Saturday, March 30, 2013

ගාල්ල මහින්දයේදී උපන් අපේ ජාතික ගීය




ජාතික ගීය රටක පුරවැසියන්ගේ හදවතට පමණක් නොව ලේ මස් ඇට නහර පුරා කා වැදී ඇති ජාතියේ උත්තරීතර වූ සංකේතයයි. පුරා වසර 150 ක් බි‍්‍රතාන්‍ය ජාතික ගීය වූ ,ඨදා ී්ඩැ එයැ ණසබට, ගීයට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නමස්කාර කළ අපි 1948 දී ලැබූ නිදහසත් සමග අපේම ජාතික ගීතයක් නිර්මාණය කර ගැනීම සඳහා ඇප කැප වූයෙමු. 



එහෙත් අද අපේම ජාතික ගීයට නමස්කාර කරන ලාංකිකයන් බොහෝ දෙනෙක් එම දැවැන්ත නිර්මාණය බිහිවීමට අදාළ බොහෝ සුලමුල නොදනිති. ඒ අභිමානවත් මෙන්ම ශෝකාන්තයක් බවට ද පෙරළුණු ඉතිහාස කතාවයි මේ.

භාරත මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා ලංකාවේ කළ සංචාර තුනේදී එතුමාගේ ගීත නාට්‍ය නරඹා ඇති වූ උද්දීපනය නිසා 1936 දී ශාන්ති නිකේතනයට ගොස් සංගීතය හා චිත‍්‍ර හැදෑරූ ජෝර්ජ් විල්ප‍්‍රඞ් අල්විස් සමරකෝන් යළි ලංකාවට ආවේ ‘‘ආනන්ද සමරකෝන්’’ ලෙසිනි. ඉනික්බිති ගුරුවරයකු ලෙස වෘත්තිය අරඹා බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලයෙන් පසුව ආනන්ද සමරකෝන් නම් සංගීත හා චිත‍්‍ර ගුරුවරයා 1938 සිට 40 දශකයේ මුල්භාගය රාජකාරි කලේ මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩක් වූ ගාල්ලේ මහින්ද විද්‍යාලයේය. 

Thursday, July 12, 2012

2012 අවසානයේ විනාශයක්ද? යහපතක්ද?



ඊජිප්තුවරුන් සහ මායාවරුන් 2012 වසර අවසානය පිළිබඳව ප‍්‍රකාශිත අනාවැකියෙන් පවසන්නේ කුමක්ද? ඔවුන් පවසන පරිදි 2012 අවසානයේදී ලෝකය විනාශ වේද? කෙසේ වුවද ඔවුන් කියා සිටිනුයේ මේ අප වාසය කරන පෘථිවිය අති බිහිසුණු ව්‍යසනයක් බලාපොරොත්තුවෙන් සිටින බවකි. ඔවුන් එසේ පවසන්නේ පෘථිවි චුම්බක ක්‍ෂේත‍්‍රය ක්‍ෂණයකින් කණපිට පෙරලෙන බවකි. එවිට සුවිශේෂී වූ භූමි කම්පාවන් සහ වේගවත් රළ පහරවල් අප සියල්ලන්ගේම ශිෂ්ඨාචාරයන් වෙනස් කරනු ඇති බවය. ඒ අනුව යුරෝපීය සහ උතුරු අමෙරිකානු රටවල් කිලෝමීටර් දහස් ගණනින් උතුරු දෙසට ඇදී ගොස් අවසානයේ නතර වනුයේ උත්තර ධ‍්‍රැවයේය. සිදුවිය හැකි සෑම සිදුවීමක්ම පෘථිවිය මත වෙසෙන පූර්ණ ගහණය ශූන්‍ය කිරීම සඳහා හේතු වේ.
මෙම අනාවැකි ප‍්‍රකාශ වූයේ ඊජිප්තුවරුන්ගෙන් සහ මායාවරුන්ගෙනි. මොවුන් පැවත එන්නේයැයි සැලකෙණුයේ දක්‍ෂිණ ධ‍්‍රැව පතුළේ දැනට වැළලී ඇති අත්ලන්තිස් පුරාවෘත්තයන් ගෙනි. ඔවුන් පවසා සිටිනුයේ සැබෑ ජ්‍යොතිෂ්‍යමය කරුණු විකාශනය වුණේ අත්ලන්තිස් වරුන්ගෙන් බවට ය.

