විසිවැනි සියවස මුල් භාගයේ එනම්, මීට වසර
100 කට පෙර 1912 අපේ‍්‍රල් මස 15 වැනි දා අලූයම මගීන් 1514 දෙනකු ඛේදජනක
ලෙස මරණයට පත් කර RMS TITANIC අධි සුඛෝපභෝගී නෞකාව උතුරු අත්ලාන්තික්
සාගරයේ දී ගිලී ගියේය. ඒ වන විට ලෝකයේ ”නොගිලෙන නෞකාව” ලෙස විරුදාවලියක්
ලැබ තිබූ අති නවීන ටයිටැනික් නැව සිය මංගල චාරිකාවේදීම අනපේක්‍ෂිතව
මුහුදුබත් වීම පිළිබඳ පුවත ලෝකවාසීන්ගේ මහත් කම්පනයට හේතු විය. කෙසේ වෙතත්
දශක කීපයකට පසු මෙම සිද්ධිය ජනතාවගේ මතකයෙන් කෙමෙන් ගිලිහී ගියේය.
Saturday, April 28, 2012
නෙතට රසඳුනක් වූ දිගාමඩුලු පරිවාර චෛත්‍යය
වැවයි දාගැබයි ගමයි පන්සලයි සිහිගන්වන
දීඝවාපී පරිවාර චෛත්‍ය දැන් බොහෝ වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වී
ඇත. පරිවාර චෛත්‍ය පිහිටි කඳුමුදුනට නැඟ අවට සිසාරා බලන විට දක්නට ලැබෙන්නේ
නෙතට රසඳුනක් බඳු දසුනකි. වැව්, අමුණු, කෙත්වතු, ඝන වනාන්තරය සහ නැගෙනහිර
වෙරළ තීරයේ දැක්වෙන අහස - පොළොව යා කළ ක්ෂිජය, බලන්නට වටිනා දැකුමෙකි.
සීගිරියේ සඟවා දැමූ අභිරහස්
සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත
නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය
ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන
පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා.
නොවිසදුණු අබිරහස්
මිහිමත ඇති මහා අබිරහසක් වූ ඔරෙගන් සළාව Oregon Vortex :
මේ ස්ථානයට ගිය සැණෙන් ඔබට එහි කිසියම් අමුත්තක් දැනේවි. ස්වාභව
ධර්මයෙහි යම් විකෘතියක් ඇති බව දැනේවි.
ඔබ ගියේ අසකු පිටින් නම් නිසැකව ම
අශ්වයා ඉදිරියට නොගොස් නතර වේවි. ඔබ බලෙන් ඌ ගෙන යන්න හැදුවොත් එය මග හැර
යන්න ඌ වලිකාවි.
සිරි දළදා හාමුදුරුවන්ගෙ හාස්කම් - මෙය එක් සත්‍ය කථාවකි
මේ කතාන්තරය මෙයින් වසර 90 කට පෙර එනම් 1921.05.12 වනිදා සිදු වූ අපූර්ව සිද්ධියකි.
එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ "චාමස්" මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර "ක්‌වීන්ස්" හෝටලයේය.
එවකට මෙරට පාලනය කළේ සුද්දෝය. මේ වකවානුවේ මෙහිසිටි අග්‍රාණ්‌ඩුකරයා වූයේ "චාමස්" මහතාය. ඔහු ඒ දිනවල නැවතී සිටියේ මහනුවර "ක්‌වීන්ස්" හෝටලයේය.
Friday, April 27, 2012
උණු දිය ළිං අතරින් මතුවන බෞද්ධ උරුමය
ති‍්‍රකුණාමලය කී විට හිතේ මැවෙන්නේ වියළි
දේශගුණයක් සහිත ප‍්‍රදේශයකි. එහි පොළවෙහි ඇති වතුරෙහි පවා ඇත්තේ සිසිලක්
නොව, උණුසුමකැයි සිතෙන තරම්ය. එහි සමස්ත ජලය කෙසේ වෙතත් කන්නියාවේ ළිං හතක
ඇති වතුර නම් සැබෑවටම උණුසුම්ය.
කන්නියාවේ උණුවතුර ළිං ලෙස ප‍්‍රචලිත මේ ළිං හත බලන්නට රට රට වලින් පවා
සංචාරකයෝ ලංකාවට එති.
වැස්සට අධිපති දෙවියන්ට පිදු ආඬිගල රජමහා විහාරය
ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව
සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ
පිහිටා තිබේ. අදත් එම සංස්කෘතීන් නමටම සීමා වී නොපැවතීම මෙහිදී දැකිය හැකි
විශේෂ ලක්‍ෂණයකි. අනුරාධපුර කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තඹුත්තේගම රැජින
හන්දියෙන් හැරී කිලෝමීටර් 15ක් පමණ ගියවිට හමුවන ආඬිගල රජමහා විහාරය ද එකී
සුවිශේෂත්වය ඇසින් දැකිය හැකි විඳිය හැකි මනස්කාන්ත පුදබිමෙකි.
Subscribe to:
Posts (Atom)


