Thursday, June 28, 2012

එල්ලූම්ගහට ගිය මිනිසුන්ගේ කතාව


1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා ඉතිහාසයේ පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත. එල්ලූම් ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේද ඉංගිරියේ කළුඅප්පුය. ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම කළුඅප්පු කළ වරද විය. ගස් හැමතැනම තිබුණද එල්ලූම් ගස් හැමතැනම නැත. දැනට ලංකාවේ එල්ලූම් ගස් තියෙන්නේ දෙකකි. එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනෙක බෝගම්බර බන්ධනාගාරයේය. යාපනය බන්ධනාගාරයේද එල්ලූම් ගසක් තිබුණද පසුකාලයේදි එය ඉවත් කර තිබේ.

ඉංගිරියේ කළුඅප්පු එල්ලා මැරුවේ වැලිකඩදී බෝගම්බරදී හෝ යාපනයේදී හෝ නොව පෑලියගොඩදීය. එයට හේතුව, මුල් කාලේදී එල්ලා මැරීම කරනු ලැබුවේ මිනීමැරුම් සිදුවූ ස්ථානයට ආසන්නම නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයකය. ඉංගිරියේ කළුඅප්පු එල්ලූමගහට ගියේ පෑලියගොඩ ප‍්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පෝරකයකය.
එදා අළුගෝසුවා වශයෙන් කටයුතු කළේ

Saturday, June 23, 2012

ලාංකීය හදවත් එක්කරමින් ලොවම මවිත කල උතුම් යුධ නාමය

ඒ ලාංකීය ඉතිහාසය දෙපලු කරමින් රුදුරු ත්රස්තවාද ඉහලටම නැගී සිටි කාලයයි. යුද්ධයක් කර පලපුරුද්දක් නොමැති ශ්රීලාංකිකයන් මරණ බියෙන් සිටි අවදියක දැය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට පහල වූ වීර සෙම්පතියා ගැනයි මේ.
.....................................
බයෙන් ඇලලී ගිය යුධ වාතාවරණයක, ලාංකික තරුණ සිත දැඩි කිරීමට දැරූ උතසාහයේ ප්රතිපලය අප අද බුක්තිවිඳින්නෙමු, ශ්රී ලාංකිය හමුධාවට දරුවන් දීමට අකමැති වූ දෙමව් පියන් සෙම්පති නාමය පිලිබ්ඳ දැඩි විශ්වාසය තබා දේශය වෙනුවෙන් තම දරුවන් ලබා දුන්නාහ.

'ළමයිනේ අපිට හුගක් ලොකු වැඩක් බාර වෙල තියෙන්නෙ,

ක්ලේමෝ බෝම්බ වැලක් ඇගවටා තබාගෙන දේශය වෙනුවෙන් දිවි දුන් නිලන්ත පුෂ්ප කුමාර


"නිලන්ත ගබඩාව උන්ට දෙන්නන් එපා කොල්ලො, කොහොම හරි support team1 එනකන් ඕක අල්ලන් ඉන්න කොල්ලො ටිකත් එක්ක. හරි සර් මං මැරුණත් මගෙ රාජකාරිය හරියට කරනව....."

වේලාව උදෑසන 7.30 පමණ වනවිට කුරිරු ත්‍රස්තවාදීන් පුදුකුඩීරුප්පු දෙසිනුත්, නන්දිකඩාල් කලපුව දෙසිනුත් දරනු ලෙස ආරක්ෂක හමුදාවන්ට ප්‍රහාර එල්ල කරන්නට වුණි. මුහුදු කොටි නායක සුසේ ඇතුලු අනෙකෙකුත් නායකයන් රැසක් සමග විශාල කොටි පිරිසක් මෙම සටනට පැමිණ තිබුණහ. මරාගෙන මැරෙන කොටි පමණක් නොව, පුපුරන්ද්‍රව්‍ය සහිත රතද යොදාගෙන තිබුණි, ඔවුන්ගේ ඉලක්කය වූයේ ආරක්ශක හමුදා අවි ගබඩාවයි.

තම බිලිදිය මෙලොව එලිය දකින්නටත් පෙර දේශය වෙනුවෙන් දිවි දුන් ලලිත් ඡයසිංහ

සර්, අපි දැන් කිලෝමීටර් 28ක් විතර ඇතුලට ඇවිත් තියෙන්නෙ. හැම තැනම ටෙරාල high secure 1ක් දීල තියෙනෙ..., ඔව් අපි මෙතන් නැවතිලා targets ගමු.
ගත වූයේ පැය ගනනක් උනත් එය සෙබලුන්ට නිමේශයක් බඳු වේලාවක් විය, ඈතින් සුපෝපබෝගී L.T.T.E රත පෙලක් වේගයෙන් පැමිණෙමින් තිබුනි. විශේශ බලකා සෙබලු 8ක් සමග කොටි කටට ගොස්, මහා විරු දිනයට පැමිණෙන කොටි නායකයන්ට ප්රහාර එල්ල කිරීමට නොබියව බාරගත්තේ, ලාංකීය යුධ ඉතිහාසයේ වීරයන් අතර සිටි තවත් වීරයෙක්, ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහයන්ය.
................................

