Thursday, May 3, 2012

මියගිය තාත්තා කතරගම දේවාලය ගාවට ඇවිත්

කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 


කුලියාපිටිය ප‍්‍රදේශයෙන් කතරගම වන්දනාවේ ගිය නඩයකි. පිරිස කිරිවෙහෙර වදිති. එහිවූ තරුණ කළමනාකාර සහකාරවරියක් කිරිවෙහෙර චෛත්‍ය මලූවේ වාඩිවී බෝධිපූජා පොතක් කියවමින් සිටියාය.
ඇය අසලින් සුදෝසුදු කෙස් සහ දිගැති රැවුලක් හිමි වයෝවෘද්ධ තැනැත්තෙක් සුදු වස්ත‍්‍රාභරණයෙන් සැරසී ඇගේ බෝධිපූජා පොත කියවීමට ද සුලූ බාධාවක් කරමින්

‘‘මේ ළමයා කොහේද?’’ යැයි මිත‍්‍ර ලීලාවෙන් විමසුවේය.

නාඳුනන ආගන්තුකයෙක් නිසා මේ තරුණිය පිළිතුරු දුන්නේ දෙවරක් සිතාය. සමහරවිට ඇයට සාස්තරයක් කියා කීයක් හෝ ඉල්ලන්නෙක් යැයිද ඇයට සිතුනි. ‘‘මම කුරුවිට’’ ඇගේ පිළිතුර විය. ඒ වනවිට ඇය කුරුවිට හිග්ගස්වත්ත ප‍්‍රාථමික විදුහලේ කළමනාකරණ සහායිකාව ලෙස සේවය කරමින් සිටි නිසා ඒ පිළිතුර දුන්නාය.

‘‘මගේ ලොකු පුතාත් කුරුවිට. එයාට ලොරි දෙකක් තියනවා. හාල් කඩයක් තියනවා. හො`දට සරුයි. එයාගේ නම.......... ’’ යැයි නමක්ද කීවේය. නමුත් කුරුවිටට නවකයෙකු නිසා මේ තරුණිය අමුත්තා කී තැනැත්තා ගැන දැන නොසිටියා ය.

ඉන් පසු තවත් නමක් කියමින් ‘ඒ මගේ තවත් පුතෙක්’ යැයි ද කීය. දෙවැනියට කියූ නම ඇති තැනැත්තා මේ තරුණිය සේවය කරන පාසලේ දරුවෙකුගේ පියෙක් නිසා ඔහු හදුනන බව කියන විටත් තම නඬේ පිරිස වන්දනාමාන කර පිටත්ව යන්නට සූදානම්වූ නිසා කතාබහ ඉන් නැවතිනි.
‘‘මම වැඩකරන ඉස්කෝලේ දරුවෙක්ගේ තාත්තා කෙනෙක්ගේ තාත්තා කෙනෙක් චෛත්‍ය මලූවෙදි හමුවුනා’’ ඇය වන්දනා නඩයේ සෙසු අයට කීවද ඔවුන් කිසිවෙකුගේ අවධානය ඊට යොමු නොවිනි. ඒ නිසා ඒ කතාබහ එතැනින්ම අවසන් විය.

සති කිහිපයකට පසු ඇය සිය සේවාස්ථානයට පැමිණි පසු අසල වූ වෙළදසලකට ගිය අවස්ථාවේ කතරගම දී හමුවූ අමුත්තාගේ පුතා යැයි කී අය කඬේ වෙළදාමේ නිරතව සිටිනවා දැක ‘‘...... ඔය මහත්තයාගේ තාත්තා මට කතරගමදී හමුවුණා. මහත්තයා ගැනත් මහත්තයාගේ ..... අයියා ගැනත් මතක් කළා’’
”අපේ අපුච්චා....’’ වෙළදාමේ නිරතව සිටි අයගේ පිළිතුර විය.
‘‘ඔව්, ඔව් එයා තමයි. දැන් සති තුනකට විතර ඉස්සර’’ තරුණියගේ පිළිතුර විය. වෙළ`දසලේ සෙනග වැඩිපුර සිටි නිසා ඒ කතාබහ ද එතැනින් අවසන් විය.

දින කිහිපයකට පසු සවස් වරුවේ මේ තරුණිය හමුවන්නට තවත් කාන්තාවක් පැමිණියාය. පාසලේ අනෙක් ගුරුවරියන් ඇය හොඳින් හදුනන අතර ඇය ද ගුරුවරියක වූවාය.
”අනේ .... මිස් අපේ මහත්තයාගේ අපුච්චා කතරගමදී හමුවුනා කියලා මහත්තයාගේ මල්ලි කිව්වා. මම විස්තර දැන ගන්න ආවේ.’’ ඇය තොරතුරු විමසුවාය.

’‘ආ... ඔව්...ඔව්.. කිරිවෙහෙර මලූවේදී මට හම්බවුනේ. මිස්ගේ මහත්තයා ගැන තොරතුරු කිව්වා. අනේ ඒ සීයා හරි පිං පාටයි’’ තරුණ කළමනාකාර සහකාරවරියගේ පිළිතුර විය.’‘මිස්ට ඒ දැක්ක කෙනා ෆොටෝ එකක් පෙන්නුවොත් අදුනාගන්න පුලූවන්ද?’’ ගුරුවරියගේ ඊළ`ග පැනය විය.
’‘අපොයි පුලූවන්. මා එක්ක ටික වෙලාවක් කතා කරකර හිටියා. මම වැඩකරන්නේ හිග්ගස්වත්ත ප‍්‍රාතමිකේ කියලා කියන්න ඉස්සර එයා ඒක දැනගෙන ඉදලා තිබුණා. එයා කිව්වා ඔය දරුවාගේ ඉස්කෝලෙට මගේ පුතෙක්ගෙ දරුවෙකුත් එනවා කියලා කිව්වා’’ යැයි කළමනාකාර සහකාරවරිය පිළිතුරු දෙමින් කීවාය.

ඉන්පසු කළමනාකාර සහකාරවරියට ඡායාරූප කිහිපයක් පෙන්වමින් මේවායින් ඒ හමුවුණ අමුත්තා හදුනා ගතහැකිදැයි ගුරුවරිය විමසීය. ඇය තමන්ට කිරිවෙහෙර චෛත්‍ය මලූවේදී හමුවූ ආගන්තුකයා ඒ ඡායාරූප අතර සිටියදී හොදින් හදුනාගත්තාය. කළමනාකාර සහකාරවරිය මේ අමුත්තා ඊට පෙර කිසිම අවස්ථාවක කුරුවිටදී හෝ වෙන කොතැනකදී හෝ දැක නොතිබුණි.‘‘මිස් මේක මහා පුදුමයක්නේ. මේ මගේ මහත්තයාගේ තාත්තා මියගිහිං දැන් අවුරුදු කිහිපයක්ම වෙනවා’’ ගුරුවරියගේ පිළිතුරින් තරුණ කළමනාකාර සහකාරවරිය දැඩි කලබලයකට පත්වූ බවක් පෙනිණි. ඇය සිය ඥාතීන්ටද දුරකතන ඇමතුම් ගනිමින් මේ සිද්ධිය විස්තර කරන්නට විය.

එදා කිරිවෙහෙර චෛත්‍ය මලූවේ දී මහලූ වෙස් ගෙන තමන් හමුවේ සිටියේ කතරගම දෙවියන් යැයි මේ කතාව ඇසු හැමෝගෙම විශ්වාසය විය.

No comments:

Post a Comment