පෙම්වතිය හීනෙන් දැක පියවි ඇසින් දකින්න
සිතක් පහළ වී යක්කු ගස් නගින මහ රෑ ජාමේ නින්දෙන් පිබිදී ඇය සොයා පැමිණි
පෙම්වතකුට අලි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය. එපුවත මෙසේය.
මහ රෑ පෙම්වතිය සිහිනෙන් දුටු පෙම්වතා මධ්‍යම රාත්‍රියේ පෙම්වතියගේ ගමට
ගියේ
ඇය දැක ගැනීමටය. වැටෙන් පැන හෙමින් හෙමින් නිවසට කිට්ටු කර පෙම්වතිය
නිදන කාමරයේ ජනෙල් පියනට තට්ටු කළා පමණි. අවදි වී සිටි ඇගේ පියා ”හොරෙක්
හොරෙක් අල්ලපියෝ ගස් බැඳපියො......” කියා කෑ ගැසුවේය. හඬ ඇසී අසල්වැසියෝ ද
අවදි වූහ. පිරිස අවට පීරමින් සොරා සෙවූහ.
පැන යන්න හතර මායිම් නොදන්නා හොරා ගසක් කරා විත් අඳුරට මුවා වී සෑඟවී
සිටිය දී ගැමියකුට හසුවිය. වටවූ ගැමියෝ ගුටි බැට පුජාවකින් ඔහුට සංග්‍රහ
කළෝය.
පැමිණි කරුණ වසන් කළත් ආගන්තුක සංග්‍රහය ඉවසා දරා ගත නොහැකි තැන ආදර
කතාව හෙළි කළේය. සීනෙන් දුටු නිසා මෙසේ පැමිණි බව කීවේය. කෙසේ වුවද ගම්මු
ඔහු අල්ලා පොලිසියට බාර දුන්හ. ”ආදරේ කරන්න වයස ප්‍රශ්නයක් නෑ. ඒත්
අවේලාවේ ආදරය කරන්න ගියාම ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්,” පොලිස්
නිලධාරියෙක් ඔහුට පැවසුවාලූ.
No comments:
Post a Comment