Wednesday, July 31, 2013

ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්.....

ඔබේ පෙම්වතිය වැඩිපුරම කැමති, ඒ වුණත් කිසිදා වචනයෙන් නොඉල්ලන දේවල් 45 ක්.


1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.
මේ දේවල් අමතක කරන්නත් එපා . . .


6. ඇයව වැළඳගන්න.

7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

Tuesday, July 30, 2013

පුදුම මිනිස්සු



මානෙල් මම රුවිනිගේ හස්බන්ඩ් සුනිල් කතා කරන්නේ. ඔයාගේ හස්බන්ඩ් කරන හොර වැඩක් අල්ලලා දෙන්නයි මම කතා කළේ. කමල් වෙන ගෑනියෙක් එක්ක යාළුවෙලා ඉන්නවා කියලා ඔයා දන්නවද?”

සුනිල් තම ජංගම දුරකථනයෙන් මානෙල් අමතමින් කීවේය. මානෙල් සුනිල්ගේ බිරිඳගේ සමීපතම යෙහෙළියකි.


ඔයා කියනකම් මට එහෙම දෙයක් ආරංචි වෙලාවත් නැහැ අයියේ. මට නං විශ්වාස කරන්නත් අමාරුයි.

හරි මම වැඩේ ඔයාගේ අතටම අල්ලලා දෙන්නම්. හැබැයි ඔයා මේ බව දන්න වගක් පෙන්නන්න එපා. අපේ රුවිනිටවත් මේක කියන්න එපා.

දින කිහිපයකට පසුව සුනිල් යළි මානෙල්ට දුරකථන ඇමැතුමක් දුන්නේය.


මානෙල් ඔන්න අද ඔයාගේ අතටම වැඩේ අල්ල ගන්න පුළුවන්. කමල් අර ගෑනිත් එක්ක දැන් අළුත්ගම හෝටලයක රූම් එකක් ඉන්නවා.

සුනිල් ගේ කතාව සමඟම මානෙල්ට ඉවසුම් නැතිව ගියාය. සැමියාට මෙපමණ ආදරයෙන් සිටිද්දී ඔහු වෙනත් ගැහැනියක් සමඟ සිටිනවා යැයි ඇසීමද ඇයට දුකක් මෙන්ම තරහක් ද ආවාය.

සුනිල් අයියේ ඔය හෝටලය තියෙන්නේ කොහේද? මානෙල් ඇසුවාය.

ඔයාට තනියෙන් හෝටලයට යන්න බැහැ. කවුරුහරි දැක්කොත් හොඳ නැහැනේ. මම ඔයාව හෝටලයට එක්ක යන්නම්. ඔයා

අළුත්ගම ඩිපෝව ළඟට එන්න.

සුනිල් මානෙල්ගේ හොඳම මිතුරිය ගේ සැමියාවීමත් කලක පටන් ඔහු දන්න නිසාත් මානෙල්ට සුනිල් පිළිබඳ සැකයක් ඇති වූයේ නැත.

ඇයට උවමනාව වී තිබුණේ තම සැමියා වූ කමල් ව ඔහුගේ අනියම් බිරියත් සමඟ අතටම අල්ලා ගැනීමය.


විනාඩියට දෙකට සූදානම් වූ මානෙල් ඩිපෝව සමීපයට පැමිණ සුනිල් ව හමුවුණාය.

මම බයිසිකලෙන් ඉස්සරවෙලා යන්නම්. ඔයා පිටිපස්සෙන් එන්න.

යතුරු පැදිය හෝටලය ඉදිරිපිට නතර කළ සුනිල් මානෙල් එතැනට එනතුරු බලාගෙන සිටියේය.

අන්න අර කාමරේ තමයි දෙන්නා ඉන්නේ සුනිල් අත දිගහැර හෝටලයේ කාමරයක් මානෙල්ට පෙන්නුවේය.

එහෙනම් අපි මෙතන හැංගිලා ඉඳීමු.

මානෙල් එසේ කීවද සුනිල් එයට හරස් විය.


