ශ්‍රද්ධා සම්පන්න කුල පුත්‍රයකු විසින් දැකිය යුතු හා දැක සංවේග උපදවා ගත යුතු ස්ථාන හතරක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළහ. එනම් බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ ස්ථානය, ධම්මචක්කය දේශනා කළ ස්ථානය සහ පරිනිර්වාණයට පත්වූ ස්ථානය වශයෙනි. බුදුන් වහන්සේ පිරිනිවන් පා සිටියත් උන්වහන්සේ අරමුණු කොට එම සංවේග ජනනීය ස්ථාන කරා ගොස් පහන් සිත් උපදවා ගන්නා සැදැහැවතුන් සුගතගාමී වන්නේ යැයිද ප්‍රකටය.
එකී ස්ථාන හතර ඇතුළුව ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන කරා ගොස් පහන් සිත් උපදවා ගන්නා වූ ශ්‍රී ලාංකික මෙන්ම සෙසු රට වැසි බෞද්ධ ජනතාව අතිමහත්ය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශය ආශි්‍රතව එම වැදගත් ස්ථාන පිහිටා තිබේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2557ක් වූ වෙසක් පුර පසළොස්වක පොහොය 24 වැනිදා සිකුරාදාට යෙදී තිබිණි. බුදුන් වහන්සේගේ උපත, බුදු වීම හා පරිනිර්වාණය යන තෙමඟුල යෙදී තිබුණේ වෙසක් පොහෝ දිනයෙහිය. ආමිස ප්‍රතිපත්ති පූජාවෙන් ලෝකවාසී බොදුනුවෝ මෙම තෙමඟුල සැමරූහ. ගසක් යට ඉපිද, ගසක් මුල බුදු වී ගස් සෙවණක පිරිනිවන් පා වදාළ අසම සම ශේ්‍රෂ්ඨයාණෝ
Monday, November 11, 2013
බෝපත් කිහිපයක් මගින් දුරකතන බැටරිය charge කිරීම
තවදුරටත් ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට විදුලිය අවශ්
යය නොවේ කියල කිව්වොත්... ? ? ?
ඇත්තටම අවශ්‍යය වනුයේ බෝ(Ficus religiosa) පත්‍ර කිහිපයක් පමණයි.
මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍යය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.
පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුයි.
යය නොවේ කියල කිව්වොත්... ? ? ?
ඇත්තටම අවශ්‍යය වනුයේ බෝ(Ficus religiosa) පත්‍ර කිහිපයක් පමණයි.
මොහොතකට හිතන්න ඔබ කැලයක හෝ වෙනත් විදුලිය සොයාගත නොහැකි ප්‍රදේශයක අතරමං වුනා කියලා. ඔබගේ දුරකතනයෙත් බැටරි බැහැලා නිසා දුරකතනය ක්‍රියාවිරහිත වෙලා. නමුත් ඔබට සොයාගැනීමට අවශ්‍යය වනුයේ බෝපත් 2ක් පමණයි. විද්‍යාඥයින් මේ සොයාගැනීම පිළිබඳව පවසන අන්ඳමට මෙහිදී සිදුවනුයේ අන්තර් ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය වීමක්.
පහත දැක්වෙනුයේ පියවරින් පියවර ඔබගේ ජංගම දුරකතන බැටරිය charge කිරීමට බෝපත් යොදා ගන්නා අයුරුයි.
ගිහි ජීවිතයෙන් නිවන කරා
ප්‍රශ්නය, ගිහි වතක ඉඳගෙන අපේ කටයුතුත් කරදරයක් නැතුව කරගෙන, හැකි ඉක්මනින් අප්‍රමාදව නිවන් දකින්න තියෙන හරි මග මොකක්ද?
නිවන් දැකීමට පැවිදි වෙන්නම අවශ්‍යය නෑ. ගිහිවතේ ඉඳං ඕන තරං නිවන් අවබෝධ කරල තියෙනව. තමංගෙ අඹු සැමි ජීවිත ගත කරල තියෙනව. පවුල් ජීවිත ගත කරල තියෙනව. එහෙමත් ඉඳල අනාගාමී ඵලයට පත්වෙලත් ඉඳල අන්තිමට අරිහත්වයට පත්වෙලත් කෙලවර කරල තියෙනව. බුද්ධ සාසනේ එහෙම පෙන්නල තියෙනව. අපිට කොහොමහරි හරියාකාරවම නිවන් මග පැහැදිලිව තියෙන්නයි ඕනෙ.