Tuesday, June 19, 2012

නිල්වලා ගඟේ කිඹුල් සංහාරය

පසුගිය කාලයේ මිනිසුන්ට එල්ලවූ තර්ජනය නිසාම දැන් මාතර  නිල්වලා ගග අවට පදිංචිකරුවන් කිඹුලන් මරා දැමීමට පෙළඹී සිටින බව නිතර නිතර නිල්වලා ගෙග් පාවී යන කිඹුල් මළ සිරුරු වලින් පෙනී යයි. වස දමා හෝ වෙඩි තබා කිඹුලන් ඝාතනය කරන බවට සාධක ලැබී ඇති බව ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රසන්ත විමලදාස මහතා කියා සිටියේය.

කිඹුලන් මරා දැමීම දඩුවම් ලැබිය හැකි වරදක් වුව ද ප‍්‍රදේශයේ ජන ජීවිතයට එල්ලවී ඇති තර්ජනයට මුවා වී කිඹුලන් මරා දැමීම දැන් බහුලව සිදුවන බව ද එය වැළැක්වීමට කඩිනමින් කටයුතු කරන බව ද හෙතෙම කීවේය.

ඩයිනෝසර් යුගයේ සිට පරිනාමය වූ කිඹුල් විශේෂ 23 ක් ලෝකයේ දක්නට ලැබෙන අතර මෙරට තෙත් කලාපයේ ගැට කිඹුලා හෙවත් පිට ගැටයා නමින් හඳුන්වන කිඹුල් විශේෂයත් වියළි කලාපයේ හැල කිඹුලා නම් කිඹුල් විශේෂයත් දක්නට ලැබේ. කලින් මෙහි ජීවත් වූ එක් විශේෂයක් වඳවී ගොස් ඇති බවට වාර්තාවේ.

Sunday, June 17, 2012

කටවරදවා ගැනීමෙන් අලුත්ම කැබ්රිය අලකොළආර මැද නවතී

කතරගම දේවියන්ගෙ අඩවියේ හාස්කම් -7 

වනාන්තරයේ ඇති නිහඬ බව බිඳිමින් කැබ් රථයක් පණ ගැන්වෙයි. කුමණ කැලෑව තුළින් නිසංසලව ගලා බස්නා අලකොළහාර ඉදිරියෙනි. අඩි දෙක තුනක වතුර එහි ඇතත් බාධාවක් නැතිව එගොඩ විය හැකිය. රථය ඇතුළේ වනජීවි දෙපාර්තමේන්තුවේ එවකට සහකාර අධ්‍යක්‍ෂවරයෙකු වූ එම්.සී.ජී. රූපසිංහ මහතාය. ඔහු කලක් යාල ජාතික වනෝද්‍යානයේ භාරකරු ලෙස ද ක‍්‍රියා කළේය.

රූපසිංහ මහතාගේ කැබ් රථයට අමතරව තවත් වාහන හතරක් ඉදිරියේ ඇත. මේ වාහන හතර අලකොළහාර අසල නවතා තිබුණේ රූපසිංහ මහතාගේ වාහනය ප‍්‍රමාද වූ නිසාවෙනි. පිරිස මේ යන්නේ කතරගම දෙවියන් වැඩ සිටින බවට විශ්වාසකරන කුමණ ජාතික වනෝද්‍යානය තුළ පිහිටි මහකැබිලිත්ත දේවාලයටයි.

Monday, June 11, 2012

මරණයේ මිටියාවතේ ඇවිදින පාෂාණ

අමෙරිකාවේ රේස් ට්‍රැක් ප්ලාසා ප්‍රදේශයේ පිහිටි මරණයේ මිටියාවතට ඒ නම ලැබී තිබෙන්නේ නෙත ගැටෙන මානයේ මිනිසෙක්, සතෙක් තබා ගහ කොළක්වත් දක්නට නැති නිසාය. 

ගිම්හාන සමයන්හිදී පොළව දස අතට ඉරි තලා යයි. ශීත කාලයන්හිදී ඒ පැළුම්වල අයිස් බැඳේ. මේ අතර මේ හුදෙකලා පොළව මත කිසිවෙකුටත් නොපෙනෙන අබිරහස් ක්‍රමයකට ලොකු කුඩා ගල් පර්වත සහ පාෂාණ කැබලි ඉදිරියට ඇදෙයි.

ඇවිදින පාෂාණ, යාත්‍රා කරන පර්වත හෝ ලිස්සා යන පාෂාණ වැනි යෙදුම් වලින් හැඳින්වෙන මේ සංසිද්ධිය තවම වටහා නොගත් අබිරහසකි. මිටියාවත පුරා පාෂාණ පැමිණි මඟ සලකුණු දිස්වේ. ඒවා හිස් බිම මත ඇදෙන ගොළුබෙල්ලන් මෙනි. බැලූ බැල්මට චලනය වන බවද නොපෙනේ. සමහර විට ඒවා චලනය වන්නේ මිනිස් ඇසට ග්‍රහණය කර ගත නොහැකි ලෙස විය යුතුය.

