හතර වටේ


කඳු නැගීම කියන්නේ හොඳ ක්‍රීඩාවක්. අවාසනාවකට වගේ අපේ රටේ මෙච්චර කඳු තිබිලත් ඉතාම සුළු පිරිසක් විතරයි මේ ක්‍රීඩාවේ නිරත වෙන්නේ. කඳු නැග්ගට විතරක් මදි.ගහට කොළට සතා සිවපාවාට ආදරය කරන්නත් ඕන. (කොහොමත් කඳු නැගීම වගේ දේවල් කරනනේ එහෙම අය තමයි) කොළඹ බදුල්ල පාරේ යනකොට අපි දන්න සාමාන්‍ය තැන් වගේම ‍ගොඩාක් දෙනෙක් නොදන්න ලස්සන තැන් ගොඩාක් තියෙනවා. මේ කියන්නේ ඒ අතරින් එක තැනක් ගැන. මේ කන්දට කියන්නේ වංගෙඩිගල කියලා.





කොළඹ බදුල්ල මාර්ගයේ කලුපහනින් බැහැලා බඹරකන්ද හරහා ඔහිය දක්වා දිවෙන මාර්ගයේ කිලෝමීටර් 02ක් විතර ගියාම මේ වංගෙඩිගලට යන්න පුළුවන්.‍කන්ද මුදුනේ තියෙන ගල් පර්වතය වංගෙඩියක හැඩය අරං තියෙන නිසා මේ කන්ද වංගෙඩිගල කියලා හඳුන්වනවා. දැක්ක ගමන් සිත් ඇදගත්තත් මේ වංගෙඩිගල‍ට යන එක ලේසි වැඩක් නෙවෙයි.
ගම්මානය අතරින් දිවෙන මාර්ගයේ කුඩා වෙල් යායක් , තරමක දොල පාරක් හරහා වැටී ඇති අබලන් වු පාලමක් පසු කරලා කන්ද නගින්න පටං ගන්නකොට තියෙන්නේ මාන යායාක්.මාන කැලෙන් පස්සේ එන්නේ ෆයිනස් කැලේ.එතන ඉඳලා දිගටම ෆයිනස් කැලේ මැදින් තමයි වංගෙඩිගල නගින්න තියෙන්නේ.


ගමන තරමක් අමාරු වුනත් ටික ටික කන්ද මුදුනට ගියාම දකින්න ලැබෙන සුන්දරත්වය දැනෙනකොට මහන්සිය නිවිලා යනවා.හාත්පස පේන දර්ශණය පුදුම තරම් සුන්දරයි.ෆයිනස් වනාන්තරය මැදින් පැමිණ ඇද වැටෙන බඹරකන්ද දියඇල්ල ,ලංකා ඇල්ල ,උඩවාරිය ප්‍රදේශය ,යක්ෂයාගේ පඩිපෙළ හෙවත් Devil’s Staircas, බලතොඩුව සහ ,ගොම්මෝල්ලි ය යන කඳු මුදුන් මේ හැම එකක්ම හතර වටින් පෙනෙද්දී පුදුම තරම් ලස්සනයි.ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද දිය ඇල්ලේ සැබෑ සුන්දරත්වය වංගෙඩිගල සිට නැරඹිය හැකි වීම විශේෂත්වයක් කියලා කියන්න පුළුවන්.



කඳු නගින්නනට විතරක් නෙවෙයි අළුතින් කඳු නැගීම පටං ගන්න ඉන්න අයටත් මේක හොඳ ආරංචියක් වෙයි.මොකද මේ වගේ මනරම් ගමනකින් පස්සේ ඕනම කෙනෙකුට දිගටම කඳු නගින්න හිතෙන නිසා.ඒ නිසා විවේකී සති අන්තයක් ගිහින් එන්න බලන්න. අපුර්ව අත්දැකීමක් වෙයි.











No comments:

Post a Comment