අපි බැලුවොත් අද නානා ප්‍රකාර ක්‍රම නිවන් මග හැටියට වඩනව. අපේ ස්වාමීන් වහන්සේලත් ඕන තරං වඩනව. නමුත් උන්වහන්සේලගෙං හරි යතාර්ථයෙන්ම අවංකවම ඇහුවොත් එහෙම මාර්ගඵල අවබෝධයක් හෝ ධ්‍යාන ලැබීමකට හේතු ක්‍රමයක් අහුවෙලා තියෙනවද? කියල, අපි තව බලාපොරොත්තු වෙනව. තව වඩනව. එක්කො ඒ වගේ උත්තරයක් දෙනව. එහෙම නැත්තං සමහර කෙනෙක් සමහර වෙලාවට අපි ලබල තියෙන්නෙ කියල නොයෙක් තර්කවාදත් ඉදිරිපත් කරනව. නමුත් අපි ඇහුවොත් එහෙම, “හොඳයි ඒකෙදි රාගය, ද්වේශය, මෝහය යම් තරමකට දුරු වෙලා තියෙන බවට සහතිකද?” කියල, ඒකට නං උත්තරයක් එන්නෙ නෑ. එක්කො චරිත ලක්ෂණය බලනකොට සුළු දේටත් කිපෙනව. ගැටෙනව. ඇලීම් සහගත බව වලිනුත් හුඟාක් වැඩියි. ඉතිං ඇලීමයි ගැටීමයි යම් තැනක තියෙනවනං මුලාවත් එතන. ඒ නිසා අපිට
Saturday, November 9, 2013
අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක්
මීතිරිගල වන සෙනසුනේ සිදුවූ සිදුවීමකි...
මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන සිතේ සිතුවිලි ගොඩනඟයි.
අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.
එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.
මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්‍ය භූමියකි.
එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට
අතීතයේ පංචේන්ද්‍රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව, තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.
එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.
මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති. සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්‍ය භූමියකි.
එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට
මාවිල්ආරු සිට නන්දිකඩාල් දක්වා
ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදයෙන් දශක තුනකට අධික කාලයක් ශී‍්‍ර ලංකාවාසීන් විඳි සියලු මානසික සහ කායික පීඩාවන් දුරකරමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එහි නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු ප‍්‍රධානීන් සියලුම දෙනාත් මේ වන විට වළපල්ලට ගොස් අපාගත ගත වී සිටිති.
දරුවන් තාරපාරේ ලයිට් කණුවල සහ ගස්වල ගසමින් මරා දමමින්, නිදි පැදුරේ සිටි අහිංසක ජනතාව කපා කොටා වෙඩි තබා මරා දමමින් මහ සංඝරත්නය සහ ආගමික බැතිමතුන් කපා කොටා වෙඩි තබා මරා දමමින්, ශී‍්‍ර ලාංකික ජන සමාජයම දුකට පත් කරමින්, ශී‍්‍ර ලංකා ආර්ථිකයට රුපියල් මිලියන ගණනින් පාඩු සිදුකළ මහා පාපකර්මය පඩිසන් දෙමින් කොටි නායක ප‍්‍රභාකරන් ඇතුළු ප‍්‍රධානීන් මුලතිව් නන්දිකඩාල් කලපුවේ මියගොස් සිටියේ බල්ලන් බළලුන් ලෙසිනි.
ශී‍්‍ර ලංකා භූමියෙන් හතරෙන් එකක් පමණ සිය ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් අත්පත් කරගෙන සිංහල වැසියන් ගම්වලින් පළවා හැර උතුරු-නැගෙනහිර ඊනියා සිහින ඊළාම් රාජ්‍යයන් ප‍්‍රකාශයට පත් කර වසර 30 ක් තිස්සේ ගෙනගිය ඒකාධිපති පැසිස්ට්වාදී මිනීමරු
වඩමාරච්චි වීරයා - ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව
බි‍්‍රගේඩියර් විමලරත්න දෙස හැරුණු ජෙනරාල් කොබ්බෑකඩුව මහතා කීවේය. ඉදිරියට එන්නට තිබෙන මෙහෙයුම පිළිබඳව 1992 අගෝස්තු 8 වෙනිදා කොබ්බෑකඩුව මහතා කීවේ එසේය.
