Tuesday, November 12, 2013

මරණාසන්න අත්දැකීම්

මරණාසන්න මොහොතකදී අපේ සිත අපේ කයෙන් නික්ම යාමක් වැනි හැඟීමක් ඇති විය හැකිය. නමුත් මරණාසන්න අත්දැකීමක් (Near Death Experience) යනු ශරීරයෙන් පරිබාහිර අත්දැකීමක් (Out of Body Experience) නොවේ.

මරණාසන්න තත්ත්වයට පත්ව නැවත සුවය ලැබූ අය එම අවස්ථාවේදී මුහුණ දුන් අත්දැකීම් විවිධ අයුරින් විස්තර කරති. එබඳු රෝගීන් සිය ගණනක් පරීක්ෂා කර බලා ඔවුන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා රැස්කරගත් තොරතුරු පදනම් කර ගනිමින් විවිධ පර්යේෂකයන් විසින් නොයෙකුත් ආකාරයේ මරණාසන්න අත්දැකීම් මාලාවක් ලැයිස්තු ගත කර තිබේ. මෙයින් වඩාත්ම වැදගත් වන්නේ 1980 වසරේදී කෙනත් රින්ග් (Keneth Ring) නම් පර්යේෂකයා විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද මරණාසන්න අත්දැකීම්

ත්‍රාස්‍යජනක කථා පොත් ටිකක් කියවමු..

අබිරහස්, ත්‍රාස්‍යජනක කතා පොත් කියවන්න කවුරුත් කැමතියිනේ.... එනිසා මම අද adventure කථා පොත් ටිකක් අරගෙන ආවා... මේ ටිකත් කියවල බලන්නකෝ... කලින් කියවල තිබුනත් මටනම් ආයෙත් කියවන්න හිතුනා....


 01. සැඩ මුහුදේ වික්‍රමය. (පී.බි.සේනානායක)  
 DOWNLOAD 





02. මරණාසන්න අත්දැකීමක්! (ලසිත රවීන් උමගිලිය) DOWNLOAD

Monday, November 11, 2013

බවුන් වඩද්දී මහ රෑ ආ අමුත්තා


මිනිසාගේ ශරීරයෙන් වැගිරෙන දහදිය, සෙම්, සොටු, ලේ, සැරව, මළ, මුත‍්‍ර අපේ පියවි ඇසට නොපෙනෙන අමනුස්සයන් ගේ ප‍්‍රියතම ආහාරවේ. මේ යක්ෂ පෙ‍්‍ර්තාදිහු මිනිස් ලොව ස්තී‍්‍ර පුරුෂයන්ට ලෙඩ රෝග වැළදෙනවාට කැමැති වන්නේ ඒ නිසා ය. එසේ ම කලකෝලාහලවලින් ලේ වගුරුවා ගන්නවාට ද කැමති ය. ඔවුන් ඊටත් වඩා කැමැත්තක් දක්වන්නේ මළ සිරුරු ආහාරයට ගැනීමට ය. මළ සිරුරෙන් වැගිරෙන ඕජාව හා වුරුණු තෙල්වලට ඉතා ප‍්‍රිය බවක් දක්වන්නෝ ය. මළ සිරුරක් නිවසක් තුළ තිබියදී තනි නොකිරීම, අවසන් කටයුතු සඳහා නිවසෙන් බැහැරට ගැනීමට පෙර මිනිය තනි කිරීම, සමහර මළ සිරුරු මිනිසුන් අට දෙනෙකුටවත් ඔසවා ගෙන යෑමට නොහැකි තරම් බරක් ඇතිවීම ගවේෂණය කළ යුතු කාරණා වේ.

සමහර ආරණ්‍යවාසී යෝගාවචරයන් වහන්සේ මළ සිරුරු ඉදිරියෙන් තබාගෙන අසුබ භාවනාවේ යෙදෙති. එවැනි අවස්ථාවල අමනුස්සයින් ගේ කි‍්‍රයාකාරකම්වලට මුහුණදීමට ද සිදුවේ. මේ එවැනි අවස්ථාවකි.