ක‍්‍රි.පූ. 9792 දී දෙරණ සිසාරා ගියේ යැයි සැළකෙන මහා ජලකඳ පිළිබඳව හරියටම අනාවැකි කියූ අය ඔවුන් විය. ඒ හොඳින් දැන සිටි ඔවුන් බුරුතු පිටින් දස දහස් ගණන් බෝට්ටු තනා ඒ මත නැගී උතුරු අමෙරිකාවටත් ඊජිප්තුවටත් පැන ගොස් ඇත.

2012 දී සිදුවිය හැකි එවන් අනතුරක් ගැන කරුණු විග‍්‍රහ කරන කතුවරුන් මෙම භයානක පණිවුඩය ගෙන එනුයේ 2012 වසර අවසාන විට ශිෂ්ඨාචාරයනට විය හැකි වැදගත් වන්නා වූ බොහෝ කරුණු අධ්‍යයනය කරමිනි. මේ භයානක පණිවුඩය ඔවුන් එළි දක්වනුයේ අහසේ තරු සංග‍්‍රහයන්ගේ හැසිරීම් රටාවද අධ්‍යයනය කරමිනි. ක‍්‍රි.පූ. 9792 දී එකී ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ අහසේ දිස්වූ සිකුරු ඔරියන්ට් සහ වෙනත් තාරකා ස්ථානගත වූ පරිදිම 2012 දීද  අහසේ ඒ අන්දමින් ස්ථානගත වන බවට ඔවුහු ඉඟි පළ කරති. එපමණක් නොව තවත් බොහෝ දේද ඇත.
වසර දහස් ගණනක ඉතිහාස ගත කරුණු අධ්‍යයනය කර ඇති ඔවුන් කියා  සිටිනුයේ ඒ පැරණි ඥාන සම්භාරය දැවැන්ත දුර්ග මාර්ගයක සැඟව ඇති බව කිසිවකු නොදන්නා බවයි. ඔවුන් පවසන පරිදි එදා සිදුවූ මහා ඛේදවාචකයට අදාළ තොරතුරු සහ සුන්බුන් වලින් එහි රහස් කුටි පිරී ඇත. එකල විසූ ප‍්‍රතිවාදී ඩෙලූවියන් ජාතියේත් ඊජිප්තුවරුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා ඒවා එහි තැන්පත් කර තබා ඇත. ඒ ගැන දැනුවත්ව සිටින ජෙරිල් සහ රැටින්ක්ස් එම දුර්ග මාර්ගය සොයා  ගැනීමේ උත්සාහයක නිරතවී සිටී. එම තොරතුරු නිසි කළ ලැබෙනු ඇතැයි ඔවුහු දැඩිව විශ්වාස කරති.