මෙතන ඉන්න බැහැ. අනික මෙතන පැය කීයක් ඉන්න වෙයිද කියලා කවුද දන්නේ. කවුරුහරි අපි දෙන්නව දැක්කොත් තවත් මොනවාහරි හිතාවි. කමල් ඉන්න කාමරයට එහා කාමරයෙ අපි ඉඳීමු. කොයිවෙලාවේ හරි කමල් එළියට එයිනේ. නැත්නම් අපි මෙතැන ඉන්නව දැක්කොත් එයාලා මාරුවෙයි.

සුනිල් පිළිබඳ සැක සිතන්නට ඇයට උවමනාවක් නැත. ඒ ඇය සුනිල් ගැන හෙඳීන් දන්නා නිසාය. ඇය සුනිල්ගේ ඉල්ලීමට එකඟ වූවාය.

කාමර ගාස්තුව ගෙවා දැමූ සුනිල් මානෙල් සමඟ කාමරය ඇතුළට ගියේය. මානෙල් එහි තිබූ ඇඳ මත වාඩි වූවාය.

සුනිල් කාමරයේ දොර වසන්නට සූදානම්

විය.


ඇයි දොර වහන්නේ?”

කමල් මේකට එබිල බලයිද දන්නේ නැහැ. එහෙම වුණොත් ඔයාට හොඳ නැහැනේටික වේලාවක් කාමරයේ පුටුවකට බරවී නොයෙකුත් දේ කියමින් සිටි සුනිල් එකවරම සිය ජංගම දුරකථනයේ කැමරාවෙන් කාමරයේ ඇඳ උඩ සිටින මානෙල්ගේ ඡායාරූප කිහිපයක් ගත්තේය.

මොකටද සුනිල් අයියේ ෆොටෝ ගන්නේ

ඔයාට මේවා කමල්ට පෙන්නලා කියන්න පුළුවන්නේ මමත් මෙහා පැත්තේ කාමරයේ හිටියා කියලාමානෙල් ගේ ප්‍රශ්නෙට සුනිල් දුන්නේ එවන් උත්තරයකි.


ඔයා කාමරය ඇතුළට වෙලා ඉන්න මම එළියට ගිහින් කමල් ව බලල එන්නම්

එසේ කියූ සුනිල් කාමරයෙන් එළියට ගියේය.

විනාඩි පහකින් පමණ සුනිල් යළි කාමරයට ආවේය.

මාර වැඩේනේ වෙලා තියෙන්නේ මේ දැන් කමලුයි ඒ ගෑනියි හෝටලයෙන් ගිහින්.

සුනිල් එසේ කියද්දී මානෙල්ගේ බලාපොරොත්තු සියල්ල සුන්වී ගියාය.

අපි දැන් ගෙදර යමු. ඔයා මේ ගැන කමල්ට දැන ගන්න තියන්න එපා. ඊ ළඟ දවසේ මම වැඩේ අතටම අල්ලලා දෙන්නම්.

මානෙල්ගේ බලාපොරොත්තුව ඉටු කිරීම සුනිල් වෙනත් දිනයකට කල් දැමුවේය. කාලය ගෙවී ගියේය.


මානෙල් වෙනදා මෙන් සුපුරුදු පරිදි නිවෙසේ වැඩ කටයුතු කළාය. කමල් පිළිබඳ කළකිරුණු සිතක් තිබුණු ඇය ඒ ගැන කමල්ට දැන ගැනීමට ඉඩ නොතැබුවාය.


සුනිල් තම සැළසුමේ දෙවැනි පියවර පටන් ගත්තේ මින් පසුවය.

ඔහු මානෙල්ට යළි දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය.

මානෙල් මට ඔයා හම්බ වෙන්න ඕන

ඇයි? සුනිල් අයියේ...

ඔයා එදා ගිය හෝටලයට මාත් එක්ක යන්න එන්න ඕනේ

මට බැහැ.

ඒ මොකද ?”

ඔයා යන්න අකැමැති නම් එදා හෝටලයේ දී ගත්තු ෆොටෝ ටික මම කමල්ට පෙන්නනවා.