වයස අවුරුදු දහ හතෙන් පැවිදි වූ ලේනව මංගල හිමියෝ අවුරුදු දෙකක් පන්සල් පොත් කියවා 1998 දී භාවනාවට යොමු වූහ. තරුණ ජවයත්, වීර්යයත්, භාවනාවට ඇති දැඩි පෙළඹීමත් නිසා මංගල හිමියන්ට මළ සිරුරක්

දෙවියන් සරණ යා යුතුද ?



තිලෝගුරු ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරිතයේ බෝසත් උත්පත්තියේ පටන් දෙවියන් බෝසතුන්ට ගෞරව පුද සත්කාර කළ ආකාරය විස්තර කෙරේ. සම්මා සම්බුද්ධත්වයෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේගේ දින චර්යාවේ රාත්‍රී මධ්‍යම භාගය වෙන්කර තිබුණේද දෙවිදේවතාවුන්ගේ ධර්ම ගැටලු වලට විසඳුම් ලබාදීමටය.

සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයේ ඇතුළත් සූත්‍ර රැසක්ම දේශනා කොට ඇත්තේ විවිධ දෙවිදේවතාවුන් මුල්කොටගෙනය. විශුද්ධි මාර්ගය ලිවීම සඳහා පාදක කොටගත් “අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතො පජා “ යන ප්‍රශ්නයට පිළිතුරු සපයමින් බුදුන් වහන්සේ විසින් “ සිලෙ පතිට්ඨාය නරො සපංඤෝ “ ආදී වශයෙන් ගාථා ධර්මය දේශනා කොට ඇත්තේ එක්තරා දිව්‍ය පුත්‍රයෙකු මුල්කරගෙනය. සතුල්ල පතායික නම් වූ දේව කණ්ඩායමක් බුදුරජාණන් වහන්සේ හමුවී බොහෝ ප්‍රශ්න වලට ධර්මයෙන් පිළිතුරු ලබාගත් බව දේවතා සංයුක්තයෙහි සඳහන්ය.

එසේම සංයුක්ත නිකායේ “ සමය “ සූත්‍රයෙහිද, දීඝ නිකායේ මහාසමය සූත්‍රයෙහි ද දෙවිදේවතාවන් පිළිබද දීර්ඝ විස්තර රැසක් දැක්වේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර තවත් මහ රහතන්වහන්සේලා පන්සිය නමක් සමග වැඩ වාසය කරන අවස්ථාවක , දස දහසක් ලෝක ධාතුන්හි දෙවිදේවතාවෝ බුදුරජාණන් වහන්සේ හා අනෙක් රහතන් වහන්සේලා හමුවීමට පැමිණියහ. එහිදී බුදුන් වහන්සේ හා කෙළෙසුන්ගෙන් නොපැරදුනා වූ මහ රහතන් වහන්සේලා හමුවීමට දෙවිදේවතාවුන් රැසක් සපැමිණි බව එහිදී දෙවියෝ බුදුරදුන් උදෙසා ප්‍රකාශ කළහ. යම් කෙනෙක්

බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑ කුසිනාරාවේ හාස්කම්

ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයකු විසින් දැකිය යුතු හා දැක සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළහ. එනම් බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය, ධම්මචක්කය දේශනා කළ ස්ථානය සහ පරිනිර්වාණයට පත්වූ ස්ථානය වශයෙනි. බුදුන් වහන්සේ පිරිනිවන් පා සිටියත් උන්වහන්සේ අරමුණු කොට එම සංවේග ජනනීය ස්ථාන කරා ගොස් පහන් සිත් උපදවා ගන්නා සැදැහැවතුන් සුගතගාමී වන්නේ යැයිද ප්‍රකටය.