ඉතා ප‍්‍රසිද්ධ ග‍්‍රන්ථ රාශියක් එලි දක්වා ඇති පැටි‍්‍රක් ජෙරිල්ගේ ‘ද ඔරියන්ට් ප්‍රොපසි’ නම් වූ ග‍්‍රන්ථයෙන් මෙය සවිස්තර කරයි. ඔහු කියා සිටිනුයේ මායාවරුන්ගේ වට්ටෝරු එකතුවේ හිරු මතු පිට පවත්වා ලපවල රහස් අඩංගු වන බවය. මේ පිළිබඳව නවීන තාරකා විද්‍යාඥයින් කිසිවක් නොදන්නා බවද ඔහු සඳහන් කරයි. ඔහු පවසන පරිදි යම් අවස්ථාවක හිරු චුම්බකත්වය තීරණාත්මක අවස්ථාවකට එළඹෙන විටෙක දැඩි කුණාටු තත්ත්වයක් හිරු මතු පිටට බලපෑම් කරනු ලබන්නේ ය. එවිට කිසිම සමාවක් නොමැතිව මහා ව්‍යසනය සිදුවනු ඇත. මේ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන කරුණු අති භයංකාරය. එබැවින් තවදුරටත් මේ පිළිබඳ සාකච්ඡා නොකර සිටීම හොඳ යයි සිතමි.
මිලියන ගණනින් ජනගහනය අනතුරුවලට භාජනය වුවත් යම් ප‍්‍රමාණයක මිනිස් ජීවීන්හට ජීවත්වීමේ වාසනාව හිමිවනු ඇති බවට සංඛ්‍යා පවතින බවත් ඔහු කියයි. ඒ කවුරුන් විය හැකිද? මේ ලිපිය කියවන සෑම පුද්ගලයකුම අනිවාර්යයෙන්ම සිතනු ඇත. තමාද මේ ලැයිස්තුවට ඇතුළත්ව ඇද්ද යන්න. එකී වාසනාව හිමිකර ගැනීම සඳහා අප දරා ඇති උත්සාහය කිමෙක්ද යන්න සිහිපත් කරනු මැනවි.

මේ විස්තර ලොව හමුවේ කියාපාන ජෙරිල් පැටි‍්‍රක්ටද නොනැසී ජීවත්වන්නට අවශ්‍යයි. ඔහුට පමණක් නොව මටත් අවශ්‍යයි. ඔබ අප සැමටත් අවශ්‍යයි. ඒ සඳහා ජෙරිල් නම් බොහෝ දේ කරනු ලබයි.
නොනැසී ජීවත්වන්නට අවශ්‍යතාව ඇති ජෙරිල් පැටි‍්‍රක් ජීවත් වනුයේ පළතුරු සහ එළවළු ආහාරයට ගනිමිනි. ඒ නිසාම ඔහු බොහෝ කලක් ජීවත් වීමට අපේක්‍ෂිතයි. නොනැසී ජීවත්වන්නට අපේක්‍ෂිත ජෙරිල් මේ ගැන කොතරම් කම්පනයට පත් වුවද ඔහු උත්සාහය නම් අත් හරින්නේ නැත.

මෙම විෂයට අදාළ කරුණු සාකච්ඡාවට බඳුන් කරද්දී අපට කිසිසේත්ම අමතක කළ නොහැකි චරිතයක් ඇත. ඒ අන් කිසිවකු නොව කි‍්‍ර.ව 603 දී මෙක්සිකෝවේදී උපත ලබා කි‍්‍ර.ව. 683 දී මිය යන තුරුම වසර 52 ක්ම මෙක්සිකෝව පාලනය කළ සාකල් වෝටන් නම් වූ මහා ගණිතඥ ඉංජිනේරු පඩිවරයාය.