සුනිල්ගේ කතාවට මානෙල් අන්දුන්කුන්දුන් විය. සුනිල් බොරුවක් ගොතා තමාව හෝටලයට රැගෙන ගොස් ඇති බව ඇයට තේරුම් ගියේ එවිටය.


සුනිල් මෙබඳු අයකු යැයි ඇය දැන ගත්තේ එදාය. තම මිතුරියගේ සැමියා වූවද අවශ්‍ය දේ කර ගැනීමට ඔහු මාන බලන බව මානෙල්ට තේරුම් ගියාය.

නමුත් සුනිල් කියන දෙය කරන්නට ඇයට සිත් දුන්නේ නැත. ඇය මේ පිළිබඳ බොහෝ දුර කල්පනා කරන්නට වූවාය.

දින තුනකට පසුව සුනිල් නැවතත් මානෙල්ට දුරකථන ඇමතුමක් දුන්නේය.


මට බැහැ. මම එන්නේ නැහැ. මම කාමරයට වෙලා වාඩිවෙලා හිටියා විතරයිනේ. ඒ නිසා ඔයාට ඕන දෙයක් කරන්න. මම බය නැහැ.

දුරකථන ඇමතුමට පිළිතුරු දෙමින් මානෙල් කියන්නට වූවාය.

ආ... එහෙමද තමුන්ගේ ගෑනි පිරිමියෙක් එක්ක හෝටලයක කාමරයක හිටියා කියලා කිව්වහම එතැනින් එහාට වෙන දේ දන්නවානේ. මම ඒ වැඩේ කරන්නම්. හරි හරි මම කමල්ට ෆොටෝ ටික පෙන්නන්නම්

සුනිල්ගේ කතාවෙන් මානෙල් අසරණ වූවාය. ඇය දෙළොවක් අතර තනි වූවාය.


සුනිල් සමඟ කාමරයක තනියෙන් සිටි බව කමල් දැනගතහොත් පවුල් ජීවිතය පවා අවුල් වේ යැයි සිතූ මානෙල් අවසානයේ දී සුනිල්ගේ ඉල්ලීම ඉටු කිරීමට එකඟ වූවාය.

ඇය දින කිහිපයක්ම සුනිල් සමඟ ඒ හෝටලයට ගියාය.

පසුව සුනිල් ඇයගෙන් මුදල් ද ඉල්ලා බලපෑම් කළේය. මානෙල් තමන් දන්නා හඳුනන මිතුරියකගෙන් ලක්ෂ තුනකට අධික මුදලක් සුනිල්ට අරගෙන දුන්නාය.


සුනිල් ගේ බලපෑම් එන්න එන්නම වැඩි වෙද්දී කර කියා ගත දෙයක් නොවූ මානෙල් අවසානයේ දී තම සැමියාගේ පිහිට පැතුවාය.

මානෙල් කියූ සියල්ල අසා සිටි ඇගේ සැමියා ඉවසීමෙන් කටයුතු කළේය. දෙදෙනාම බේරුවල පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ පැමිණිලි කළහ.

බේරුවල පොලිස් ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ මහතා ඔවුන්ගේ පැමිණිල්ල සාවධානව අසා වැඩිදුර පරීක්ෂණ කටයුතු අපරාධ අංශයේ ස්ථානාධිපති ගුණතිලක මහතාට පැවරුවේය.


පොලිස් නිලධාරීන් සුනිල්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළේ ඉන් අනතුරුවය. මානෙල් තම කැමැත්තෙන්ම තමුන් සමඟ පැමිණි බව ඔහු පොලිසියට පැවැසුවේය.


මානෙල් සුනිල්ට මුදල් අරගෙන දුන්නේ යැයි කියනු ලබන කාන්තාවකගෙන්ද පොලිසියට කට උත්තරයක් ලබා ගත්තේය.

මානෙල් වරින්වර රුපියල් ලක්ෂ තුනකට වැඩි මුදලක් තමුන්ගෙන් ණයට ඉල්ලා ගත් බවත් ඒවා සුනිල් නමැති අයකුට දුන් බව තමා දන්නා බවත් ඇය පොලිසියේදී කියා සිටියාය.