"ෆයිනල් කවුන්ට් ඩවුන්" ලෙස නම්කර තිබූ මේ මෙහෙයුම ඇරඹීමට සියල්ල සූදානම් වී පැවැතිණි.
හෙට අනිද්දා ම දියත් වන මේ සටන මාතෘභූමිය කොටි ත‍්‍රස්තයන්ගෙන් මුදාගෙන ම අවසන් වන බවට මේ නිලධාරියාට විශ්වාසයක් තිබුණි.
"අපි දැන් යමු නේද මට මීටින් එකකුත් තියෙනවා යැයි" ඊළඟට කී ජෙනරාල් වරයා, ඩිපෙන්ඩර් රථයට නැගිණි. රියදුරු අසුනට නැගී බි‍්‍රගේඩියර් විමලරත්න මහතා වාහනය ධාවනය කරන්නට විය. සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා කී රැස්වීමට යාමට වෙලාව ළඟාවෙමින් තිබූ බැවින් විමලරත්න මහතා වාහනය අතුරු පාරකට දැම්මේ "මේ පාර ළඟයි. මේකෙන් යමුයි" කියමිණි.
Wednesday, July 31, 2013
ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....
ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
Tuesday, July 30, 2013
පුදුම මිනිස්සු
“මානෙල් මම රුවිනිගේ හස්බන්ඩ් සුනිල් කතා කරන්නේ. ඔයාගේ හස්බන්ඩ් කරන හොර වැඩක් අල්ලලා දෙන්නයි මම කතා කළේ. කමල් වෙන ගෑනියෙක් එක්ක යාළුවෙලා ඉන්නවා කියලා ඔයා දන්නවද?”
සුනිල් තම ජංගම දුරකථනයෙන් මානෙල් අමතමින් කීවේය. මානෙල් සුනිල්ගේ බිරිඳගේ සමීපතම යෙහෙළියකි.
“ඔයා කියනකම් මට එහෙම දෙයක් ආරංචි වෙලාවත් නැහැ අයියේ. මට නං විශ්වාස කරන්නත් අමාරුයි.”
“හරි මම වැඩේ ඔයාගේ අතටම අල්ලලා දෙන්නම්. හැබැයි ඔයා මේ බව දන්න වගක් පෙන්නන්න එපා. අපේ රුවිනිටවත් මේක කියන්න එපා.”
දින කිහිපයකට පසුව සුනිල් යළි මානෙල්ට දුරකථන ඇමැතුමක් දුන්නේය.
“මානෙල් ඔන්න අද ඔයාගේ අතටම වැඩේ අල්ල ගන්න පුළුවන්. කමල් අර ගෑනිත් එක්ක දැන් අළුත්ගම හෝටලයක රූම් එකක් ඉන්නවා.”
සුනිල් ගේ කතාව සමඟම මානෙල්ට ඉවසුම් නැතිව ගියාය. සැමියාට මෙපමණ ආදරයෙන් සිටිද්දී ඔහු වෙනත් ගැහැනියක් සමඟ සිටිනවා යැයි ඇසීමද ඇයට දුකක් මෙන්ම තරහක් ද ආවාය.
“සුනිල් අයියේ ඔය හෝටලය තියෙන්නේ කොහේද? මානෙල් ඇසුවාය.
“ඔයාට තනියෙන් හෝටලයට යන්න බැහැ. කවුරුහරි දැක්කොත් හොඳ නැහැනේ. මම ඔයාව හෝටලයට එක්ක යන්නම්. ඔයා
අළුත්ගම ඩිපෝව ළඟට එන්න.”
සුනිල් මානෙල්ගේ හොඳම මිතුරිය ගේ සැමියාවීමත් කලක පටන් ඔහු දන්න නිසාත් මානෙල්ට සුනිල් පිළිබඳ සැකයක් ඇති වූයේ නැත.