නියමිත වකවානු සහිතව ලෝකයේ පැවැත්ම පිළිබඳ අනාවැකි ඔහු ලිවීය. ඔහු ගල් ටැම්වල ඒවා සටහන් කොට සුරක්‍ෂිත ලෙස තැන්පත් කරනු ලැබීවේ ඔහු විසින්ම ඔහුගේ මරණින් මතු තම දේහය තැන්පත් කිරීම සඳහා තැනූ විශ්මිත විශේෂිත පිරමිඩයක පතුළේය. පසු  කලකදී කැනීම් සිදුකරන අවස්ථාවක මෙම පිරමිඩයද හමුවිය. එය ඉදිකර තිබුණේ මෙක්සිකෝවේ චියෝපස් වලය. එය හඳුන්වනු ලැබුවේ ‘පැලන්’ කියු නමිනි. එය ශබ්ෂණය තුළ බොහෝ දෙනෙකුට කාලය පිළිබඳ තොරතුරු රැුසක් ලැබී ඒවා ගැන පර්යේෂණ හා විශ්ලේෂණ රාශියක් සිදු කොට ඇත. ඒ අනුව ඔවුන් සනාථ කරගනු ලැබුවේ සොභාවික නොවන කාල චක‍්‍රයක් මිනිසා අනුගමනය කිරීම නිසා මිනිස් සිත් සතන් වලට බලපෑමක් සිදුව ඇති බවකි. ඔවුන්ගේ පර්යේෂණයන්ට අනුව තවදුරටත් සනාථ කර ගෙන ඇත්තේ සොභාවික කාල චක‍්‍රය යනු වසරකට මාස 13 ක් ද මසකට දින 28 ක්ද වන කාල චක‍්‍රයන් පැවතිය යුතු බවය. අවිචාරමත් කාල චක‍්‍රයක්  අනුගමනය කරමින් සිටින ලෝකයාට සාධක සහිතව කරුණු ඔප්පු කරමින් මෙය පිළිගැනීමට උත්සාහ කළද සියලූ රටවල් අභිබවා යමින් කුඩා රාජ්‍යයක් වන වකිතානුව එයට එරෙහි විය ගෝලීයකරණය වීමේ හේතුවෙන්  මෙම යෝජනාව අසරණ වුවත් එය පිළිගත් රටවල් කිහිපයක් මෙය අනුගමනය කරනු ලබයි. එක්සත් ජාතින්ගේ සම්මේලනයේ නොවිසඳා ඇති ප‍්‍රශ්න අතුරෙන් එකකි මෙය.

මෑතදී මිය ගිය මෙත්සිකන් ජාතික ජෝස් ආගියුලස්ගේ ගවේෂණ තුළින් ද පාකල් වෝටන් පෙන්වා දුන් ග‍්‍රහ තොරතුරු මැනවින් පැහැදිලිව ලොවට හෙළි කරන ලදී. ඒ අනුව අප දැනට ගත කරනුයේ කළියුගයේ අවසානයේ ය. වසර 5125 කින් එය යුත්තය ඉතිහාසයේ අනුවර්නී බව පෙන්වීමට ඔහු මෙම වසර 5125 බක්ටුන 13 කින් සමන්විත බව ඔප්පු කළේය. තවදුරටත් ඔහු පෙන්වා දුන්නේ එකී බක්ටුන 13 රූප ජනක උප ක්‍ෂේත‍්‍රයන් 13 ක් වශයෙන් සක්වලෙහි සමකාලීනව සිදුවන රශ්මි 13 හි චක‍්‍ර ලෙසටය.

ඔහු දන්නා තොරතුරු අනුව කලියුගයේ ආරම්භය කි‍්‍ර.පූ. 3113 දීය. 2012 වන විට එයට වසර 5125 පිරේ එක් බක්ටූනයනට වසර 394 න් හෝ දින 144,000 කි. මෙම බක්ටුන කාලයක් තුළදී සිදු වූ විවිධ කාරණා ඉතා සක්‍ෂිප්ත කොට මෙසේ සඳහන් කරමු.

0-1 වැනි බක්ටූනය - තාරකා වැපිරුණු බක්ටුනය - ගල් යුගයේ ආරම්භය. කි‍්‍ර.පූ. 3113 කි‍්‍ර.පු. 2718

1-2 වැනි බක්ටුන ය - පිරමිඩයේ බක්ටුනය - කෘෂි කර්මාන්තය

2-3 වැනි බක්ටුනය - රෝදයේ බක්ටුනය - රථ සහ රෝද  භාවිතය චීන වංශ කතා

3-4 වැනි බක්ටුනය - පූජනීය කන්දේ බක්ටුනය - රාජධානි බිහිවීම ආක‍්‍රමණ නිසා ශිෂ්ටාචාර විනාශවීම