ව්‍යාජ අන්දමින් ලබාගත් ඡායාරූප පෙන්වා බිය ගන්වා ස්ත්‍රී දූෂණය සිදුකර රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වරින් වර ලබාගෙන එය නොදී පැහැර හැරීම යන චෝදනා යටතේ උසාවියට ඉදිරිපත් කළ සුනිල් මේ වනවිට සිටින්නේ බන්ධනාගාරගතව ය.

Tuesday, July 23, 2013

බෝධියේ නයා දරුවෙක් වී ඉපදුණු හැටි

බෙලිඅත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංපිටිය ඓතිහාසික ගම්මානයකි. වළගම්බා රජ සමයටත් එහා ගිය අතීතයක් එහි පවතී. බෙලිඅත්ත-ගැටමාන්න මාර්ගයේ මෙම සුන්දර ගම්මානය පිහිටා තිබේ.

වසර සිය ගණනක් පැරණි බෝධිය, අංපිටිය ගම්මානයේ ඓතිහාසික පසුබිම මනාව පිළිබිඹු කරයි. විශේෂයෙන්ම පොල්කන්ද ඇළෙන් උඩ කොටසේ පදිංචිකරුවන් උඩු පිල ලෙස ද එම ඇළෙන් මෙහා පැත්තේ පදිංචි අය යටි පිල ලෙසද බෙදී ඇත. අතීතයේ සිට චාරිත‍්‍රයක් ලෙස අං ඇදීම සිදු කළ නිසා මෙම ගම්මානයට අංපිටිය ලෙස නම ලැබී තිබෙන බව කියති.

එම ගම්මානය තුළ බෝධීන් වහන්සේලා කිහිප නමක්ම දැක ගත හැකි අතර ඉන් අංපිටිය බෝධියට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම එහි අරක් ගෙන සිටි සුදු නාගයකු

Monday, July 22, 2013

ඇසළ පොහෝය අදයි

“ සබ්බ දානං ධම්ම දානං ජිනාති '' - www.mkithmina.blogspot.com

ඉන්දියාවේ මෙන්ම අප රටෙහි ද ස්වභාව ධර්මයා මඟින් ඇසළ සමය තුළ සශ්‍රීක භාවය ලබාදීම නිමිති කරගෙන ඇසළ උත්සව පැවැත් වූ බව, පැරැණි පත පොතෙහි සඳහන් වෙයි.

සිද්ධීන්ගෙන් බහුල ඇසළ මාසය, බෞද්ධ ජනයාට කිහිප අතකින් වැදගත් වෙයි.

වෙසක් පොහෝ දින, අප තිලෝගුරු බුදුපියාණන් ගේ ඉපදීම, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල් කරුණු සම්බන්ධයෙන් ද, පොසොන් පෝ දින දෙවන පෑතිස් රජ සමයේ මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම ලක්දිවට ගෙන ඒම සම්බන්ධයෙන් ද බෞද්ධ ජනතාවට කොතරම් වැදගත්වේද, ඒ හා සමාන වැදගත්කමක් ඇසළ පොහෝ දිනට ද ලැබී ඇත.

Wednesday, April 17, 2013

මරණාසන්න මොහොතේ පහළවන දර්ශන

බුදුරජාණන් වහන්සේ තම දහම වැළඳගන්නා ලෙස කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ ශාස්තෘවරයන් වහන්සේ නමකි. තම දහම පරික්‍ෂාකර බලා ගැළපේ නම් පමණක් එය අනුගමනය කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කොට වදාළහ

තමන් අදහනු ලබන ආගම ධර්මය කුමක් වුවද මරණාසන්න අවස්ථාවේදී දර්ශනය වන නිමිති පහක් පිළිබඳව බුදුදහමේ කරුණු සඳහන් වේ.