Sunday, June 10, 2012

කමාන්ඩෝ සෙබළුන්ට සවියක් වූ 'ස්නෝවි'


වන්නියේ අම්පකාමම් හි කඳවුරක විශේෂ පුහුණුව ලැබූ කොවුලන් නමැති කොටි නායකයා ඇතුළු හය දෙනකුගේ කණ්ඩායමක් 2008 මාර්තු 12 දා වැලිඔය හමුදා පාලන ප‍්‍රදේශයට ඇතුළු වූයේ යුද හමුදා දිගු දුර මෙහෙයුම් එ්කකයේ සෙබළුන් මෙන් කාලයක් සැඟවී සිට වැලිඔය රජයේ පාලන ප‍්‍රදේශයේ හමුදා වාහන වෙත ක්ලේමෝ ප‍්‍රහාර එල්ල කිරීම හා හමුදා අනුඛණ්ඩ වලට පහර දීමටය. මෙයට පෙර වැලිඔය බළසේනා මූලස්ථානය ඉදිරිපිට සිවිල් බස් රථයක බෝම්බයක් පුපුරවා හැරියේද මෙම කොවුලන් ය.

මාර්තු 14 දා කොවුලන් ඇතුළු කණ්ඩායම හමුදා සෙබළුන්ට වෙඩි තැබුවේ තම කණ්ඩායම දැක ඇති බවට සැක පහළ වූ බැවිනි. ප‍්‍රහාර එල්ල කොට කිලෝ මීටර් 2ක් පමණ ඔවුන් ඈතට යද්දී ඔවුන්ව හඹා ගිය සෙබළුන් ඔවුන්ට ප‍්‍රහාර එල්ල කළෙන් එක් ත‍්‍රස්තයකු මියගිය අතර ක්ලේමෝ, පුද්ගල නාශක බෝම්බ, පණිවුඩ හුවමාරු ආදී භාණ්ඩ රැසක් ද වැලිඔය ප‍්‍රහාර සඳහා ඇඳ ගත් සිතියමක් ද සෙබළුන් විසින් සොයාගන්නා ලදී. ඉතිරි වූවන් සොයමින් මෙහෙයුම් ඇරඹූ අතර වහාම වව්නියාවෙන් නිල සුනඛයන් ගෙන්වා කොටි ගිය මාර්ගය සෙවීමට හමුද ප‍්‍රධානීහු කටයුතු කළහ.

Thursday, June 7, 2012

රුවන්මැලිසෑ ප‍්‍රතිසංස්කරණයට ලක්ෂ දෙකහමාරක් පිරිනැමූ ගැමි සිටු වරයා


එය1912 වසරේ ජුනි මස 03 වැනිදාය. තවත් ආකාරයකින් කියනවා නම් එම වසරේ පොසොන් පුර පසළොස්වක පෝ දිනයයි. දහස් සංඛ්‍යාත සැදැහැවත් බොදු බැතිමතුන් පිරිසක් සුදෝ සුදු වතින් සැරසී සුදුවන් වැලි තලයෙන් යුතු රුවන්වැලි සෑ මළුවේ බණ භාවනාදී පිංකම්හි නිරතවී සිටිති. සුදු වතින් සැරසීගත් බාලිකාවෝ පිරිසක් එම සැදැහැවතුන් වෙත පැමිණ ආධාර එකතු කරමින් සිටිති. ඒ රුවන්වැලි සෑ රදුන්ගේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහාය.

ප‍්‍රසන්න පෙනුමකින් යුතු උත්තුංග දේහධාරී වයෝවෘද්ධ සැදැහැවතෙක් කුඩා පිත්තල වංගෙඩියක් තුළ බුලත් විටක් කොටමින් සිටියේය. ආධාර එකතු කරමින් පැමිණි බාලිකාවෝ ඔහු වෙත පැමිණියහ.
”සීයා.... චෛත්‍යයේ ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට ආධාරයක් දෙන්න.” බාලිකාවන් අතර සිටි කටකාර එකියක් කීවාය.

”සීයා?... මම කොහොමද බොලාට සීයා වෙන්නෙ?” වයෝවෘද්ධ සැදැහැවතා සිනාමුසු මුහුණින් යුතුව මෘදු ස්වරයෙන් ඇසීය. ඔහුගේ ප‍්‍රශ්නයට පිළිතුරක් සොයාගත නොහී දැරියෝ පසුබා නිහඬව බලා සිටියහ.

ඒ දරුවො ඔහේට සීයා කියල කථා කළේ වැඩි ආදරේට නේ අප්පුහාමි. සැදැහැවතා අසලින් වාඩිවී සිටි එම වියේම පසුවන අනෙක් සැදැහැවතා බාලිකාවන් වෙනුවෙන් කථා කළේය.
එහෙමද? එහෙනම් ලියාගනිල්ලා මගෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්. සැදැහැවතා ගත් කටටම කීවෙන් බාලිකාවෝ ඔහුට උපහාසාත්මක ලෙසින් සිනාසෙමින් එතැනින් නික්ම ගියහ.