4-5 වැනි බක්ටුනය - ෂං නිවසේ බක්ටුනය - ඉන්දීය වේද ශිෂ්ටාචාර බිහිවීම

5-6 වැනි බක්ටුනය - රාජකීය මුද්‍රාවේ බක්ටුනය - ලෝක යුද අවි අශ්ව රථ භාවිතය

6-7 වැනි බක්ටුනය - මානසික දියුණුවේ බක්ටුනය - මායන් කැලැන්ඩර් ක‍්‍රමයේ ආරම්භය බුදුන් වහන්සේ පහළ වීම. ක‍්‍රි.පූ.747-ක‍්‍රි.පූ.353

7-8 වැනි බක්ටුනය - අභිෂේකශ‍්‍රස්ට් බක්ටුනය - රෝම අධිරාජ්‍යය මහා ඇලෙක්සැන්ඩර් චීන මහා ප‍්‍රකාරය ජේසු තුමන් පහළවීම. කි‍්‍ර.පූ. 353 කි‍්‍ර.ව. 41

8-9 වැනි බක්ටුනය - කළු ස්වාමින්ව බක්ටුනය - රෝම අධිරාජ්‍යය බිඳ වැටීම කි‍්‍රස්තු දහම පිබිදීම

9-10 වැනි බක්ටුනය - මායාවරුන්ගේ බක්ටුනය මායන් සංස්කෘති බිහිවීම පාකල් බෝටන් පහළවීම ඉස්ලාමීය හින්දු බොදු දහම් ව්‍යාප්තිය (ඉස්ලාම් දහම බිහිවූයේ මින් වසර 1433 කට පෙරය.) කි‍්‍ර.ව. 435-830

10-11 වැනි බක්ටුනය - ශුද්ධ යුද්ධයේ බක්ටුනය - මෙත්සිකානු ශිෂ්ටාචාර බිඳ වැටීම, ඉස්ලාම් ධර්මය ව්‍යසනය, කි‍්‍රස්තියානු ශිෂ්ටාචාර සහ ගැටුම්, මුද්‍රණ ශිල්පය.

11-12 වැනි බක්ටුනය - සැඟවුණු බීජයේ බක්ටුනය - කි‍්‍රස්තු සංස්කෘතියේ උච්චම හා බෙදීම් ප‍්‍රතිසංස්කරණ

12-13 වැනි බක්ටුනය - පදාර්ථයන්ගේ පරිණාම බක්ටුනය - විද්‍යාව, භෞතික විද්‍යා, චිං අධිරාජ්‍ය නිව්ටන් වාදය, බැරොන් සංගීතය, කර්මාන්ත, විප්ලව, ප‍්‍රංශ - අමෙරිකානු විප්ලවය, රෝමකරණය, යුරෝපාකරණය, අධිරාජ්‍යවාදය, විදුලිය, රුසියානු විප්ලවය, ලෝක යුද්ධ, හිරෝෂිමා පරමාණු අභ්‍යාවකාෂ තාක්‍ෂණය අභිසරණයේ අනුවර්තී බව පෘථිවි පුනර්වර්ධනය

මේ අවසාන බක්ටුනය තුළ සිදුවී ඇති මහා විපර්යාසය සහ දැනට ලොව පුරා සිදුවෙමින් තිබෙන මහා අපරාධ, බල අරගල විපත් සලකා බලන විට සිදුවීමට තව ඉතිරිව ඇත්තේ මහා විනාශයක් මිස අන් කවරක්ද එය සක්සුදක් සේ පැහැදිලිය. විද්‍යාවෙ සහ තාක්‍ෂණය දියුණු වන ප‍්‍රමාණයට වඩා වැඩි වේගයකින් විනාශය අප කරා ළඟා වේ. අප සියලූ දෙනාම ටයිම් බෝම්බ පැළඳගෙන සිටින බවක් අපට කිසි විටෙක නොතේරේ. ජංගම දුරකතනයේ ප‍්‍රමාණය එදා ගඩොල් කැටයක ප‍්‍රමාණය විය. ඉන් පසු එය සබන් කැබැල්ලක ප‍්‍රමාණය විය. දැන් එහි ඝනකම කාඞ් බෝඞ් කෑල්ලක ප‍්‍රමාණයය. මුලදී එහි වූයේ සිම් එකකි. ඉන්පසු දෙකකි. දැන් 3 කි. මුළු ලොවම අප අතේ ය. අපට කළ නොහැකි කිසිවක් නැත.