එකී ස්ථාන හතර ඇතුළුව ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන කරා ගොස් පහන් සිත් උපදවා ගන්නා වූ ශ්‍රී ලාංකික මෙන්ම සෙසු රට වැසි බෞද්ධ ජනතාව අතිමහත්ය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශය ආශි්‍රතව එම වැදගත් ස්ථාන පිහිටා තිබේ.

ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ වෙසක් පුර පසළොස්වක පොහොය 24 වැනිදා සිකුරාදාට යෙදී තිබිණි. බුදුන් වහන්සේගේ උපත, බුදු වීම හා පරිනිර්වාණය යන තෙමඟුල යෙදී තිබුණේ වෙසක් පොහෝ දිනයෙහිය. ආමිස ප්‍රතිපත්ති පූජාවෙන් ලෝකවාසී බොදුනුවෝ මෙම තෙමඟුල සැමරූහ. ගසක් යට ඉපිද, ගසක් මුල බුදු වී ගස් සෙවණක පිරිනිවන් පා වදාළ අසම සම ශේ්‍රෂ්ඨයාණෝ

බෝපත් කිහිපයක් මගින් දුරකතන බැටරිය charge කිරීම

තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්‍

යය නොවේ කියල කිව්වොත්... ? ? ?

ඇත්තටම අවශ්‍යය වනුයේ බෝ(Ficus religiosa) පත්‍ර කිහිපයක් පමණයි.


මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍යය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.

පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුයි.

ගිහි ජීවිතයෙන් නිවන කරා


ප්‍රශ්නය, ගිහි වතක ඉඳගෙන අපේ කටයුතුත් කරදරයක් නැතුව කරගෙන, හැකි ඉක්මනින් අප්‍රමාදව නිවන් දකින්න තියෙන හරි මග මොකක්ද?
නිවන් දැකීමට පැවිදි වෙන්නම අවශ්‍යය නෑ. ගිහිවතේ ඉඳං ඕන තරං නිවන් අවබෝධ කරල තියෙනව. තමංගෙ අඹු සැමි ජීවිත ගත කරල තියෙනව. පවුල් ජීවිත ගත කරල තියෙනව. එහෙමත් ඉඳල අනාගාමී ඵලයට පත්වෙලත් ඉඳල අන්තිමට අරිහත්වයට පත්වෙලත් කෙලවර කරල තියෙනව. බුද්ධ සාසනේ එහෙම පෙන්නල තියෙනව. අපිට කොහොමහරි හරියාකාරවම නිවන් මග පැහැදිලිව තියෙන්නයි ඕනෙ.
අපි බැලුවොත් අද නානා ප්‍රකාර ක්‍රම නිවන් මග හැටියට වඩනව. අපේ ස්වාමීන් වහන්සේලත් ඕන තරං වඩනව. නමුත් උන්වහන්සේලගෙං හරි යතාර්ථයෙන්ම අවංකවම ඇහුවොත් එහෙම මාර්ගඵල අවබෝධයක් හෝ ධ්‍යාන ලැබීමකට හේතු ක්‍රමයක් අහුවෙලා තියෙනවද? කියල, අපි තව බලාපොරොත්තු වෙනව. තව වඩනව. එක්කො ඒ වගේ උත්තරයක් දෙනව. එහෙම නැත්තං සමහර කෙනෙක් සමහර වෙලාවට අපි ලබල තියෙන්නෙ කියල නොයෙක් තර්කවාදත් ඉදිරිපත් කරනව. නමුත් අපි ඇහුවොත් එහෙම, “හොඳයි ඒකෙදි රාගය, ද්වේශය, මෝහය යම් තරමකට දුරු වෙලා තියෙන බවට සහතිකද?” කියල, ඒකට නං උත්තරයක් එන්නෙ නෑ. එක්කො චරිත ලක්ෂණය බලනකොට සුළු දේටත් කිපෙනව. ගැටෙනව. ඇලීම් සහගත බව වලිනුත් හුඟාක් වැඩියි. ඉතිං ඇලීමයි ගැටීමයි යම් තැනක තියෙනවනං මුලාවත් එතන. ඒ නිසා අපිට

Saturday, November 9, 2013

අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්

මීතිරිගල වන සෙනසුනේ සිදුවූ සිදුවීමකි...

මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.

අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.

එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.

මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.

මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්‍ය භූමියකි.

එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට

මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා


ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදයෙන් දශක තුනකට අධික කාලයක් ශී‍්‍ර ලංකාවාසීන් විඳි සියලු මානසික සහ කායික පීඩාවන් දුරකරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එහි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු ප‍්‍රධානීන් සියලුම දෙනාත් මේ වන විට වළපල්ලට ගොස් අපාගත ගත වී සිටිති.

දරුවන් තාරපාරේ ලයිට් කණුවල සහ ගස්වල ගසමින් මරා දමමින්, නිදි පැදුරේ සිටි අහිංසක ජනතාව කපා කොටා වෙඩි තබා මරා දමමින් මහ සංඝරත්නය සහ ආගමික බැතිමතුන් කපා කොටා වෙඩි තබා මරා දමමින්, ශී‍්‍ර ලාංකික ජන සමාජයම දුකට පත් කරමින්, ශී‍්‍ර ලංකා ආර්ථිකයට රුපියල් මිලියන ගණනින් පාඩු සිදුකළ මහා පාපකර්මය පඩිසන් දෙමින් කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු ප‍්‍රධානීන් මුලතිව් නන්දිකඩාල් කලපුවේ මියගොස් සිටියේ බල්ලන් බළලුන් ලෙසිනි.

ශී‍්‍ර ලංකා භූමියෙන් හතරෙන් එකක් පමණ සිය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් අත්පත් කරගෙන සිංහල වැසියන් ගම්වලින් පළවා හැර උතුරු-නැගෙනහිර ඊනියා සිහින ඊළාම් රාජ්‍යයන් ප‍්‍රකාශයට පත් කර වසර 30 ක් තිස්සේ ගෙනගිය ඒකාධිපති පැසිස්ට්වාදී මිනීමරු

වඩමාරච්චි වීරයා - ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව

“මේකඅපේ ජීවිතේ අවසාන මෙහෙයුමයි"

බි‍්‍රගේඩියර් විමලරත්න දෙස හැරුණු ජෙනරාල් කොබ්බෑකඩුව මහතා කීවේය. ඉදිරියට එන්නට තිබෙන මෙහෙයුම පිළිබඳව 1992 අගෝස්තු 8 වෙනිදා කොබ්බෑකඩුව මහතා කීවේ එසේය.

"ෆයිනල් කවුන්ට් ඩවුන්" ලෙස නම්කර තිබූ මේ මෙහෙයුම ඇරඹීමට සියල්ල සූදානම් වී පැවැතිණි.

හෙට අනිද්දා ම දියත් වන මේ සටන මාතෘභූමිය කොටි ත‍්‍රස්තයන්ගෙන් මුදාගෙන ම අවසන් වන බවට මේ නිලධාරියාට විශ්වාසයක් තිබුණි.
"අපි දැන් යමු නේද මට මීටින් එකකුත් තියෙනවා යැයි" ඊළඟට කී ජෙනරාල් වරයා, ඩිපෙන්ඩර් රථයට නැගිණි. රියදුරු අසුනට නැගී බි‍්‍රගේඩියර් විමලරත්න මහතා වාහනය ධාවනය කරන්නට විය. සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා කී රැස්වීමට යාමට වෙලාව ළඟාවෙමින් තිබූ බැවින් විමලරත්න මහතා වාහනය අතුරු පාරකට දැම්මේ "මේ පාර ළඟයි. මේකෙන් යමුයි" කියමිණි.