ඇයට උවමනාව වී තිබුණේ තම සැමියා වූ කමල් ව ඔහුගේ අනියම් බිරියත් සමඟ අතටම අල්ලා ගැනීමය.
විනාඩියට දෙකට සූදානම් වූ මානෙල් ඩිපෝව සමීපයට පැමිණ සුනිල් ව හමුවුණාය.
“මම බයිසිකලෙන් ඉස්සරවෙලා යන්නම්. ඔයා පිටිපස්සෙන් එන්න.”
යතුරු පැදිය හෝටලය ඉදිරිපිට නතර කළ සුනිල් මානෙල් එතැනට එනතුරු බලාගෙන සිටියේය.
“අන්න අර කාමරේ තමයි දෙන්නා ඉන්නේ සුනිල් අත දිගහැර හෝටලයේ කාමරයක් මානෙල්ට පෙන්නුවේය.
“එහෙනම් අපි මෙතන හැංගිලා ඉඳීමු.”
මානෙල් එසේ කීවද සුනිල් එයට හරස් විය.
“මෙතන ඉන්න බැහැ. අනික මෙතන පැය කීයක් ඉන්න වෙයිද කියලා කවුද දන්නේ. කවුරුහරි අපි දෙන්නව දැක්කොත් තවත් මොනවාහරි හිතාවි. කමල් ඉන්න කාමරයට එහා කාමරයෙ අපි ඉඳීමු. කොයිවෙලාවේ හරි කමල් එළියට එයිනේ. නැත්නම් අපි මෙතැන ඉන්නව දැක්කොත් එයාලා මාරුවෙයි.”
සුනිල් පිළිබඳ සැක සිතන්නට ඇයට උවමනාවක් නැත. ඒ ඇය සුනිල් ගැන හෙඳීන් දන්නා නිසාය. ඇය සුනිල්ගේ ඉල්ලීමට එකඟ වූවාය.
කාමර ගාස්තුව ගෙවා දැමූ සුනිල් මානෙල් සමඟ කාමරය ඇතුළට ගියේය. මානෙල් එහි තිබූ ඇඳ මත වාඩි වූවාය.
සුනිල් කාමරයේ දොර වසන්නට සූදානම්
විය.
“ඇයි දොර වහන්නේ?”
“කමල් මේකට එබිල බලයිද දන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාට හොඳ නැහැනේ” ටික වේලාවක් කාමරයේ පුටුවකට බරවී නොයෙකුත් දේ කියමින් සිටි සුනිල් එකවරම සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් කාමරයේ ඇඳ උඩ සිටින මානෙල්ගේ ඡායාරූප කිහිපයක් ගත්තේය.
“මොකටද සුනිල් අයියේ ෆොටෝ ගන්නේ”
“ඔයාට මේවා කමල්ට පෙන්නලා කියන්න පුළුවන්නේ මමත් මෙහා පැත්තේ කාමරයේ හිටියා කියලා” මානෙල් ගේ ප්‍රශ්නෙට සුනිල් දුන්නේ එවන් උත්තරයකි.
“ඔයා කාමරය ඇතුළට වෙලා ඉන්න මම එළියට ගිහින් කමල් ව බලල එන්නම්”
එසේ කියූ සුනිල් කාමරයෙන් එළියට ගියේය.
විනාඩි පහකින් පමණ සුනිල් යළි කාමරයට ආවේය.
“මාර වැඩේනේ වෙලා තියෙන්නේ මේ දැන් කමලුයි ඒ ගෑනියි හෝටලයෙන් ගිහින්.”
සුනිල් එසේ කියද්දී මානෙල්ගේ බලාපොරොත්තු සියල්ල සුන්වී ගියාය.
“අපි දැන් ගෙදර යමු. ඔයා මේ ගැන කමල්ට දැන ගන්න තියන්න එපා. ඊ ළඟ දවසේ මම වැඩේ අතටම අල්ලලා දෙන්නම්.”
මානෙල්ගේ බලාපොරොත්තුව ඉටු කිරීම සුනිල් වෙනත් දිනයකට කල් දැමුවේය. කාලය ගෙවී ගියේය.
මානෙල් වෙනදා මෙන් සුපුරුදු පරිදි නිවෙසේ වැඩ කටයුතු කළාය. කමල් පිළිබඳ කළකිරුණු සිතක් තිබුණු ඇය ඒ ගැන කමල්ට දැන ගැනීමට ඉඩ නොතැබුවාය.