අවබෝධය තුළින් අපට වෙනස් විය හැකි ද යන්න මොහොතකට අපි සිතා බලමු. අධර්මයෙන් ජීවත් වන අපට එම අධර්මිෂ්ඨකම් නිමා කළොත් අපේ ජීවිතෙන් වැඩක් ඇතිවේද කියා. ඒ ගැන සිතන විටත් බයයි. එය නම් සෑහෙන්න අමාරු වැඩක්.
අපගේ හෘද සාක්‍ෂිය සාක්‍ෂි දරාවි 2012 අවසානයේදී විය හැකි යැයි සිතන ව්‍යසනය අපට කෙසේ බලපෑ යුතු ද කියා. යහපත් අයට නම් බියවීමට කිසිම හේතුවක් නැත.

මේ ආශ්චර්යමත් සිදුවීම් මාලාවට තිබුණා වූ හේතුව කුමක් ද යන්න අපට කිසි අවබෝධයක් නොමැත. පමා නොවී දැන්වන් අපි වහ වහා බොදු පිළිවෙත් තුළට පිවිසෙමු. ඒ සඳහා අවශ්‍ය පසුබිම අප සතුය. තණ්හාවෙන් කෑදරකමින් අප ගොඩගසන කිසිවක් අප ගෙනයන්නේ නැත. පාපයෙන් මිදෙමු. යහපත් දේම කරමු. වෛරයෙන් මිදෙමු. බෙදා හදාගෙන ජීවත්වෙමු. අනුන්ගේ දුකේදී පිහිට වෙමු. මෙලොව හැර යන අප ගෙන යා යුත්තේ කුමක්ද? අපට ගෙන යාමට ඉතිරි වන්නේ අපේ හිත පමණි. ඒ සිත තුළ තැන්පත් කරගත්තා වූ හොඳ නරක ලබන්නාවූ ඊළඟ භවයට විපාක ලබා දෙනු ඇත. යම් විනාශයන් සිදු වන්නේ නම් බිය නොවී එයට මුහුණ දීමට හැකි ආධ්‍යාත්මීය තත්ත්වයන් ඇති කර ගැනීමට වහාම පුහුණු වෙමු.

බොහෝ ජාතීන් හටත් බොහෝ මිනිසුන් හටත් සැමවිට සිදුවනුයේ තමා කැමති දේට වඩා අකමැති දේය. තමා කැමති දේ සත්‍ය වශයෙන් ඉටු කර ගැනීම සඳහා යම් කි‍්‍රයාවලියක් පවතින්නේ නම් එය පවතින්නේ මනස හා සම්බන්ධවය. ආධ්‍යාත්මීය තාවය සම්බන්ධ වනුයේ මනස සමගය. එබැවින් දැහැමි බව තුළින් මනසට පිවිසෙමු.

Follow

Monday, July 2, 2012

මැරෙන්න පණ බයේ සිටි මරුසිරා


එල්ලූම් ගහට ගිය මිනිසකුගේ මිනිය ගොඩගෙන අධිකරණ වෛද්‍යවරයකු විසින් නැවත පරීක්‍ෂණයකට ලක් කෙරුණු අවස්ථාවක් එල්ලූම් ගහේ ඉතිහාසයේ සඳහන්ව ඇත්තේ එක් වතාවක් පමණි. ඒ මරුසිරාගේ මළ සිරුරය.

