කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6
කැලණිය පැත්තේ කිතුනු ආගම් භක්තිකයන්
පිරිසක් වසරක් පාසාම කතරගම වන්දනාවේ යාම පුරුද්දක් කරගෙන තිබුණි. මීට මාස
කිහිපයකට පෙරදී පිරිස කතරගම පිටත්ව ගියේ වෑන් රථයකිනි. පවුල් දෙකක
සාමාජිකයෝ එහි වූහ. ඔවුන් කිතුනුවන් වුවත් කතරගම දෙවියන් කෙරෙහි විශ්වාසයක්
ඇත.
ඉක්මනින් කතරගමට ඇවිත් පූජාව තබා විනෝද වීම පිරිසේ වැඩි දෙනෙකුගේ
වුවමනාව විය. කතරගමට පැමිණ නවාතැන්පොළක්ද වෙන්කරගත් පසු
ලොකු පුජා
වට්ටියක්ද සකසාගෙන සවස හය හමාරට හතට කතරගම දේවාලයට ගියේ ඉක්මනින් පූජාව තබා
ආපසු පැමිණ විනෝද වෙමු යැයි කතාබහ කරගෙනය.
දේවාල බිමට යනවිට මහා දිග පෝලිමකි. පූජා වට්ටිය රියදුරු අතේය.
‘‘මහත්තයලා කවුරුහරි පෝලිමට යන්න මම මේ පූජා වට්ටිය මෙතන තියාගෙන ඉන්නම්.
පෝලිමේ පිළිවෙළට එනකොට පූජා වට්ටිය දෙන්නම්’’ රියදුරාගේ පිළිතුර විය. ඒ
අනුව සෙසු පිරිස පෝලිමේ එන්නට විය. පැයක් පමණ පෝලිමේ සිටිමින් ඉදිරියට
ඇදෙද්දී මේ පිරිසගේ වාරයද එළැඹුණි. නමුත් පෝලිමේ ඉදිරියේ තැනක පූජා වට්ටිය
තියාගෙන හිටි රියදුරා පෙනෙන්නට නොවීය. හැම තැනම ඔහු සෙවුවද හමු නොවීය.
රාත්රී දහය හමාරට ද කිට්ටුය. පිරිස රියදුරා සොයති. දිනයේ අවසන් පූජාවට ද
කාලය පැමිණියේ ය.
පුදුමයකි! මෙතෙක් පැය ගණනක් සෙව්ව රියදුරා ඔහු සිටිනවා යැයි කියූ තැනම පූජා වට්ටියද තියාගෙන බලා සිටී.
‘‘කොහේද ගියේ.’’ පිරිස විමසුහ.
‘‘මම මෙතනටම වෙලා හිටියේ. සර්ලා කොහේද ගියේ’’ රියදුරුගේ පිළිතුර විය.
‘‘අපි පැය ගාණක් තිස්සේ තමුසේ හොයනවා. බලනවා දැන් අන්තිම පූජාව’’ යැයි කියා පිරිස පූජා වට්ටිය රැුගෙන දේවාලයට ගියහ.
‘‘අපි කතරගමට ආවේ විනෝදවීමේ චේතනාවෙන්. අනික ඉක්මනට පූජාව තියලා එමු
කියලා අපි ගියේ. අන්තිමට පූජාව තියලා ඇවිත් රෑට උයාගන්නකොට රෑ දොළහ විතර
වුණා. විනෝදවීම පැත්තක තියලා කාලා නිදාගෙන පහුවදා උදේම ආපහු ආවා. අපේ
චේතනාව හොද නැතිඑකක් නිසා අපිට දේව අඩවියේ විනෝදවෙන්න කතරගම දෙවියෝ
හාස්කමකින් ඉඩදුන්නේ නෑ’’ සිද්ධියට මුහුණ දුන් පිරිසේ කෙනෙක් කීවේ කතරගම
දේවඅඩවියේ නුසුදුසු දෙයක් කරන්නට සිතූ නිසා එය හාස්කමකින් වැළැක්වූ
බවයි.මීට වසර කිහිපයකට පෙර කදාන ප්රදේශයේ බෞද්ධ පිරිසක් සමග අන්යාගමික
පිරිසක් කතරගමට පැමිණියහ. කතරගම දෙවියන්ට සූදානම් කළ පූජා වට්ටි සහ
දේවියන්ගේ හාස්කම් මේ අන්යාගමිකයන්ගේ හෑල්ලූවට ලක්විය. ‘‘තිරේ ඉන්න කතරගම
දෙවියෝ’’ යැයි ඔවුහු විහිළු කළහ. පූජා වට්ටියේ තිබූ කෙසෙල් ගෙඩියක් එහිවූ
කෙනෙක් පූජාව තැබීමට පෙර අනුභව කළේය. පූජාව තියන්න ඔහු ද දේවාලය ඇතුළට
ගියේය. පුදුමයකි. දේවාලය ඇතුළත දී බඩකොරවීම නිසා කෙසෙල්ගෙඩිය කෑ තැනැත්තාට
ඇවිද ගන්නටවත් නොහැකි විය. පසුව නොඉදුල් වෙනත් පූජා වට්ටියක් පූජාකිරීමෙන්
පසු ඔහුට සුවවූ බව සූනියම් දේවාලයේ කපුමහතෙකු අප සමග කියා සිටියේ කතරගම
හාස්කම් ගැන සිහිපත් කරමිනි.
No comments:
Post a Comment