Tuesday, May 15, 2012

ජයසූරියට කැනඩාවෙන් පොල්ලක්


කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී පැවැති කි‍්‍රකට් තරගාවලියකට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය ඇතුළු අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන් රැුසක්ම තරගාවලියේ පොරොන්දු මුදල් ලැබෙන තෙක් තවමත් බලා සිටින බව වාර්තා වේ.
මෙම තරගාවලියට අන්තර්ජාතික කි‍්‍රකට් ක්ෂේත‍්‍රයේ නමගිය

කී‍්‍රඩකයන් රැසක්ම සහභාගි වූ බවද දැනගන්නට ඇත. කැනඩාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව වඩාත් දියුණු තත්ත්වයකට ගෙන ඒමේ අරමුණ ඇතිව සංවිධානය කරන ලද මෙම තරගාවලියට ශී‍්‍ර ලංකාව, පාකිස්තානය, නවසීලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, සිම්බාබ්වේ සහ දකුණු අපි‍්‍රකාව යන රටවල කී‍්‍රඩකයෝ සහභාගි වූහ.”මෙය කැනඩාවටත්, කැනඩාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවටත් හොඳ දෙයක් නොවෙයි””මා වසර 20 ක් කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරත වී තිබෙනවා. ඒත් මේ වගේ දෙයකට කවදාවත් මුහුණ දීලා නෑ” යයි ජයසූරිය කැනේඩියානු ගුවන් විදුලි සේවයට පවසා තිබේ.

මෙම තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ඩොලර් 15,000 ක මුදලක් සමග ගුවන් ගමන් ගාස්තු සහ අනෙකුත් වියදම්ද දීමට තරාගවලියේ සංවිධායකයන් පොරොන්දු වූ බව පැවසේ. පන්දු 24 කින් ලකුණු 41 ක් ලබාගත් සනත් ජයසූරිය නායකත්වය දැරූ ආසියානු/කැනේඩියානු කණ්ඩායම තරගයෙන් ජයගත්තේය.


Comment