මරණයට පත්වීමට ආසන්නව සිටින අයෙකුට දර්ශනය වන මෙම පංච නිමිති පිළිබඳව පරීක්‍ෂාකර බලා විමර්ශනයක් සිදුකළ විට මෙම නිමිතිවල ඇති සත්‍ය අසත්‍ය බව ප්‍රත්‍යක්‍ෂ කරගත හැකිය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පේ‍්‍රතවත්තු , විමානවත්තු වැනි සූත්‍ර දේශනා කරනු ලැබුවේ මනුෂ්‍යයන්

Tuesday, April 16, 2013

සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි

"සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්. ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ. කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "......

Monday, April 15, 2013

කොටි මවිත කරමින් දිය මතුපිට ඇවිද යමින් කල මහා මෙහෙයුම

-----*කොටි මවිත කරමින් දිය මතුපිට ඇවිද යමින් කල මහා මෙහෙයුම.*-----

"දිගටම ෆයර් කරගෙන යන්න, ඔක්කොම කවර් වෙලා ෆයර් කරන්න. මෙහෙයුමේ යෙදී සිටි අපේ හමුදා නායකයා කෑගසමින්, වෙඩි තබයි. සර් අපි කොච්චර ගහුවත් වැඩක් නෑ සර්, ටෙරෙ හැංගිලා ඉන්නෙ, මෙහෙම ගැහුවට කවදාවත් උන්ගෙ බංකරේ අල්ලන්න වෙන්නෙ නැහැ. "

..................................... ................... .......................
කොටි බංකරය පිහිටා තිබුනේ 100m ක් පමණ පලළ ගඟකින් එහා පසය.

සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි

"සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්. ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ. කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "......
ඒ ඇසුනේ හමුධා නිලධාරීන් පිරිසක් කොටි සම්ප්රේෂණ කුලුන ගැන කතා කරන හඬයි.
............................................
ගුවන් හමුදාව සඳහා නිවැරදි භූමි තොරතුරු ලබා දීමට පැවරුනේ දිග දුර මෙහෙයුන් බලකායේ අටේ කණ්ඩායමකටයි.

Saturday, March 30, 2013

ගාල්ල මහින්දයේදී උපන් අපේ ජාතික ගීය




ජාතික ගීය රටක පුරවැසියන්ගේ හදවතට පමණක් නොව ලේ මස් ඇට නහර පුරා කා වැදී ඇති ජාතියේ උත්තරීතර වූ සංකේතයයි. පුරා වසර 150 ක් බි‍්‍රතාන්‍ය ජාතික ගීය වූ ,ඨදා ී්ඩැ එයැ ණසබට, ගීයට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නමස්කාර කළ අපි 1948 දී ලැබූ නිදහසත් සමග අපේම ජාතික ගීතයක් නිර්මාණය කර ගැනීම සඳහා ඇප කැප වූයෙමු. 



එහෙත් අද අපේම ජාතික ගීයට නමස්කාර කරන ලාංකිකයන් බොහෝ දෙනෙක් එම දැවැන්ත නිර්මාණය බිහිවීමට අදාළ බොහෝ සුලමුල නොදනිති. ඒ අභිමානවත් මෙන්ම ශෝකාන්තයක් බවට ද පෙරළුණු ඉතිහාස කතාවයි මේ.

භාරත මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා ලංකාවේ කළ සංචාර තුනේදී එතුමාගේ ගීත නාට්‍ය නරඹා ඇති වූ උද්දීපනය නිසා 1936 දී ශාන්ති නිකේතනයට ගොස් සංගීතය හා චිත‍්‍ර හැදෑරූ ජෝර්ජ් විල්ප‍්‍රඞ් අල්විස් සමරකෝන් යළි ලංකාවට ආවේ ‘‘ආනන්ද සමරකෝන්’’ ලෙසිනි. ඉනික්බිති ගුරුවරයකු ලෙස වෘත්තිය අරඹා බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලයෙන් පසුව ආනන්ද සමරකෝන් නම් සංගීත හා චිත‍්‍ර ගුරුවරයා 1938 සිට 40 දශකයේ මුල්භාගය රාජකාරි කලේ මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩක් වූ ගාල්ලේ මහින්ද විද්‍යාලයේය.