1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා
ඉතිහාසයේ පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත. එල්ලූම්
ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේද ඉංගිරියේ කළුඅප්පුය.
ඉංග්රීසි ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම කළුඅප්පු කළ වරද විය. ගස් හැමතැනම
තිබුණද එල්ලූම් ගස් හැමතැනම නැත. දැනට ලංකාවේ එල්ලූම් ගස් තියෙන්නේ දෙකකි.
එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනෙක බෝගම්බර බන්ධනාගාරයේය. යාපනය බන්ධනාගාරයේද
එල්ලූම් ගසක් තිබුණද පසුකාලයේදි එය ඉවත් කර තිබේ.
ඉංගිරියේ කළුඅප්පු එල්ලා මැරුවේ වැලිකඩදී බෝගම්බරදී හෝ යාපනයේදී හෝ නොව
පෑලියගොඩදීය. එයට හේතුව, මුල් කාලේදී එල්ලා මැරීම කරනු ලැබුවේ මිනීමැරුම්
සිදුවූ ස්ථානයට ආසන්නම නගරයේ ප්රසිද්ධ ස්ථානයකය. ඉංගිරියේ කළුඅප්පු
එල්ලූමගහට ගියේ පෑලියගොඩ ප්රදේශයේ තාවකාලිකව ඉදිකළ පෝරකයකය.
එදා අළුගෝසුවා වශයෙන් කටයුතු කළේ
එදා අළුගෝසුවා වශයෙන් කටයුතු කළේ