මරු සිරා යනු කවරකුදැයි විස්තර වාසගම් අවශ්‍ය වන්නේ නැත. ”සිරිපාල හා රන් මැණිකා” චිත‍්‍රපටයත් ”මරු සිරා” චිත‍්‍රපටයත් නිර්මාණය වූයේ ඔහු නිසාය. එල්ලූම් ගහට ගිය මිනිසකු වෙනුවෙන් එදා මෙදා තුර මුළු මහත් සමාජය පතුළෙන්ම විරෝධයට අමතරව කම්පනයක් ද ඇවිළී ගියානම් ඒ ඔහු වෙනුවෙන්මය. ගරු ගාම්භීර අධිකරණය තුළ තමා නමින් මරණ වරෙන්තුව ලියැවෙද්දීත් රන් මැණිකා සමග ඈත රජරට වන පෙතේ පෙම් සුව විඳිමින් සිටියේ ඔහුය. තමා එල්ලූම් ගස් යවා මළ පසු ඒ මරණය සිදුවූයේ

Thursday, June 28, 2012

එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව


1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා ඉතිහාසයේ පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත. එල්ලූම් ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේද ඉංගිරියේ කළුඅප්පුය. ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම කළුඅප්පු කළ වරද විය. ගස් හැමතැනම තිබුණද එල්ලූම් ගස් හැමතැනම නැත. දැනට ලංකාවේ එල්ලූම් ගස් තියෙන්නේ දෙකකි. එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනෙක බෝගම්බර බන්ධනාගාරයේය. යාපනය බන්ධනාගාරයේද එල්ලූම් ගසක් තිබුණද පසුකාලයේදි එය ඉවත් කර තිබේ.

ඉංගිරියේ කළුඅප්පු එල්ලා මැරුවේ වැලිකඩදී බෝගම්බරදී හෝ යාපනයේදී හෝ නොව පෑලියගොඩදීය. එයට හේතුව, මුල් කාලේදී එල්ලා මැරීම කරනු ලැබුවේ මිනීමැරුම් සිදුවූ ස්ථානයට ආසන්නම නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයකය. ඉංගිරියේ කළුඅප්පු එල්ලූමගහට ගියේ පෑලියගොඩ ප‍්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පෝරකයකය.
එදා අළුගෝසුවා වශයෙන් කටයුතු කළේ

Saturday, June 23, 2012

ලාංකීය හදවත් එක්කරමින් ලොවම මවිත කල උතුම් යුධ නාමය

ඒ ලාංකීය ඉතිහාසය දෙපලු කරමින් රුදුරු ත්රස්තවාද ඉහලටම නැගී සිටි කාලයයි. යුද්ධයක් කර පලපුරුද්දක් නොමැති ශ්රීලාංකිකයන් මරණ බියෙන් සිටි අවදියක දැය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට පහල වූ වීර සෙම්පතියා ගැනයි මේ.
.....................................
බයෙන් ඇලලී ගිය යුධ වාතාවරණයක, ලාංකික තරුණ සිත දැඩි කිරීමට දැරූ උතසාහයේ ප්රතිපලය අප අද බුක්තිවිඳින්නෙමු, ශ්රී ලාංකිය හමුධාවට දරුවන් දීමට අකමැති වූ දෙමව් පියන් සෙම්පති නාමය පිලිබ්ඳ දැඩි විශ්වාසය තබා දේශය වෙනුවෙන් තම දරුවන් ලබා දුන්නාහ.

'ළමයිනේ අපිට හුගක් ලොකු වැඩක් බාර වෙල තියෙන්නෙ,

ක්ලේමෝ බෝම්බ වැලක් ඇගවටා තබාගෙන දේශය වෙනුවෙන් දිවි දුන් නිලන්ත පුෂ්ප කුමාර


"නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි support team1 එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක. හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....."

වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්‍රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව දෙසිනුත් දරනු ලෙස ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන්නට වුණි. මුහුදු කොටි නායක සුසේ ඇතුලු අනෙකෙකුත් නායකයන් රැසක් සමග විශාල කොටි පිරිසක් මෙම සටනට පැමිණ තිබුණහ. මරාගෙන මැරෙන කොටි පමණක් නොව, පුපුරන්ද්‍රව්‍ය සහිත රතද යොදාගෙන තිබුණි, ඔවුන්ගේ ඉලක්කය වූයේ ආරක්ශක හමුදා අවි ගබඩාවයි.

තම බිලිදිය මෙලොව එලිය දකින්නටත් පෙර දේශය වෙනුවෙන් දිවි දුන් ලලිත් ඡයසිංහ

සර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල high secure 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා targets ගමු.
ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය.
................................

Tuesday, June 19, 2012

නිල්වලා ගඟේ කිඹුල් සංහාරය

පසුගිය කාලයේ මිනිසුන්ට එල්ලවූ තර්ජනය නිසාම දැන් මාතර  නිල්වලා ගග අවට පදිංචිකරුවන් කිඹුලන් මරා දැමීමට පෙළඹී සිටින බව නිතර නිතර නිල්වලා ගෙග් පාවී යන කිඹුල් මළ සිරුරු වලින් පෙනී යයි. වස දමා හෝ වෙඩි තබා කිඹුලන් ඝාතනය කරන බවට සාධක ලැබී ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රසන්ත විමලදාස මහතා කියා සිටියේය.

කිඹුලන් මරා දැමීම දඩුවම් ලැබිය හැකි වරදක් වුව ද ප‍්‍රදේශයේ ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජනයට මුවා වී කිඹුලන් මරා දැමීම දැන් බහුලව සිදුවන බව ද එය වැළැක්වීමට කඩිනමින් කටයුතු කරන බව ද හෙතෙම කීවේය.

ඩයිනෝසර් යුගයේ සිට පරිනාමය වූ කිඹුල් විශේෂ 23 ක් ලෝකයේ දක්නට ලැබෙන අතර මෙරට තෙත් කලාපයේ ගැට කිඹුලා හෙවත් පිට ගැටයා නමින් හඳුන්වන කිඹුල් විශේෂයත් වියළි කලාපයේ හැල කිඹුලා නම් කිඹුල් විශේෂයත් දක්නට ලැබේ. කලින් මෙහි ජීවත් වූ එක් විශේෂයක් වඳවී ගොස් ඇති බවට වාර්තාවේ.

Sunday, June 17, 2012

කටවරදවා ගැනීමෙන් අලුත්ම කැබ්රිය අලකොළආර මැද නවතී

කතරගම දේවියන්ගෙ අඩවියේ හාස්කම් -7 

වනාන්තරයේ ඇති නිහඬ බව බිඳිමින් කැබ් රථයක් පණ ගැන්වෙයි. කුමණ කැලෑව තුළින් නිසංසලව ගලා බස්නා අලකොළහාර ඉදිරියෙනි. අඩි දෙක තුනක වතුර එහි ඇතත් බාධාවක් නැතිව එගොඩ විය හැකිය. රථය ඇතුළේ වනජීවි දෙපාර්තමේන්තුවේ එවකට සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වූ එම්.සී.ජී. රූපසිංහ මහතාය. ඔහු කලක් යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු ලෙස ද ක‍්‍රියා කළේය.

රූපසිංහ මහතාගේ කැබ් රථයට අමතරව තවත් වාහන හතරක් ඉදිරියේ ඇත. මේ වාහන හතර අලකොළහාර අසල නවතා තිබුණේ රූපසිංහ මහතාගේ වාහනය ප‍්‍රමාද වූ නිසාවෙනි. පිරිස මේ යන්නේ කතරගම දෙවියන් වැඩ සිටින බවට විශ්වාසකරන කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මහකැබිලිත්ත දේවාලයටයි.