සුනිල් තම සැළසුමේ දෙවැනි පියවර පටන් ගත්තේ මින් පසුවය.
ඔහු මානෙල්ට යළි දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය.
“මානෙල් මට ඔයා හම්බ වෙන්න ඕන”
“ඇයි? සුනිල් අයියේ...”
“ඔයා එදා ගිය හෝටලයට මාත් එක්ක යන්න එන්න ඕනේ”
“මට බැහැ. ”
“ඒ මොකද ?”
“ඔයා යන්න අකැමැති නම් එදා හෝටලයේ දී ගත්තු ෆොටෝ ටික මම කමල්ට පෙන්නනවා.”
සුනිල්ගේ කතාවට මානෙල් අන්දුන්කුන්දුන් විය. සුනිල් බොරුවක් ගොතා තමාව හෝටලයට රැගෙන ගොස් ඇති බව ඇයට තේරුම් ගියේ එවිටය.
සුනිල් මෙබඳු අයකු යැයි ඇය දැන ගත්තේ එදාය. තම මිතුරියගේ සැමියා වූවද අවශ්‍ය දේ කර ගැනීමට ඔහු මාන බලන බව මානෙල්ට තේරුම් ගියාය.
නමුත් සුනිල් කියන දෙය කරන්නට ඇයට සිත් දුන්නේ නැත. ඇය මේ පිළිබඳ බොහෝ දුර කල්පනා කරන්නට වූවාය.
දින තුනකට පසුව සුනිල් නැවතත් මානෙල්ට දුරකථන ඇමතුමක් දුන්නේය.
“මට බැහැ. මම එන්නේ නැහැ. මම කාමරයට වෙලා වාඩිවෙලා හිටියා විතරයිනේ. ඒ නිසා ඔයාට ඕන දෙයක් කරන්න. මම බය නැහැ.”
දුරකථන ඇමතුමට පිළිතුරු දෙමින් මානෙල් කියන්නට වූවාය.
“ආ... එහෙමද තමුන්ගේ ගෑනි පිරිමියෙක් එක්ක හෝටලයක කාමරයක හිටියා කියලා කිව්වහම එතැනින් එහාට වෙන දේ දන්නවානේ. මම ඒ වැඩේ කරන්නම්. හරි හරි මම කමල්ට ෆොටෝ ටික පෙන්නන්නම්”
සුනිල්ගේ කතාවෙන් මානෙල් අසරණ වූවාය. ඇය දෙළොවක් අතර තනි වූවාය.
සුනිල් සමඟ කාමරයක තනියෙන් සිටි බව කමල් දැනගතහොත් පවුල් ජීවිතය පවා අවුල් වේ යැයි සිතූ මානෙල් අවසානයේ දී සුනිල්ගේ ඉල්ලීම ඉටු කිරීමට එකඟ වූවාය.
ඇය දින කිහිපයක්ම සුනිල් සමඟ ඒ හෝටලයට ගියාය.
පසුව සුනිල් ඇයගෙන් මුදල් ද ඉල්ලා බලපෑම් කළේය. මානෙල් තමන් දන්නා හඳුනන මිතුරියකගෙන් ලක්ෂ තුනකට අධික මුදලක් සුනිල්ට අරගෙන දුන්නාය.
සුනිල් ගේ බලපෑම් එන්න එන්නම වැඩි වෙද්දී කර කියා ගත දෙයක් නොවූ මානෙල් අවසානයේ දී තම සැමියාගේ පිහිට පැතුවාය.
මානෙල් කියූ සියල්ල අසා සිටි ඇගේ සැමියා ඉවසීමෙන් කටයුතු කළේය. දෙදෙනාම බේරුවල පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිලි කළහ.
බේරුවල පොලිස් ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ පැමිණිල්ල සාවධානව අසා වැඩිදුර පරීක්ෂණ කටයුතු අපරාධ අංශයේ ස්ථානාධිපති ගුණතිලක මහතාට පැවරුවේය.
පොලිස් නිලධාරීන් සුනිල්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේ ඉන් අනතුරුවය. මානෙල් තම කැමැත්තෙන්ම තමුන් සමඟ පැමිණි බව ඔහු පොලිසියට පැවැසුවේය.
මානෙල් සුනිල්ට මුදල් අරගෙන දුන්නේ යැයි කියනු ලබන කාන්තාවකගෙන්ද පොලිසියට කට උත්තරයක් ලබා ගත්තේය.
මානෙල් වරින්වර රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් තමුන්ගෙන් ණයට ඉල්ලා ගත් බවත් ඒවා සුනිල් නමැති අයකුට දුන් බව තමා දන්නා බවත් ඇය පොලිසියේදී කියා සිටියාය.
ව්‍යාජ අන්දමින් ලබාගත් ඡායාරූප පෙන්වා බිය ගන්වා ස්ත්‍රී දූෂණය සිදුකර රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වරින් වර ලබාගෙන එය නොදී පැහැර හැරීම යන චෝදනා යටතේ උසාවියට ඉදිරිපත් කළ සුනිල් මේ වනවිට සිටින්නේ බන්ධනාගාරගතව ය.
Tuesday, July 23, 2013
බෝධියේ නයා දරුවෙක් වී ඉපදුණු හැටි
වසර සිය ගණනක් පැරණි බෝධිය, අංපිටිය ගම්මානයේ ඓතිහාසික පසුබිම මනාව පිළිබිඹු කරයි. විශේෂයෙන්ම පොල්කන්ද ඇළෙන් උඩ කොටසේ පදිංචිකරුවන් උඩු පිල ලෙස ද එම ඇළෙන් මෙහා පැත්තේ පදිංචි අය යටි පිල ලෙසද බෙදී ඇත. අතීතයේ සිට චාරිත‍්‍රයක් ලෙස අං ඇදීම සිදු කළ නිසා මෙම ගම්මානයට අංපිටිය ලෙස නම ලැබී තිබෙන බව කියති.
එම ගම්මානය තුළ බෝධීන් වහන්සේලා කිහිප නමක්ම දැක ගත හැකි අතර ඉන් අංපිටිය බෝධියට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම එහි අරක් ගෙන සිටි සුදු නාගයකු
Monday, July 22, 2013
ඇසළ පොහෝය අදයි
“ සබ්බ දානං ධම්ම දානං ජිනාති '' - www.mkithmina.blogspot.com
ඉන්දියාවේ මෙන්ම අප රටෙහි ද ස්වභාව ධර්මයා මඟින් ඇසළ සමය තුළ සශ්‍රීක භාවය ලබාදීම නිමිති කරගෙන ඇසළ උත්සව පැවැත් වූ බව, පැරැණි පත පොතෙහි සඳහන් වෙයි.
සිද්ධීන්ගෙන් බහුල ඇසළ මාසය, බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වෙයි.
වෙසක් පොහෝ දින, අප තිලෝගුරු බුදුපියාණන් ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල් කරුණු සම්බන්ධයෙන් ද, පොසොන් පෝ දින දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම ලක්දිවට ගෙන ඒම සම්බන්ධයෙන් ද බෞද්ධ ජනතාවට කොතරම් වැදගත්වේද, ඒ හා සමාන වැදගත්කමක් ඇසළ පොහෝ දිනට ද ලැබී ඇත.
ඉන්දියාවේ මෙන්ම අප රටෙහි ද ස්වභාව ධර්මයා මඟින් ඇසළ සමය තුළ සශ්‍රීක භාවය ලබාදීම නිමිති කරගෙන ඇසළ උත්සව පැවැත් වූ බව, පැරැණි පත පොතෙහි සඳහන් වෙයි.
සිද්ධීන්ගෙන් බහුල ඇසළ මාසය, බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වෙයි.
වෙසක් පොහෝ දින, අප තිලෝගුරු බුදුපියාණන් ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල් කරුණු සම්බන්ධයෙන් ද, පොසොන් පෝ දින දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම ලක්දිවට ගෙන ඒම සම්බන්ධයෙන් ද බෞද්ධ ජනතාවට කොතරම් වැදගත්වේද, ඒ හා සමාන වැදගත්කමක් ඇසළ පොහෝ දිනට ද ලැබී ඇත.
Subscribe to:
Posts (Atom)






